යාල වනෝද්‍යානයේ වෙහෙරගල ජලාෂයේ වාන් දොරටු හයක් විවෘත කිරීමත් සමග මැණික් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් සෙල්ල කතරගම ගඟ මැද පිහිටි ගණ දේවාලය ද, කඩ කදිහිපයක් ද යටවී ඇත.
පසුගිය දෙසැම්බර 12 වැනිදායින් පසු මැණික් ගඟ පිටාර ගැලූ තෙවැනි අවස්ථාව මෙයයි.
වෙහෙරගල වාන් දොරටු අඩි හතර බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු අමරජිත් ලියනගේ මහතා කියයි.
කතරගම, මයිලගම තිලකාරාමය අසල පාළම , දඹේපාර, රක්ෂ්මී දේවල රථගාල ද නිවා ස ද යට විය.
ප්‍රාදේශීය ලේකම් ටී බී එම් අතපත්තු මහතා සහන සලසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැණික් ගඟ යළි උතුරයි
නිදහස් Wednesday, 09 January 2013 01:50 AM
මිනිසා- අනේ දෙවියනේ මගේ දුකට පිහිට වන සේක්වා! දෙවියන් - මගේ දෙවොලත් යටවෙලා කොට මිනිස්සුන්ට පිහිට වෙන්නේ කොහොමද? (නි)
රොකී Tuesday, 08 January 2013 04:56 PM
දේවි වරුන්ට කරන්න දෙයක් නෑ..අනතුරක් කර ගන්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්න (ස)
සෑම් Tuesday, 08 January 2013 05:17 PM
උඩ ඉන්න කට්ටියට හූ හූ හූ.... (නි)
මලිත් Tuesday, 08 January 2013 05:43 PM
සේලල කතරගම යටවුණ පළමු වතාව නෙමෙයි මේ . ගඟේ දේවාලය නිතරම යට වුණා (ස)
නිමල් Wednesday, 09 January 2013 08:21 AM
මිනිසුනේ පරිස්සමෙන් (දී)
සිල්වා Tuesday, 08 January 2013 05:52 PM
උත්සව සමයට කතරගම සහ අවට ඇති අපද්‍රව්‍ය සේදීයාමටත් එක්ක හොදයි. ජීවිතහානි නොමැති නම් වඩා හොදයි. (නි)
අශෝක Tuesday, 08 January 2013 06:29 PM
දෙවියොත් කෝපවෙලා තමයි. පුදබිම අපායක් කරන අයගෙන් අපිරිසිදු වුණු පුදබිම සෝදා පිරිසිදු කරන්නයි මහ වතුර ගලන්නේ. (නි)
ශාන් Wednesday, 09 January 2013 09:43 AM
දෙවියන්ට නාන්න හිතිලාවද්ද කියලා හිතෙනවා මේවා දකිද්දී. (නි)
නිමල් Tuesday, 08 January 2013 07:26 PM
විශාල වතුර ප්‍රමාණයක් (දී)
අසංක Tuesday, 08 January 2013 07:26 PM
ඒ මිනිස්සු අතරමං වෙලාද (දී)
ජනක Wednesday, 09 January 2013 09:49 AM
ශාන් දෙවියන් එක්ක විහිළු කරනවද ?.. මෙහෙම දේවල් වෙනවා තමයි (ස)
හේරත් Tuesday, 08 January 2013 03:01 PM
කෝ දැන් හිටපු දෙවිවරු ? (ස)
සුනිල් Tuesday, 08 January 2013 08:24 PM
රට පුරාම ඇති ගංගා, ඇළ දොළ සියල්ල උතුරා ගියත් රටේ තිබෙන පවු නම් සේදෙන එකක් නැහැ. (නි)
අසංක Tuesday, 08 January 2013 08:27 PM
බය වෙන්න එපා (ස)
සන්ජු Tuesday, 08 January 2013 08:36 PM
එතකොට මේකටත් කවුරු හරි වගකියන්න ඕනිද ?(ස)
සුකුමාල් Wednesday, 09 January 2013 10:22 AM
දෙවියන් - මගේ දෙවොලත් යටවුණ කොට මිනිස්සුන්ට පිහිට වෙන්නේ කොහොමද? (ස)
චමල් Wednesday, 09 January 2013 10:33 AM
මේකට දෙවියන්ට කරන්න දෙයක් නැහැ. කරන්න පුලුවන් වුණත් කරන එකකුත් නැහැ. (නි)
දිලීප් Tuesday, 08 January 2013 03:21 PM
ඇයි දෙවියනේ මේ පුද බිම යටවෙන්න ඉඩහැරියේ (ස)
යටියන ගුණේ Wednesday, 09 January 2013 10:38 AM
මේක දේව කෝපයක් , දෙවියන්ට මුවාවෙලා අහිංසක මිනිස්සුන්ගෙ දේව භක්තිය හූරගෙන කන අය ගොඩක් ඉන්නවා .ඒකයි මෙහෙම වෙන්නේ . (ස)
ලලිත් - කටාර් Wednesday, 09 January 2013 10:42 AM
ගංවතුරටවත් මේ නගරයේ තිබෙන අපද්‍රව්‍ය පිරිසිදු වේවිදැයි සැකයි. (නි)
පැතුම් Tuesday, 08 January 2013 03:40 PM
දෙවියොද ඒකටත් වැරදි (ස)
ඉන්දීවර Tuesday, 08 January 2013 03:47 PM
මේ තමයි ලෝක විනාසේ (ස)
රසික Thursday, 10 January 2013 09:57 AM
මේවට දෙවියන්ට දොස් කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
රංග Wednesday, 09 January 2013 11:47 PM
අනේ මෙහෙමත් මිනිස්සු? දෙවියන් ඔය එකතැනකවත් නැහැ. (නි)
චමී Tuesday, 08 January 2013 04:13 PM
දෙවියොන්ට මුකුත් වෙන්නේ නෑ. මිනිස්සු තමයි පව් (ස)
තාම් Tuesday, 08 January 2013 11:47 PM
කෝ අපේ බල සේනාව? (නි)
සුරංගි Tuesday, 08 January 2013 04:26 PM
රටේ වෙන දේවල් එක්ක බලද්දි දේව අඩවියත් ගං වතුරෙන් ගසාගෙන යාම පුදුමයක් නොවේ (ස)
සිරිසේන Tuesday, 08 January 2013 04:30 PM
දෙවියෝ කෝප වෙලා කියලයි මට හිතෙන්නේ (ස)
ජීවක Tuesday, 08 January 2013 04:36 PM
ඊයා.. අවට ඔක්කොම වැසිකිලි ටික උතුරලා මේ වතුරට එකතුවෙලා ඇති (ස)