IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මංජු වන්නිආරච්චි ආපසු එයි ?

හිටපු ජාතික බොක්සිං ශූරයෙකු වන මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං වළළ්ලට පිවිසීමට සූදානමින් සිටී. මීට වසර දෙකකට පෙර ඔහු රන් පදක්කමක් දිනාගත් ජාත්‍යන්තර තරගාවලියෙන් පසුව පැවති තහනම් උත්තේජන පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ඔහුට වසර දෙකක තරඟ තහනමක් නියම කෙරිණ. ඒ හේතුවෙන් ඔහුට දෙවසරක කාලයක් බොක්සිං ක‍්‍රීඩාවෙන් ඉවත් වී සිටීමට සිදුවිය. මංජු වන්නිආරච්චිගේ දෙවසරක තරග තහනම පසුගිය ඔක්තෝම්බර් 13 වැනිදා නිමා වූ අතර තහනම් කාල සීමාව තුළද ඔහු පුහුණුවීම් කරමින්පසු විය. මහනුවර පල්ලෙකැලේ පිිහිටි මාස් හෝල්ඩින් සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන ලීනියා රෙදිපිළි ආයතනයේදී මංජු වන්නිආරච්චි විසින් බොක්සිං ක‍්‍රීඩාවේ නියුතු පාසල් ක‍්‍රීඩක, ක‍්‍රීඩිකාවන් අමතා විශේෂ කතාවක්ද පැවැත්වීය.



අදහස් (0)

මංජු වන්නිආරච්චි ආපසු එයි ?

පුෂ්පෙ Sunday, 28 October 2012 09:35 PM

මේ ඇත්ත තහනම් උත්තේජක පාවිච්චි කළා නෙමෙයි. හොර දොස්තර කෙනෙක් තමයි මෙයාට වැරදි බෙහෙත් නියම කරලා තියෙන්නෙ. ඒකයි ඇත්ත. මෙයා ශූරයෙක්. මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ලාල් ගලබඩ ඉතාලියේ ලෙක්කෝ සිට.. Sunday, 28 October 2012 10:03 PM

හේමලතා, එහෙම කියන්න එපා. අපි දුටුවා ඔහු ඕනෑකමින් ඒ දේ කරගෙන නැති බව. අපි වගේ දියුණු වෙමින් එන රටවලට කවදාවත් බලවතුන් නැගිටින්න දෙන්නේ නැහැ.අපේ පාලකයොත් එච්චර ඔහුට ඒ වෙලාවේ උදව් කළේ නැහැ. අපි නිතරම අවංකව හා ආරක්ෂාකාරිව ක්‍රීඩා කළ යුතුයි. තමන්ගේ ආරක්ෂාව තමන් සපයා ගන්න වෙනවා නිතරම. (නි)

:       0       0

විමුක්ති Sunday, 28 October 2012 11:25 PM

හේමලතාගේ කතාව හරි. කිරි කළේකට ගොම බිදුවක් වැටුණහම ඇති. (නි)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 27 October 2012 05:58 PM

liyanna thiyanne nawaha e waradda nokarana ekai.mokada eka obata wada ratata balapanawa

:       0       0

මංගල Monday, 29 October 2012 12:11 AM

හේමලතා, ඔයා මුහුණේ දැලි ගාගෙනම නැද්ද? (නි)

:       0       0

සම්පත් Thursday, 01 November 2012 10:07 PM

මංජු අයියාට මුකුත් කියන්න එපා. කමෝන් මංජු අයියා! (නි)

:       0       0

හේමලතා Saturday, 27 October 2012 06:45 PM

මුණේ දැලි ගාගෙන ඉවරයි. ඔලිම්පික් දිනුවත් දැන් ඉතින් පලක් නැහැ. (අ)

:       0       0

දිනේෂ් අසංග හෙට්ටිආරච්චි Saturday, 27 October 2012 06:54 PM

බොහෝම හොඳයි හොඳ කෙනෙක් එන්නේ. අපි හැමෝම ඔබ සමග(අ)

:       0       0

ආරච්චිල Sunday, 28 October 2012 01:03 PM

ඒක මංජුලගේ වැරැද්දක් නෙමෙයි. පැහැදිලිවම ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු අයගේ වැරැද්දක්. පැහැදිලිවම ඒ පරීක්ෂණයේ දෝශ සහිත තැන් තිබුණා. ඒකෙන්ම මංජුල නිදොස් කරලා නිදහස් කරගන්න තිබුණා. ඒත් වුණේ මංජුලව පාවලා දුන්න එකයි. සැලෙන්න එපා මංජුල, ඇත්ත දන්න අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාම....!!! (නි)

:       0       0

සංජීව Monday, 29 October 2012 07:48 AM

රැකියාව විදියට ක්‍රීඩා කරන අය ආවට ගියාට දොස්තරලාළගට යන්නේ නැහැ. (නි)

:       0       0

දම්සර Saturday, 27 October 2012 08:52 PM

ඔබගේ උත්සාහය වීර්ය හා කැපවීම අගය කරනවා. නොසැලී ඉදිරියටම යන්න. අටලෝදහමට අපිකවුරුත් මුහුණ දියයුතුයි. ජයග්‍රහණයේදී පරාජයේදී වගේම නින්දා උපහාසවලටත් උපේක්ෂාවෙන් මුහුණදීමේ ශක්තිය ඔබ තුල තිබුණා. මෙවැනි උතුම්ගුණ හැම බොදුනුවෙකු තුලින්ම ඉස්මතුවිය යුතුයි. එහෙම උනාම ජීවිතය ජයගන්න පහසුයි. ඔබට බුදුසරණයි (අ)

:       0       0

චමින්ද Monday, 29 October 2012 10:25 AM

නුවර සිට මගේ සුභ පැතුම් මංජු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 27 October 2012 09:14 PM

දුක සැප නිති පෙරළේ. රිය සක ලෙස ලෝකේ. (අ)

:       0       0

චාමර Sunday, 28 October 2012 02:41 PM

ජය වේවා! ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

අනිල් මිලානෝ Saturday, 27 October 2012 09:46 PM

හේමලතා කගේ කාගෙනුත් අත්වැරදී වෙනවා ,එය තමයි මනුස්ෂ්‍ය ස්වභාවය ,ඔබ සියයට සියක් හරිනම් එකත් හොදා, අපි ඔහුගේ නව ආගමනය අගය කරමු.

:       0       0

පල්ලෙවත්ත බෆලොස් Saturday, 27 October 2012 10:19 PM

ජය ශ්‍රී මංජු...ඔබට සුබ අනාගතයක්............

:       0       0

ගම්පොළ Sunday, 28 October 2012 04:02 PM

මට හිතන්නේ මොහු ඊළග ඔලිම්පික් එකේදී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගන්නවාමයි. (නි)

:       0       0

මන්ජු Sunday, 28 October 2012 01:42 AM

හේමලතා බත් කන කටින් කතා කරමු (අ)

:       0       0

හේමන්ත Sunday, 28 October 2012 07:42 AM

හේමලතා, ඔයා ඔයාගෙ මුහුණේ දැලි පිහදාගන්න. මංජු, ඔයා අපිට ආඩම්බරයක්. (නි)

:       0       0

හේමන්ත Sunday, 28 October 2012 07:45 AM

අපි ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වීමට සුභ පතනවා. (නි)

:       0       0

නිලන්ත Sunday, 28 October 2012 08:36 AM

ඔබ වැරදි නැහැ. ඉදරියටම යමු. අපි ඔබට සුභ පතනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site