වසර 63කට පමණ පෙර හර්බට් එම් සෙනවිරත්න මහතා ලියූ ගීතයක් අනවසරයෙන් පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් වීරරත්නට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කළේය.
ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
මියගිය එම් සෙනවිරත්නගේ ‘මට ආලෝකෙ ගෙනදේවි‘ ගීතය විකෘති කළැයි එහි දැන් හිමිකරුවන් වන ඔහුගේ බරිය ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තමයි, මටත් හරිම දුකයි ඉරාජ්ගේ මේ වැඩේට. (නි)
අශාන්, 1950/60 දෂකයේ පරණ සිංදුවේ පුදුමාකාර ලස්සනක් තියෙනවා. එය කලින් ඉන්දියාවෙ පරණ සින්දුවක තනුවක් වුවත් එය ඉරාජ් හැදුවේ නැනේ .ඉරාජ් එයා ගොඩක් දක්ෂ කෙනෙක්. පරණ සින්දු හොරකම් තමන්ගේම සිංදුවක් හදාගන්න බැරිද."රඟහල දැන් ඇත අඩ අඳුරෙ" එකටත් කෝටියක් වන්දි ගෙව්වා විජේරත්න වරකගොඩට. අලුත් දෙයක් කරන්න. (ස)
පරණ සිංදු කොපිකරන හැමෝටම මේක හොද දඩුවමක්.(නදී)
මම හිතන්නේ මේ වෙනුවෙන් ඉරාජ් සත පහක්වත් නොගෙවිය යුතුයි කියාය (ස)
අනුන්ගේ සින්දු විනාස කරන අයට දඩුවම් දිය යුතුමයි (ස)
සිංදු හොරා.... (නි)
අද සමහර තරුණ ගායක ගායිකාවන්ට ආලෝකේ ගෙන දෙන්නේ පැරණි ගීත වලට පින්සිදු වෙන්න.(ස)
අපි නම් ඔය දේවල් වලට කලින් ඉදන්ම විරුද්ධයි. (නි)
දැන්ද ඇස් ඇරිලා තියෙන්නේ? (නි)
ඒ වුණාට ඔය ගීතයේ පරණ ගීතය ගායනා කරන්නේ ඉන්දියානු ගායිකාවක්. (නි)
අවුරුදු පහ හයකට පස්සෙනෙ මතක් වෙලා තියෙන්නෙ, නඩු දාන්න. ඔන්න බලන්නකො ඕක. හින්දි තනුවක් නිසා ඉරාජ්ගෙ නඩු ගාස්තුත් ගෙවලා තව වන්දියකුත් ගෙවලා හිගමනට වැටෙන්න වෙයි. (නි)
පරණ සිංදු කිවුවත් වැරදියි. නොකිවුවත් වැරදියි. (නි)
වැඩේ වැරදි නම් මෙච්චර කාලයක් නඩු දාන්න ඇයි බලාගෙන හිටියේ? (නි)
සිංදුව ලියන කෙනාට ගීතය එයාගේ දරුවන් වගෙයි. (නි)
මම නම් කියන්නේ මේක ඉතා හොඳ දෙයක්. වරක් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක කියල තිබුණ අනුන්ගේ ගී සොරකම් කර ගයන අයගේ දිව කපාදමන්න නියෝග දියහැකි අයකු මේ රටේ ජනාධිපති කළයුතු බව. ඒ අනුව බැලුවම මේ දඬුවම ඉතාම සාධාරණයි (ස)
අද පරන සිංදු එකක්වත් ඒ විදියට අහන්න නැහැ. ඔක්කොම කාලා තියෙන්නේ. හොද වැඩේ නඩු දාපු එක. (නි)
කලින් සිංදුව කොච්චර ලස්සනද ? (ස)
මෙයා මාධ්‍යයට නම් කිව්වේ මෙයාගේ වාහනය කෝටි තුනක් වටින බව.(නදී)
අපේ රටේ එක එක හොරු ඉන්නවා. තව ගොඩක් ඉන්නවා මේ වගේ අය. ඒ හැමෝටම දඩුවම් දෙන්න (ස)
හොරුන්ට කඩේ යන්න එපා (ස)
ඉරාජ් සැබෑ දක්ෂයෙක් නම් ඔහුට තිබුණේ තමන්ගේ සිංදු වලින් ප්‍රසිද්ධ වෙන්නයි. (නි)
ඒ ළමයා අමාරුවේ දාලා පෝසත් වෙන්න හදන එක පවු වැඩක්. (නි)
ඉරාජ් ඔය සින්දුවෙන් ලක්ශ 10ක් වත් හම්බ කරේ නැ.කොටියක් වැඩියි නේද ? (ස)
වන්දි ඉල්ලන්නේ ගීතය විකෘති කළාට පමණයි නේද (නි)
හර්ෂණ ඔයා එයාගේ එකවුන්ටන්ද ? මෙයාලා පරණ සිංදු විනාස කරනවා. ඒ මදිවට සල්ලිත් හොයනවා (ස)
හරි නම් වැරැද්ද කරලා තියෙන්නේ ඔය දෙගොල්ලොමයි. මොකද ඕක ඉන්දියාවෙ තනුවක්. (නි)
අනේ අපේ සංගීත කලාවට ගිය කල? (නි)
සදාචාරාත්මක විරෝධී වැඩ වලට දැන්වත් දඩුවම් දීම ආරම්භ විය යුතුයි (ස)
ඕක හිංදි තනුවක් නේද? මෙරා චෝටා ස දේඛෝයෙ සංසාර හෛ.. මෙරා ජීවන් හෛ යේ මෙරා සිංගාර හෛ........... (ස)
අතීතය විනාශ කරන්න එපා. (දී)
මම චන්දනට එකගයි. මේක ආයෙත් පරණ සින්දු හොරකම් කරන්න යන අයට හොද අදර්ශයක්.මින් මතුවට සින්දු හොරකම් නැති විය යුතුයි. (ස)
අභාවයට යන ගීත වලට සේලයින් පොවලා පණගන්වා ගන්නවට මෙහෙම දඩුවමක්??? (නි)
ඇත්තටම හොඳ වැඩක් (ස)
මේකට දැන් දඩුවම් නොදුන්නොත් හැමදාම මේ දේම කරයි. (නි)
තමන්ගේ නිර්මාණ කරන්නේ නැති අය හැමෝටම ඕක කරන්න ඕන. හොඳ වැඩක්.. (ස)
මේ වගේ දේවල් ගැන අදාල පාර්ශවයන් හොදට හොයල බලන්න ඕනේ. (දී)
සිංදුව නව රැල්ලේ හිට් වුණේ ඉරාජ්ගෙ මියුසික් වලින්.සිංදුව කොපි කරන්න කලින් අවසර ගන්න තිබ්බා, කවුරුත් කලාකරුවො. කතාබහ කරල බේරුමක් කරගන්නවනම් හොඳයි. සංගීත්ගෙ "රඟහල දැන් ඇත අඩ අඳුරෙ" එකටත් කෝටියක් වන්දි ගෙව්වා විජේරත්න වරකගොඩට. (ස)
වැරදි නම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔනේ. (දී)
කාටවත් දැන් වෙන අයගේ සිංදුවක් කොපි නොකර තමන්ගේම සිංදුවක් හදාගන්න බැරි හැටි? (නි)
අද කාලේ අලුත් දෙයක් කළොත් කාටද බාධා නැත්තේ? (නි)
හැමදේටම ක්‍රමයක් තියෙනවා අනුගමනය කරන්න. ට්‍රැක් පැන්නොත් දඩුවම් ලැබිය යුතුයි. මේවා පොදු දේවල් නෙමෙයිනේ (ස)
කිවුව ගායකයා මියගිහින් නම්, ඉරාජ් මේක කිවුවට මහජනයාගේ අකමැත්තක් තිබුණෙත් නැත්නම්.....?? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඉන්දියානු කාලවට යටවෙලා තිබුණ ලාංකාවේ සංගීත කාලවේ නව ඇරඹුමක් ලබාදුන් පුද්ගලයන් දෙතුන් දෙනා අතර ඉරාජ් ඉන්නෙ ප්‍රමුඛ තැනක. දෙසවනින් ඈත් වී ගිහින් කැලෑ වැදිච්ච සිංදුවක් තාරුණ්‍යයට නැවත අහන්න සලස්වල ඉරාජ් කළේ වැරැද්දක් නෙමෙයි. මමත් ඕක ඇහුවට පස්සෙ තමයි පරණ සිංදුව හොයල ඇහුවෙ. ඔය අයිතිය කියන අයගේ එකම බලාපොරොත්තුව මුදල්. අනෙක් විහිළුව නම් ඔය ගීතයෙ තනුව හින්දි එකක්. ඒක ඉරාජ් දැනගත්තෙත් ඉන්දියානු එම් ටීවී එකේ ඕක ප්ලේවුණාට පස්සෙ හින්දු ගීතයෙ අයිතිකරුවන් ඉරාජ්ට කතා කළාම. ඔවුන් සමඟ කතා කළාම ඉරාජ්ට ඔවුන් අවසර දී තිබෙනව. ඒත් ඕක මුලින්ම ඉන්දියාවෙන් හොරකම් කරපු ලංකාවේ අයට තමා ඉරාජ් එක්ක ප්‍රශ්ණෙ. ඔන්න ඔහොමයි ජාත්‍යන්තරය ජයගත් ලාංකිකයන්ට අපේ අය සලකන්නේ. ලැජ්ජයි. (ස)
අද කාලේ තරුණයන්ට ඉදිරියට එන්න දෙන්නේ නෑ ...තමන්ගේ තැන නැතිවෙයි කියලා...(ස)
රසිකගේ කියමන හරි . ඒත් සින්දුවේ නියම හිමිකරුට දන්වලා , ගෙවීමක් කරලා වෙනසක් කරානම් හොඳයි (ස)
අපේ ඡන ගී විකෘති කරන අයටත් ඔයා දඬුවම දෙන්න ඕන .. (ස)
අනේ මන්දා (දී)
අනික ඕය ගීතය රිලීස් වෙලත් අවුරුදු පහ හයකට වැඩී ඒත් ඔය නඩු දාන්න හදන අයට දැනුයි ඒක ඇහිල තියෙන්නෙ.(ස)
සිංදුව පරණද අලුත්ද කතාව අත් හරින්න. තමන්ගේ නිර්මාණ කරන්නේ නැති අයට දඩුවම් දීම ආරම්භ විය යුතුයි. (නි)
අපේ අමරණීය ජෝතිපාල මහත්තයගේ ලස්සන ගීත ස්ටේජ් වල කියනවා. ලොකු මුදලකුත් ගන්නවා. නිකමටවත් නමවත් මතක් කරන්නේ නැහැ. එයාට දෙන්න ඕන දඩුවම හිතන්නත් බැහැ.(නදී)
එක එක්කෙනාට ඕනෑ විදියට එහෙම සිංදු විකුණාගන්න දෙන්න බැහැ. (නි)
මේ රටේ බුද්ධිමතුන් පිළිබඳ කිසිම හැඟිමක් නෑ (ස)
අළුත් සින්දුවක තනුවක් හදන්න.(නදී)
මොකද්ද ඒ ප්‍රශ්නය මට තේරෙන්නේ නැහැ (දී)
ඉන්දියානු කාලවට යටවෙලා තිබුණ ලාංකාවේ සංගීත කලාවේ 1960 ඉදලා නව ඇරඹුමක් ලබාදුන් පුද්ගලයන් සරත්ලා සහ වික්ටර්ලා. ඉරාජ් ඒ කාලේ හිටියද? පරණ සිංදු හොරකම් කරන්නේ නැතුව, අනුන්ගේ සින්දු විනාශ කරන්නේ නැතුව, අනවසරයෙන් පද මාලා වෙනස් කරන්නේ නැතුව අලුත් දෙයක් කරන්න. (නි)
අනිවාර්යයෙන්ම දඩුවම් හිමිවිය යුතුයි. (නි)
අවරුදු 60කට කලින් ඉන්දියාවෙන් සොරකම් කල ගීතයක පදමාලාව වෙනස් කලා කියල නඩු දාල සල්ලි ඉල්ලනවනම් ඉතා වෙරදී දෙයක් ,සෙනෙවිරත්න පව්ලට ඉරජ්ගේ නඩු ගාස්තුත් ගෙවන්ඩ වේවි .(ස)
කවුරු උනත් නිතිය එකයි (දී)
ඉස්සර සින්දු තවමත් ලස්සනයි (දී)
මේක මාර කතාවක්නේ . පළවෙනි හොරෙකු දෙවැනි හොරෙකුට විරුද්ධව දාන පැමිණිල්ලක් වගේ (ස)
ඔහොම සිංදුවක් තියෙනවා කියලාවත් සමහරු දැනගත්තේ ඉරාජ්ගේ රීමික්ස් එක නිසයි. (නි)
නවකයෝ ඔය තරමිම දක්ෂයෝ නමි අනුන්ගේ දේවල් කොපි නොකර තමන්ගෙම නිර්මාණයක් කරල ඉදිරියට යන්න. එතකොට කවුරැත් මෙි වගේ චෝදනා කරන්න එන්නේ නැහැ.(නදී)
අද ඉන්න අයට හොද බයිලා ගීතයක්වත් හදාගන්න පුලුවන්ද? තවම කියන්නේ පරණ අයගේ බයිලා. (නි)
පරණ සිංදුවේ පුදුමාකාර ලස්සනක් තියෙනවා . ඒවා අපි විකෘත්ති කරන්නේ නැතුන රැත ගන්න ඕනි. කවුරුකරත් ඔය වැඩේ හොඳ නෑ (ස)
කොච්චර බොරුවට කෑගැහුවත් අලුත් කට්ටියයට තමන්ගේම කියලා ස්වනිර්මාණයක් කරගන්න හැකියාවක් නැහැනේ. (නි)
උපාලි, එහෙනම් ඉස්සෙල්ලම දඩුවම් දෙන්න ඕන එම් සෙනවිරත්න මහත්මයාට. මොකද හින්දි ගිතයකින්නේ සිංහල එක හැදුවේ... .. ඉරාජ් ඔය සින්දුව හදලා දැන් අවුරුදු ගානක් වෙනවා... දැන් තමා මතක් වෙලා තියෙන්නේ ඒක ව්කෘති කරලා කියලා... පුදුම මිනිස්සු...(ස)
මෙය පද මාලාව පිළිබඳ ප්‍රස්නයක්, කියවා නොබලා අදහස් පළකරන්නේ හිතමතාමද ??? නැත්ද ???? (ස)
ජාදීන්, කලාකාරයෝ කියන්නේ මස් වැද්දන්ට නෙමෙයි. අර මීට ඉස්සෙල්ලා "කොපි රැප්" කාරයෙක් කියුවා වගේ , මෙයත් කියයන්නේ "මම මේ වල් වැදිලා තිබුනු ගීතයක් ජ්‍යාතන්තරේට ගෙනගියා". කොහොම නමුත් පද මාලාව විතරක් නෙමේ, සංගීතයත් නැත්තටම නැති කරලා. දෙන්න ඕනෑ රිදෙන්නම. (නි)
මේවත් සිංදුද ? (නි)
අද කාලේ තරුණයෝ තමන්ගේ සිංදුවක් කියලා ජනප්‍රිය වුණාට කමක් නැහැ, හැබැයි අනුන්ගේ සිංදු වලින් ගොඩයන එක නම් හොද නැහැ. (නි)
නිතිය කාටත් එකයි (දී)
මේ කාලයේ මෙලෝ කෙනෙක් අහන්නෙ නැති සිංදු වලට පණ දෙනවට ඉරාජ්ට වෙනම ගාණක් දෙන්න ඕනෑ. (නි)
කොච්චර සල්ලි තිබුණත් දක්ෂතාවය සල්ලි වලට මිළදී ගන්න බැහැ. (නි)
රසිකාට මොළයක් ඇත්තෙම නැද්ද? (නි)
කොච්චර තාක්ෂණය යොදා ගෙන සංගීතය කරත් සදාකල් පවතින සිංදුවක් කරන්න බැරි වුණානේ තාම (ස)
නියමයි! හොද නිර්මාණ විනාශකරන මේ වගේ මිනිස්සුන්ට හොද පාඩමක්.(නදී)
රසවින්දනය කියන්නේ එක එක්කෙනාට එක එක විදිහට වෙනස් වෙන දෙයක්. ඒ නිසා කාටවත්ම කියන්න බැහැ අළුත් සිංදුව ලස්සනයි පරන එකට වැඩිය කියලා.(නදී). .
ඉරාජ් සිංදුවේ වචන වෙනස් කළා නම් ඒක වැරදියි තමයි. ඒත් එයා ඒක ලස්සනට කියනවා. (නි)
ඉරාජ්ගේ ගොඩක් තනු කොහෙන් හරි ගත්ත ඒවා තමයි. එත් තරුණයන්ට ඒකෙන් හොඳ වෙළදපොලක් ලැබුණා. හොඳ වගේම නරකත් තිබෙයනවා. දැන් අලුත් අය මහන්සි වෙලා තමන්ගේ තනු හදන්න කම්මැලි වෙලා. නැත්තම් දැනුම මදි. අනුන්ගේ ඒවා ගන්නකොට අවසරගන්න එක තමා හොඳ. (නි)
ඉරාජ් අපේ රසාස්වාදනය වෙනුවෙන් අවුරුදු ගනනාවක ඉදල කොච්චර සිංදු හදල තියනවද.ඒත් සමහරක් මිනිස්සු කෙලෙහි ගුණයක් නැතුව කතාකරන අපූරුව. (ස)
විනෝද ගමනක් ගිහිල්ලා සිංදුවක් කියන්න වුණත් පටන් ගත්තහම අපිට තවමත් මතක් වෙන්නේ 90 දශකයේ ගීත පමණයි නේද? (නි)
මේවා රැල්ල කිය කියා කොල්ලෝ පිස්සු නටනවා. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. (නි)
දාලා තියෙන අදහස් කියෙව්වහම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා මට (ස)
ආලෝකේ කෙසේ වෙතත් දැන් අඳුරේ තමයි (ස)
දාලා තියෙන අදහස් කියෙවිවම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා(නදී)
ගොඩක් කල් ගිහින් වගේ මතක්වෙලා තියෙනන්නේ නඩු දාන්න (ස)
මොකද්ද ඒ උනේ (දී)
හොද වැඩේ ගීත හොරකම් කරනවට. (නි)
එතකොට ඔය ගීතයේ හින්දි සිංදුව කොපි කරලා තනුව හොරකම් කිරීම වරදක් නෙමෙයිද ? (ස)
ඉරාජ්ගේ හැකියාවන් අපි දැකලා තියෙනවා, එයා ගොඩක් දක්ෂ කෙනෙක් (ස)
මොකද්ද ඒ ඉදලා ඉදලා කරගත්තේ (දී)
එතකොට ඔය ගීතයේ මුල් ගීය ඉන‍්දියානු එකක් නිසා ඒකේ අයිතිය සම්බන්ධයෙන් අවසර අරගෙනද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)