IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ‘ සොරා අරන්

වසර 63කට පමණ පෙර හර්බට් එම් සෙනවිරත්න මහතා ලියූ ගීතයක් අනවසරයෙන් පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් වීරරත්නට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා අතුරු තහනම් නියෝග නොතීසියක් නිකුත් කළේය.

ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

මියගිය එම් සෙනවිරත්නගේ ‘මට ආලෝකෙ ගෙනදේවි‘ ගීතය විකෘති කළැයි එහි දැන් හිමිකරුවන් වන ඔහුගේ බරිය ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.



අදහස් (0)

‘මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ‘ සොරා අරන්

දේවිකා Saturday, 02 February 2013 03:17 AM

ඇත්තමයි, මටත් හරිම දුකයි ඉරාජ්ගේ මේ වැඩේට. (නි)

:       1       0

උපාලි Friday, 01 February 2013 04:10 PM

අශාන්, 1950/60 දෂකයේ පරණ සිංදුවේ පුදුමාකාර ලස්සනක් තියෙනවා. එය කලින් ඉන්දියාවෙ පරණ සින්දුවක තනුවක් වුවත් එය ඉරාජ් හැදුවේ නැනේ .ඉරාජ් එයා ගොඩක් දක්ෂ කෙනෙක්. පරණ සින්දු හොරකම් තමන්ගේම සිංදුවක් හදාගන්න බැරිද."රඟහල දැන් ඇත අඩ අඳුරෙ" එකටත් කෝටියක් වන්දි ගෙව්වා විජේරත්න වරකගොඩට. අලුත් දෙයක් කරන්න. (ස)

:       0       0

දේවිකා Saturday, 02 February 2013 03:23 AM

පරණ සිංදු කොපිකරන හැමෝටම මේක හොද දඩුවමක්.(නදී)

:       0       0

හිල්මි Saturday, 02 February 2013 03:44 AM

මම හිතන්නේ මේ වෙනුවෙන් ඉරාජ් සත පහක්වත් නොගෙවිය යුතුයි කියාය (ස)

:       0       0

දමිත් Friday, 01 February 2013 04:20 PM

අනුන්ගේ සින්දු විනාස කරන අයට දඩුවම් දිය යුතුමයි (ස)

:       0       0

සෑම් Saturday, 02 February 2013 03:57 AM

සිංදු හොරා.... (නි)

:       0       0

සිරිවර්ධන Friday, 01 February 2013 04:25 PM

අද සමහර තරුණ ගායක ගායිකාවන්ට ආලෝකේ ගෙන දෙන්නේ පැරණි ගීත වලට පින්සිදු වෙන්න.(ස)

:       0       0

දෝහා Friday, 01 February 2013 04:33 PM

අපි නම් ඔය දේවල් වලට කලින් ඉදන්ම විරුද්ධයි. (නි)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 04:34 PM

දැන්ද ඇස් ඇරිලා තියෙන්නේ? (නි)

:       0       0

කුරුවිට Friday, 01 February 2013 04:36 PM

ඒ වුණාට ඔය ගීතයේ පරණ ගීතය ගායනා කරන්නේ ඉන්දියානු ගායිකාවක්. (නි)

:       0       0

ලියනගේ Friday, 01 February 2013 04:37 PM

අවුරුදු පහ හයකට පස්සෙනෙ මතක් වෙලා තියෙන්නෙ, නඩු දාන්න. ඔන්න බලන්නකො ඕක. හින්දි තනුවක් නිසා ඉරාජ්ගෙ නඩු ගාස්තුත් ගෙවලා තව වන්දියකුත් ගෙවලා හිගමනට වැටෙන්න වෙයි. (නි)

:       0       0

නීල් Friday, 01 February 2013 04:54 PM

පරණ සිංදු කිවුවත් වැරදියි. නොකිවුවත් වැරදියි. (නි)

:       0       0

සංජය Saturday, 02 February 2013 07:42 AM

වැඩේ වැරදි නම් මෙච්චර කාලයක් නඩු දාන්න ඇයි බලාගෙන හිටියේ? (නි)

:       0       0

සංජීව Friday, 01 February 2013 05:04 PM

සිංදුව ලියන කෙනාට ගීතය එයාගේ දරුවන් වගෙයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 02 February 2013 08:31 AM

මම නම් කියන්නේ මේක ඉතා හොඳ දෙයක්. වරක් ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක කියල තිබුණ අනුන්ගේ ගී සොරකම් කර ගයන අයගේ දිව කපාදමන්න නියෝග දියහැකි අයකු මේ රටේ ජනාධිපති කළයුතු බව. ඒ අනුව බැලුවම මේ දඬුවම ඉතාම සාධාරණයි (ස)

:       0       0

තුෂාර Friday, 01 February 2013 05:10 PM

අද පරන සිංදු එකක්වත් ඒ විදියට අහන්න නැහැ. ඔක්කොම කාලා තියෙන්නේ. හොද වැඩේ නඩු දාපු එක. (නි)

:       0       0

රුවනි Tuesday, 05 February 2013 10:54 AM

කලින් සිංදුව කොච්චර ලස්සනද ? (ස)

:       0       0

පිටිගල Saturday, 02 February 2013 03:41 PM

මෙයා මාධ්‍යයට නම් කිව්වේ මෙයාගේ වාහනය කෝටි තුනක් වටින බව.(නදී)

:       0       0

බර්නාඩ් Saturday, 02 February 2013 09:50 AM

අපේ රටේ එක එක හොරු ඉන්නවා. තව ගොඩක් ඉන්නවා මේ ‍වගේ අය. ඒ හැමෝටම දඩුවම් දෙන්න (ස)

:       0       0

බර්නාඩ් Saturday, 02 February 2013 09:54 AM

හොරුන්ට කඩේ යන්න එපා (ස)

:       0       0

සෙනරත් Friday, 01 February 2013 07:10 PM

ඉරාජ් සැබෑ දක්ෂයෙක් නම් ඔහුට තිබුණේ තමන්ගේ සිංදු වලින් ප්‍රසිද්ධ වෙන්නයි. (නි)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 12:13 PM

ඒ ළමයා අමාරුවේ දාලා ‍පෝසත් වෙන්න හදන එක පවු වැඩක්. (නි)

:       0       0

හර්ශන Friday, 01 February 2013 12:21 PM

ඉරාජ් ඔය සින්දුවෙන් ලක්ශ 10ක් වත් හම්බ කරේ නැ.කොටියක් වැඩියි නේද ? (ස)

:       0       0

සෙනරත් Friday, 01 February 2013 07:15 PM

වන්දි ඉල්ලන්නේ ගීතය විකෘති කළාට පමණයි නේද (නි)

:       0       0

චන්දන Friday, 01 February 2013 12:27 PM

හර්ෂණ ඔයා එයාගේ එකවුන්ටන්ද ? මෙයාලා පරණ සිංදු විනාස කරනවා. ඒ මදිවට සල්ලිත් හොයනවා (ස)

:       0       0

රොෂාන් Friday, 01 February 2013 07:22 PM

හරි නම් වැරැද්ද කරලා තියෙන්නේ ඔය දෙගොල්ලොමයි. මොකද ඕක ඉන්දියාවෙ තනුවක්. (නි)

:       0       0

කොලින් Friday, 01 February 2013 12:29 PM

අනේ අපේ සංගීත කලාවට ගිය කල? (නි)

:       0       0

කෝලිත Friday, 01 February 2013 12:38 PM

සදාචාරාත්මක විරෝධී වැඩ වලට දැන්වත් දඩුවම් දීම ආරම්භ විය යුතුයි (ස)

:       0       0

ගාමා ගාමිණී Friday, 01 February 2013 12:40 PM

ඕක හිංදි තනුවක් නේද? මෙරා චෝටා ස දේඛෝයෙ සංසාර හෛ.. මෙරා ජීවන් හෛ යේ මෙරා සිංගාර හෛ........... (ස)

:       0       0

ප්‍රසංග Friday, 01 February 2013 12:41 PM

අතීතය විනාශ කරන්න එපා. (දී)

:       0       0

හර්ශන Friday, 01 February 2013 12:44 PM

මම චන්දනට එකගයි. මේක ආයෙත් පරණ සින්දු හොරකම් කරන්න යන අයට හොද අදර්ශයක්.මින් මතුවට සින්දු හොරකම් නැති විය යුතුයි. (ස)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 12:47 PM

අභාවයට යන ගීත ‍වලට සේලයින් පොවලා පණගන්වා ගන්නවට මෙහෙම දඩුවමක්??? (නි)

:       0       0

කුමාර Friday, 01 February 2013 12:48 PM

ඇත්තටම හොඳ වැඩක් (ස)

:       0       0

කසුන් Friday, 01 February 2013 12:51 PM

මේකට දැන් දඩුවම් නොදුන්නොත් හැමදාම මේ දේම කරයි. (නි)

:       0       0

නාථ Friday, 01 February 2013 12:53 PM

තමන්ගේ නිර්මාණ කරන්නේ නැති අය හැමෝටම ඕක කරන්න ඕන. හොඳ වැඩක්.. (ස)

:       0       0

ගනේෂ් Friday, 01 February 2013 12:54 PM

මේ වගේ දේවල් ගැන අදාල පාර්ශවයන් හොදට හොයල බලන්න ඕනේ. (දී)

:       0       0

බුරම්පි Friday, 01 February 2013 12:58 PM

සිංදුව නව රැල්ලේ හිට් වුණේ ඉරාජ්ගෙ මියුසික් වලින්.සිංදුව කොපි කරන්න කලින් අවසර ගන්න තිබ්බා, කවුරුත් කලාකරුවො. කතාබහ කරල බේරුමක් කරගන්නවනම් හොඳයි. සංගීත්ගෙ "රඟහල දැන් ඇත අඩ අඳුරෙ" එකටත් කෝටියක් වන්දි ගෙව්වා විජේරත්න වරකගොඩට. (ස)

:       0       0

අජිත් Friday, 01 February 2013 01:04 PM

වැරදි නම් තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඔනේ. (දී)

:       0       0

මොහොමඩ් Friday, 01 February 2013 01:11 PM

කාටවත් දැන් වෙන අයගේ සිංදුවක් කොපි නොකර තමන්ගේම සිංදුවක් හදාගන්න බැරි හැටි? (නි)

:       0       0

රසිකා Friday, 01 February 2013 01:14 PM

අද කාලේ අලුත් දෙයක් කළොත් කාටද බාධා නැත්තේ? (නි)

:       0       0

සුරංග Friday, 01 February 2013 01:21 PM

හැමදේටම ක්‍රමයක් තියෙනවා අනුගමනය කරන්න. ට්‍රැක් පැන්නොත් දඩුවම් ලැබිය යුතුයි. මේවා පොදු දේවල් නෙමෙයිනේ (ස)

:       0       0

රන්දුනු Friday, 01 February 2013 01:24 PM

කිවුව ගායකයා මියගිහින් නම්, ඉරාජ් මේක කිවුවට මහජනයාගේ අකමැත්තක් තිබුණෙත් නැත්නම්.....?? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ජාදීන් Friday, 01 February 2013 01:24 PM

ඉන්දියානු කාලවට යටවෙලා තිබුණ ලාංකාවේ සංගීත කාලවේ නව ඇරඹුමක් ලබාදුන් පුද්ගලයන් දෙතුන් දෙනා අතර ඉරාජ් ඉන්නෙ ප්‍රමුඛ තැනක. දෙසවනින් ඈත් වී ගිහින් කැලෑ වැදිච්ච සිංදුවක් තාරුණ්‍යයට නැවත අහන්න සලස්වල ඉරාජ් කළේ වැරැද්දක් නෙමෙයි. මමත් ඕක ඇහුවට පස්සෙ තමයි පරණ සිංදුව හොයල ඇහුවෙ. ඔය අයිතිය කියන අයගේ එකම බලාපොරොත්තුව මුදල්. අනෙක් විහිළුව නම් ඔය ගීතයෙ තනුව හින්දි එකක්. ඒක ඉරාජ් දැනගත්තෙත් ඉන්දියානු එම් ටීවී එකේ ඕක ප්ලේවුණාට පස්සෙ හින්දු ගීතයෙ අයිතිකරුවන් ඉරාජ්ට කතා කළාම. ඔවුන් සමඟ කතා කළාම ඉරාජ්ට ඔවුන් අවසර දී තිබෙනව. ඒත් ඕක මුලින්ම ඉන්දියාවෙන් හොරකම් කරපු ලංකාවේ අයට තමා ඉරාජ් එක්ක ප්‍රශ්ණෙ. ඔන්න ඔහොමයි ජාත්‍යන්තරය ජයගත් ලාංකිකයන්ට අපේ අය සලකන්නේ. ලැජ්ජයි. (ස)

:       0       0

හිරුණ Friday, 01 February 2013 01:24 PM

අද කාලේ තරුණයන්ට ඉදිරියට එන්න දෙන්නේ නෑ ...තමන්ගේ තැන නැතිවෙයි කියලා...(ස)

:       0       0

නදීශාන් Friday, 01 February 2013 01:25 PM

රසිකගේ කියමන හරි . ඒත් සින්දුවේ නියම හිමිකරුට දන්වලා , ගෙවීමක් කරලා වෙනසක් කරානම් හොඳයි (ස)

:       0       0

සිල්වා Friday, 01 February 2013 08:29 PM

අපේ ඡන ගී විකෘති කරන අයටත් ඔයා දඬුවම දෙන්න ඕන .. (ස)

:       0       0

හුසේන් Friday, 01 February 2013 01:26 PM

අනේ මන්දා (දී)

:       0       0

ජදීන් Friday, 01 February 2013 01:30 PM

අනික ඕය ගීතය රිලීස් වෙලත් අවුරුදු පහ හයකට වැඩී ඒත් ඔය නඩු දාන්න හදන අයට දැනුයි ඒක ඇහිල තියෙන්නෙ.(ස)

:       0       0

උපාලි Friday, 01 February 2013 01:36 PM

සිංදුව පරණද අලුත්ද කතාව අත් හරින්න. තමන්ගේ නිර්මාණ කරන්නේ නැති අයට දඩුවම් දීම ආරම්භ විය යුතුයි. (නි)

:       0       0

ලියනගේ Tuesday, 05 February 2013 01:01 AM

අපේ අමරණීය ජෝතිපාල මහත්තයගේ ලස්සන ගීත ස්ටේජ් වල කියනවා. ලොකු මුදලකුත් ගන්නවා. නිකමටවත් නමවත් මතක් කරන්නේ නැහැ. එයාට දෙන්න ඕන දඩුවම හිතන්නත් බැහැ.(නදී)

:       0       0

දමිත් Friday, 01 February 2013 01:37 PM

එක එක්කෙනාට ඕනෑ විදියට එහෙම සිංදු විකුණාගන්න දෙන්න බැහැ. (නි)

:       0       0

සඳුනි Friday, 01 February 2013 01:40 PM

මේ රටේ බුද්ධිමතුන් පිළිබඳ කිසිම හැඟිමක් නෑ (ස)

:       0       0

නිමල් Friday, 01 February 2013 09:07 PM

අළුත් සින්දුවක තනුවක් හදන්න.(නදී)

:       0       0

අමිල Friday, 01 February 2013 01:52 PM

මොකද්ද ඒ ප්‍රශ්නය මට තේරෙන්නේ නැහැ (දී)

:       0       0

රණා Friday, 01 February 2013 09:19 PM

ඉන්දියානු කාලවට යටවෙලා තිබුණ ලාංකාවේ සංගීත කලාවේ 1960 ඉදලා නව ඇරඹුමක් ලබාදුන් පුද්ගලයන් සරත්ලා සහ වික්ටර්ලා. ඉරාජ් ඒ කාලේ හිටියද? පරණ සිංදු හොරකම් කරන්නේ නැතුව, අනුන්ගේ සින්දු විනාශ කරන්නේ නැතුව, අනවසරයෙන් පද මාලා වෙනස් කරන්නේ නැතුව අලුත් දෙයක් කරන්න. (නි)

:       0       0

කමල් Friday, 01 February 2013 01:54 PM

අනිවාර්යයෙන්ම දඩුවම් හිමිවිය යුතුයි. (නි)

:       0       0

ශාන් Friday, 01 February 2013 01:54 PM

අවරුදු 60කට කලින් ඉන්දියාවෙන් සොරකම් කල ගීතයක පදමාලාව වෙනස් කලා කියල නඩු දාල සල්ලි ඉල්ලනවනම් ඉතා වෙරදී දෙයක් ,සෙනෙවිරත්න පව්ලට ඉරජ්ගේ නඩු ගාස්තුත් ගෙවන්ඩ වේවි .(ස)

:       0       0

දිනේෂ් Friday, 01 February 2013 01:54 PM

කවුරු උනත් නිතිය එකයි (දී)

:       0       0

වරුණ Friday, 01 February 2013 01:58 PM

ඉස්සර සින්දු තවමත් ලස්සනයි (දී)

:       0       0

මාරසිංහ Friday, 01 February 2013 02:10 PM

මේක මාර කතාවක්නේ . පළවෙනි හොරෙකු දෙවැනි හොරෙකුට විරුද්ධව දාන පැමිණිල්ලක් වගේ (ස)

:       0       0

රයන් Friday, 01 February 2013 02:11 PM

ඔහොම සිංදුවක් තියෙනවා කියලාවත් සමහරු දැනගත්තේ ඉරාජ්ගේ රීමික්ස් එක නිසයි. (නි)

:       0       0

තිලක් Friday, 01 February 2013 09:45 PM

නවකයෝ ඔය තරමිම දක්ෂයෝ නමි අනුන්ගේ දේවල් කොපි නොකර තමන්ගෙම නිර්මාණයක් කරල ඉදිරියට යන්න. එතකොට කවුරැත් මෙි වගේ චෝදනා කරන්න එන්නේ නැහැ.(නදී)

:       0       0

මාලක Friday, 01 February 2013 02:11 PM

අද ඉන්න අයට හොද බයිලා ගීතයක්වත් හදාගන්න පුලුවන්ද? තවම කියන්නේ පරණ අයගේ බයිලා. (නි)

:       0       0

සම්පත් Friday, 01 February 2013 02:12 PM

පරණ සිංදුවේ පුදුමාකාර ලස්සනක් තියෙනවා . ඒවා අපි විකෘත්ති කරන්නේ නැතුන රැත ගන්න ඕනි. කවුරුකරත් ඔය වැඩේ හොඳ නෑ (ස)

:       0       0

සුපුන් Friday, 01 February 2013 02:16 PM

කොච්චර බොරුවට කෑගැහුවත් අලුත් කට්ටියයට තමන්ගේම කියලා ස්වනිර්මාණයක් කරගන්න හැකියාවක් නැහැනේ. (නි)

:       0       0

අශාන් Friday, 01 February 2013 02:18 PM

උපාලි, එහෙනම් ඉස්සෙල්ලම දඩුවම් දෙන්න ඕන එම් සෙනවිරත්න මහත්මයාට. මොකද හින්දි ගිතයකින්නේ සිංහල එක හැදුවේ... .. ඉරාජ් ඔය සින්දුව හදලා දැන් අවුරුදු ගානක් වෙනවා... දැන් තමා මතක් වෙලා තියෙන්නේ ඒක ව්කෘති කරලා කියලා... පුදුම මිනිස්සු...(ස)

:       0       0

සමන් Friday, 01 February 2013 02:21 PM

මෙය පද මාලාව පිළිබඳ ප්‍රස්නයක්, කියවා නොබලා අදහස් පළකරන්නේ හිතමතාමද ??? නැත්ද ???? (ස)

:       0       0

රත්න Friday, 01 February 2013 02:22 PM

ජාදීන්, කලාකාරයෝ කියන්නේ මස් වැද්දන්ට නෙමෙයි. අර මීට ඉස්සෙල්ලා "කොපි රැප්" කාරයෙක් කියුවා වගේ , මෙයත් කියයන්නේ "මම මේ වල් වැදිලා තිබුනු ගීතයක් ජ්‍යාතන්තරේට ගෙනගියා". කොහොම නමුත් පද මාලාව විතරක් නෙමේ, සංගීතයත් නැත්තටම නැති කරලා. දෙන්න ඕනෑ රිදෙන්නම. (නි)

:       0       0

රුවන් Friday, 01 February 2013 02:26 PM

මේවත් සිංදුද ? (නි)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 02:26 PM

අද කාලේ තරුණයෝ තමන්ගේ සිංදුවක් කියලා ජනප්‍රිය වුණාට කමක් නැහැ, හැබැයි අනුන්ගේ සිංදු වලින් ගොඩයන එක නම් හොද නැහැ. (නි)

:       0       0

බන්දුල Friday, 01 February 2013 02:32 PM

නිතිය කාටත් එකයි (දී)

:       0       0

බණ්ඩා Friday, 01 February 2013 02:33 PM

මේ කාලයේ මෙලෝ කෙනෙක් අහන්නෙ නැති සිංදු වලට පණ දෙනවට ඉරාජ්ට වෙනම ගාණක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

චතුරංග Friday, 01 February 2013 02:36 PM

කොච්චර සල්ලි තිබුණත් දක්ෂතාවය සල්ලි වලට මිළදී ගන්න බැහැ. (නි)

:       0       0

දේවා Friday, 01 February 2013 02:36 PM

රසිකාට මොළයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

චතූ Friday, 01 February 2013 02:40 PM

කොච්චර තාක්ෂණය යොදා ගෙන සංගීතය කරත් සදාකල් පවතින සිංදුවක් කරන්න බැරි වුණානේ තාම (ස)

:       0       0

සමන් Friday, 01 February 2013 10:25 PM

නියමයි! හොද නිර්මාණ විනාශකරන මේ වගේ මිනිස්සුන්ට හොද පාඩමක්.(නදී)

:       0       0

තිලත් Sunday, 03 February 2013 04:08 PM

රසවින්දනය කියන්නේ එක එක්කෙනාට එක එක විදිහට වෙනස් වෙන දෙයක්. ඒ නිසා කාටවත්ම කියන්න බැහැ අළුත් සිංදුව ලස්සනයි පරන එකට වැඩිය කියලා.(නදී). .

:       0       0

තරුෂිකා Friday, 01 February 2013 10:37 PM

ඉරාජ් සිංදුවේ වචන වෙනස් කළා නම් ඒක වැරදියි තමයි. ඒත් එයා ඒක ලස්සනට කියනවා. (නි)

:       0       0

සංකල්ප Friday, 01 February 2013 02:44 PM

ඉරාජ්ගේ ගොඩක් තනු කොහෙන් හරි ගත්ත ඒවා තමයි. එත් තරුණයන්ට ඒකෙන් හොඳ වෙළදපොලක් ලැබුණා. හොඳ වගේම නරකත් තිබෙයනවා. දැන් අලුත් අය මහන්සි වෙලා තමන්ගේ තනු හදන්න කම්මැලි වෙලා. නැත්තම් දැනුම මදි. අනුන්ගේ ඒවා ගන්නකොට අවසරගන්න එක තමා හොඳ. (නි)

:       0       0

භානුක මුනසින්හ Saturday, 02 February 2013 12:47 PM

ඉරාජ් අපේ රසාස්වාදනය වෙනුවෙන් අවුරුදු ගනනාවක ඉදල කොච්චර සිංදු හදල තියනවද.ඒත් සමහරක් මිනිස්සු කෙලෙහි ගුණයක් නැතුව කතාකරන අපූරුව. (ස)

:       0       0

කෙවින් Friday, 01 February 2013 02:44 PM

විනෝද ගමනක් ගිහිල්ලා සිංදුවක් කියන්න වුණත් පටන් ගත්තහම අපිට තවමත් මතක් වෙන්නේ 90 දශකයේ ගීත පමණයි නේද? (නි)

:       0       0

කෙවින් Friday, 01 February 2013 02:44 PM

මේවා රැල්ල කිය කියා කොල්ලෝ පිස්සු නටනවා. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 01 February 2013 11:09 PM

දාලා තියෙන අදහස් කියෙව්වහම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා මට (ස)

:       0       0

නිත්‍යා Saturday, 02 February 2013 01:01 PM

ආලෝකේ කෙසේ වෙතත් දැන් අඳුරේ තමයි (ස)

:       0       0

චන්දා Friday, 01 February 2013 11:09 PM

දාලා තියෙන අදහස් කියෙවිවම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා(නදී)

:       0       0

රොහාන් Friday, 01 February 2013 02:56 PM

ගොඩක් කල් ගිහින් වගේ මතක්වෙලා තියෙනන්නේ නඩු දාන්න (ස)

:       0       0

පිටිගල Friday, 01 February 2013 03:00 PM

මොකද්ද ඒ උනේ (දී)

:       0       0

සිසිර Friday, 01 February 2013 03:02 PM

හොද වැඩේ ගීත හොරකම් කරනවට. (නි)

:       0       0

සන්ජීව Friday, 01 February 2013 03:10 PM

එතකොට ඔය ගීතයේ හින්දි සිංදුව කොපි කරලා තනුව හොරකම් කිරීම වරදක් නෙමෙයිද ? (ස)

:       0       0

සජීව Friday, 01 February 2013 03:20 PM

ඉරාජ්ගේ හැකියාවන් අපි දැකලා තියෙනවා, එයා ගොඩක් දක්ෂ කෙනෙක් (ස)

:       0       0

අශාන් Friday, 01 February 2013 03:48 PM

මොකද්ද ඒ ඉදලා ඉදලා කරගත්තේ (දී)

:       0       0

අරවින්ද Friday, 01 February 2013 03:55 PM

එතකොට ඔය ගීතයේ මුල් ගීය ඉන‍්දියානු එකක් නිසා ඒකේ අයිතිය සම්බන්ධයෙන් අවසර අරගෙනද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත
2024 අප්‍රේල් මස 27 468 0

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකි


නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ
2024 අප්‍රේල් මස 27 474 4

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත.


අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 1882 8

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 951 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 2226 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 3058 22

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 355 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1752 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1583 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site