හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට පෙර ඔහු රන් පදක්කමක් දිනාගත් ජාත්‍යන්තර තරගාවලියෙන් පසුව පැවති තහනම් උත්තේජන පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට වසර දෙකක තරඟ තහනමක් නියම කෙරිණ. ඒ හේතුවෙන් ඔහුට දෙවසරක කාලයක් බොක්සිං ක‍්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවිය.
මංජු වන්නිආරච්චිගේ දෙවසරක තරග තහනම පසුගිය ඔක්තෝම්බර් 13 වැනිදා නිමා වූ අතර තහනම් කාල සීමාව තුළද ඔහු පුහුණුවීම් කරමින්පසු විය.
මහනුවර පල්ලෙකැලේ පිිහිටි මාස් හෝල්ඩින් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ලීනියා රෙදිපිළි ආයතනයේදී මංජු වන්නිආරච්චි විසින් බොක්සිං ක‍්‍රීඩාවේ නියුතු පාසල් ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවන් අමතා විශේෂ කතාවක්ද පැවැත්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැරදි නැහැ. ඉදරියටම යමු. අපි ඔබට සුභ පතනවා. (නි)
මංජු අයියාට මුකුත් කියන්න එපා. කමෝන් මංජු අයියා! (නි)
නුවර සිට මගේ සුභ පැතුම් මංජු. (නි)
රැකියාව විදියට ක්‍රීඩා කරන අය ආවට ගියාට දොස්තරලාළගට යන්නේ නැහැ. (නි)
හේමලතා, ඔයා මුහුණේ දැලි ගාගෙනම නැද්ද? (නි)
හේමලතාගේ කතාව හරි. කිරි කළේකට ගොම බිදුවක් වැටුණහම ඇති. (නි)
හේමලතා, එහෙම කියන්න එපා. අපි දුටුවා ඔහු ඕනෑකමින් ඒ දේ කරගෙන නැති බව. අපි වගේ දියුණු වෙමින් එන රටවලට කවදාවත් බලවතුන් නැගිටින්න දෙන්නේ නැහැ.අපේ පාලකයොත් එච්චර ඔහුට ඒ වෙලාවේ උදව් කළේ නැහැ. අපි නිතරම අවංකව හා ආරක්ෂාකාරිව ක්‍රීඩා කළ යුතුයි. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න වෙනවා නිතරම. (නි)
මේ ඇත්ත තහනම් උත්තේජක පාවිච්චි කළා නෙමෙයි. හොර දොස්තර කෙනෙක් තමයි මෙයාට වැරදි බෙහෙත් නියම කරලා තියෙන්නෙ. ඒකයි ඇත්ත. මෙයා ශූරයෙක්. මගෙන් සුබ පැතුම්! (නි)
මට හිතන්නේ මොහු ඊළග ඔලිම්පික් එකේදී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගන්නවාමයි. (නි)
ජය වේවා! ඔබට සුභ අනාගතයක්! (නි)
ඒක මංජුලගේ වැරැද්දක් නෙමෙයි. පැහැදිලිවම ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු අයගේ වැරැද්දක්. පැහැදිලිවම ඒ පරීක්ෂණයේ දෝශ සහිත තැන් තිබුණා. ඒකෙන්ම මංජුල නිදොස් කරලා නිදහස් කරගන්න තිබුණා. ඒත් වුණේ මංජුලව පාවලා දුන්න එකයි. සැලෙන්න එපා මංජුල, ඇත්ත දන්න අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාම....!!! (නි)
liyanna thiyanne nawaha e waradda nokarana ekai.mokada eka obata wada ratata balapanawa
අපි ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වීමට සුභ පතනවා. (නි)
හේමලතා, ඔයා ඔයාගෙ මුහුණේ දැලි පිහදාගන්න. මංජු, ඔයා අපිට ආඩම්බරයක්. (නි)
හේමලතා බත් කන කටින් කතා කරමු (අ)
ජය ශ්‍රී මංජු...ඔබට සුබ අනාගතයක්............
හේමලතා කගේ කාගෙනුත් අත්වැරදී වෙනවා ,එය තමයි මනුස්ෂ්‍ය ස්වභාවය ,ඔබ සියයට සියක් හරිනම් එකත් හොදා, අපි ඔහුගේ නව ආගමනය අගය කරමු.
දුක සැප නිති පෙරළේ. රිය සක ලෙස ලෝකේ. (අ)
ඔබගේ උත්සාහය වීර්ය හා කැපවීම අගය කරනවා. නොසැලී ඉදිරියටම යන්න. අටලෝදහමට අපිකවුරුත් මුහුණ දියයුතුයි. ජයග්‍රහණයේදී පරාජයේදී වගේම නින්දා උපහාසවලටත් උපේක්ෂාවෙන් මුහුණදීමේ ශක්තිය ඔබ තුල තිබුණා. මෙවැනි උතුම්ගුණ හැම බොදුනුවෙකු තුලින්ම ඉස්මතුවිය යුතුයි. එහෙම උනාම ජීවිතය ජයගන්න පහසුයි. ඔබට බුදුසරණයි (අ)
බොහෝම හොඳයි හොඳ කෙනෙක් එන්නේ. අපි හැමෝම ඔබ සමග(අ)
මුණේ දැලි ගාගෙන ඉවරයි. ඔලිම්පික් දිනුවත් දැන් ඉතින් පලක් නැහැ. (අ)