IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘මේ ප්‍රශ්නයට සායම් නොගාන්න‘

බස්නාහිර පළාතේ පාසල්වල තීන්ත ආලේප කිරීම සදහා අධ්‍යාපන පළාත් දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දී තිබියදීත් දිගින් දිගටම සිසුන්ගෙන් මුදල් එකතු කරන බවත්, ඒ ගැන පළාත් ප්‍රධාන අමාත්‍යවරයාටත්, නිලධාරීන්ටත් අවස්ථා කිහිපයකදී පැමිණිලි කළ බවත්, ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවත්, හොරණ කලාපයේ සිසුවියකට පොල් සොරකම් කර තීන්ත ගෑමට මුදල් සොයා ගැනීමට සිදුවූයේ ද ඒ නිසා බවත් ලංකා ගුරු සංගමය කියයි.

මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයට ගොදුරුවූ සිසුවිය තවදුරටත් සමාජ අපවාදයට ලක් නොවන ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස ලංකා ගුරු සංගමය අදාළ සියලූ බලධාරීන්ට අවධාරණය කොට සිටින බව ද එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්රෙකාශ කරයිග

 



අදහස් (0)

‘මේ ප්‍රශ්නයට සායම් නොගාන්න‘

බණ්ඩාර Friday, 08 February 2013 01:00 AM

නිදහස් අධ්‍යාපනය ලංකාවේ නමට විතරයි. අපට තිබෙන සීමිත සම්පත් සීමිත පාසල් ගණනකට පමණක් බෙදීයන ක්‍රමයක් තමයි අද පවතින්නේ. ගමක පදිංචි වී සිටියත් ගමේ ඇති හැකි පොහොසත් අයගේ ළමයින් ගමේ පාසලට නොයවයි. ඕනෑම ගමක රජයේ හෝ පුද්ගලික අංශ වල උසස් රැකියා කරන අයගේ දරුවන් ගමේ පාසල්වලට නොයයි. ඈත පිටිසර හද්ද ගම්මාන නියෝජනය කරනවා යයි කියන ඕනෑම දේශපාලකයින්ගේ-කොළ,නිල,කහ,රතු- දරුවන් යවන්නේ නගරබද සුපිරියි කියනා පාසල් වලටය. කොටින්ම, රටේ සම්පත් බෙදීයාම පිළිබඳ තීන්දු වලට කෙලින්ම සම්බන්ධ පුද්ගලයින්ගේ දරුවන් ගමේ පාසල්වලට නිකමටවත් ගොඩවන්නේ නැත. (නි)

:       0       0

මහින්ද Friday, 08 February 2013 01:48 AM

බස්නාහිර නෙමෙයි හැමතැනම මේවා කරනවා. ඇමතිවරු නිදිද?(නදී)

:       0       0

චාලනී Friday, 08 February 2013 01:31 PM

මෙය බස්නාහිර පලාතට පමනක් පොදු සිද්ධියක් නෙමෙයි. රටේ හැම පලාතකම මේ වගේ ප්‍රශ්න තියනවා. මධ්‍යම පලාතේ පිලිමතලාව පැත්තේ පාසැලක පාසැල සංවර්ධන වැඩසටහන් සදහා යැයි කියමින් දරුවන්ගෙන් මුදල් එකතුකරනවා. නමුත් ඒ මුදල් යන්නේ විදුහල්පතිවරයාගේ සාක්කුවට. ඒ පැත්තේ සියළු දෙනා මෙය දන්නවා.(නදී)

:       0       0

සනා Saturday, 09 February 2013 04:13 AM

හොරණ කලාපයේ සියලුම පාසල් වගේ මුදල් එකතු කරනවා. හැබැයි මේවාට රිසිට් නම් දෙන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා Friday, 08 February 2013 05:21 AM

කැකිල්ලේ රජ්ජුරුවෝ මතක් වෙනවා.(නදී)

:       0       0

අජිත් Friday, 08 February 2013 06:32 AM

ආන්ඩුවේ රැස්වීම් වලදී කියනවා අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන්කරනවා කියලා. එහෙම කිවිවට 2013 වසරට අපේ ගමේ දරුවෙක් ඇතුලත් කරන්න රැපියල් පන්දහසකට වැඩියෙන් ගෙවන්න උනා.(නදී)

:       0       0

කමල් Friday, 08 February 2013 06:39 AM

හෝමාගම පැත්තෙ තියෙන තියෙන පාසලක් තරම් හැම දේටම මුදල් එකතු කරන පාසලක් අපි නම් දැකලා නැහැ. ඇතුල් වීමේ ගාස්තු 4500, ක්‍රීඩා උත්සවයට 1000. අයි.ටී. දිනයට 100 සහ එම ටී-ෂර්ට් එකට 750. තවද පාසලේ බස් රථය දැමීමට ගරාජයක් සාදා දීමට අලුතින් ඇතුල්වූ දරුවනගේ දෙමාපියන්ට පවරා ඇත.එයට එක් අයකුගෙන් රු 3000ක් පමණ වේ යැයි සදහන් වේ. මුලු එකතුව රු 9350.00 (නි)

:       0       0

සමන් Friday, 08 February 2013 07:36 AM

ජනාධිපත්තුමනි, නීතියක් ගේන්න බැරිද පාසැල්වලට දෙමවිපියන්ගෙන් කිසිම දෙයක් ගන්ඩ බැහැ කියලා.(නදී)

:       0       0

දිසානායත Friday, 08 February 2013 07:47 AM

මේ දරුවා පොලිසි ගිනියන්න නෙමෙයි තිබුනේ. මුදලුත් දීලා ගෙදර අරින්න තිබුනේ. (නදී)

:       0       0

උපුල Friday, 08 February 2013 08:06 AM

වැරදීමකින් හරි මෙම ප්‍රශ්ණය උසාවිය කරා ගෙනගිය පොල් වත්ත අයිතිකරුට හා අදාල පොලීසියට අපගේ ප්‍රණාමය. මේක මෙහෙම කලේ නැතිනම් බලධාරීන් තවම නිදි. දැන් කට්ටියම කෑගහනවා. මෙම දරුවගැන බලන්න කට්ටිය ඔනතරම් දැන් ඉතින් ඉදියි. මීට කලින් කෑවද කියලවත් බලන්න එකෙක් නැහැ. මේවගේ ලමයි තව කොච්චර ඉන්නවද? මිනිසුනේ දැනවත් අන් අය ගැනත් අවධියෙන් හිටපල්ලා.(නදී)

:       0       0

අමරා Friday, 08 February 2013 08:22 AM

බියගම, මාකොළ පැත්තෙත් මේ වංචාව ජයටම යනවා. (නි)

:       0       0

නාලක Friday, 08 February 2013 08:29 AM

පාර්ලිමේන්තුවේ තීන්ත ගාන්න මන්ත්‍රීවරුන්ගෙන් සල්ලි එකතු කරන්නෙ නැද්ද? (නි)

:       0       0

සමන් Friday, 08 February 2013 08:31 AM

මේ දරුවා අඩු අදායම් දෙමාපියන්ට ලොකු උදවුවක් කළේ. හැම පාසලකම සැම අවුරුද්දකම තීන්ත ගාන්න අසාධාරන මුදලක් ගන්නවා. ඒක නවත්වන්න. මමත් තීන්ත ගාන්න සල්ලි වෙනුවට පොල් ගෙඩි 8 ක් පාසලට දෙනවා. (නි)

:       0       0

ඉන්දික Friday, 08 February 2013 08:58 AM

ආන්ඩුව සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව දුන් සල්ලි වලට විදුහල්පතිලා කරන්නේ මොකක්ද කියන එකයි. (නි)

:       0       0

අරවින්ද Friday, 08 February 2013 09:19 AM

මේ දරුවාට නියම කළ ඇප මුදල සහ කාන්තාවක් කෙළෙසූ දේශපාලඥයෙකුට නියම කළ ඇප මුදල දෙස බැලූ විට ඒ ගැනත් දෙවරක් සිතන්න වෙනවා. (නි)

:       0       0

ජයක්ත Friday, 08 February 2013 09:36 AM

මේ වගේ සුළු ප්‍රශ්න වලට පොලිසියේ මහත්තරු ඉක්මනින් උසාවි යනවා. අදාල ප්‍රශ්න ගැක තමාගේ හදවතට තට්ටු කරලා බලන්න මෙ ළමයා කොතරම් අසරනද කියලා. ඔය කාරනයට අත්සන් කරපු පොලිසියේ ලොකු මහත්කයටවත් මේ ගැන කල්පනා වුනේ නැද්ද?(නදී)

:       0       0

නිත්‍යා Friday, 08 February 2013 09:42 AM

ජීවන විදයමේ හැටියට බොරු අලංකාර කරන්න යොදවන්න මුදල් දෙමාපියන් සතුව නෑ. පුළුවන් විදියකට ඩෙස් පුටු හදාගෙන ළමයින්‍ට ඉගැන්වීම් කරන්න. (ස)

:       0       0

දිලාන් Friday, 08 February 2013 09:47 AM

මගේ දියණියත් යන්නේ බම්බලපිටියේ රජයේ බාලිකාවකට. පන්තියේ තීන්ත ගාන්න ළමයෙක්ගෙන් රැපියල් දාහ ගානේ එකතු කලා. පන්තියේ ළමයි 46 ක් ඉන්නවා. එහෙමත් අරගෙන 9 වෙනිදට තීන්ත ගාන්න දෙමවිපියන්ට එන්න කියලක් තියෙනවා.(නදී)

:       0       0

ශාන්ති Friday, 08 February 2013 10:03 AM

අපේ කාලේනම් ඔහොම සල්ලි අරන් නැහැ අපේ පාසල් වල (ස)

:       0       0

සංජීව Thursday, 07 February 2013 07:40 PM

ලොකු මිනිසුන්ගේ මෝඩ වැඩ නිසා පාසැල් දරුවෝ නොමග යනවා. හැමදාම ලංකාවේ සිද්ද වෙන්නේ ඕක තමයි.(නදී)

:       0       0

පෙඩිරික් Thursday, 07 February 2013 07:41 PM

සිසුවිය නිදහස් කර පාසැලේ විදුහල්පතිට දඩුවම් කරන්න.(නදී)

:       0       0

ඉසුරංගි Friday, 08 February 2013 10:53 AM

ඇත්තටම මේ දේ නිසානේ අද ඔය පාසැල් වල මගඩි එලි වුනේ. (නදී)

:       0       0

චාමර Friday, 08 February 2013 10:58 AM

මේ දරුවා කරලා තියෙන්නේ ගුරුවරු කියපු දේ පිළිපැදීම මිසක් මුදල් සොයා ගැනීමේ ක්‍රම වල හොඳ නරක නොවේ , කෝටි ගණන් පිල්ලි ගහන හොරු යහතින් සිටිද්දි මෙවැනි බාලවයසේ දරුවන්ට මෙහෙම කරන්නේ ඇයි ?? (ස)

:       0       0

සදුනී Thursday, 07 February 2013 08:51 PM

මොන පරික්ෂනද?(නදී)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 09:11 PM

උපදේශන ක්‍රියාවලියට පොල් වත්තේ අයිති කාරයත් පළාත් ප්‍රධාන ඇමති වරයාත් අදාල අධ්‍යාපන නිලධාරිනුත් ඇතුලත් කිරීම සුදුසුයි .(නදී)

:       0       0

තුෂාර Friday, 08 February 2013 11:56 AM

මේ ගැන දිගින් දිගටම කතාකරන්න හොද නැහැ මොකද මේ දැරිය ඉගෙන ගන්න ඕනේ. ගුරුවරු අපේ දෙවිවරු තමයි ඒත් මේ සිද්ධියෙදි හරි කුහක වෙලා. උසාවියෙන් නිදහස් කලත් දැනටමත් ඒ දරුවට දසවද දීල ඇති මානසිකව. මේ දරුවව උසාවියට දාපු පොලිස් ලොක්කව නම් හොයාගෙන ලොකු සම්මානයක් දෙන්න ඕනේ නිර්භීත කමට.(නදී)

:       0       0

පද්මි Friday, 08 February 2013 12:04 PM

පිටරට වල ඉන්න අපිත් දන්නවා ලංකාවේ පාසල් වල වෙන අසාධාරණකම්. නමුත් ලංකාවේ අය දන්නෙ නැහැ? (නි)

:       0       0

අප්පු Friday, 08 February 2013 12:20 PM

අමාත්‍යංශයෙන් අවශ්‍ය මුදල් නොලැබීම නිසාද මෙහෙම මුදල් එකතු කරන්නේ? (නි)

:       0       0

දයානන්ද Friday, 08 February 2013 12:41 PM

කොස් පොල්වලට මිනිස්සු උසාවි ඇරලා පෙන්නන්න හදන්නේ රටේ නීතියයි. ඒත් කෝටි ගනන් වංචා කරන අයට කිසිම හානියක් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site