(රන්ජන් කටුගම්පොල)

අනුරාධපුර ප්‍රදේශයේ දේශපාලන රැස්වීමක් අමතමින් සිටියදී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජානක පෙරේරා සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක්  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ විත්තිකරුවකු ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙත්සම ඉවත දැමීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට අනුරාධපුර මහාධිකරණය මගින් නියම කර තිබූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම තහවුරු කළේය.

මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණිණ