IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


භාර්යාවෝ හැදූ හැටි සුධර්මා කියයි..

ඇය ප්‍රකට ව්‍යාපාරික ගාමිණී නෙත්තිකුමාරගේ බිරිඳයි. නමුත් බොහෝ දෙනෙක් ඇය හඳුනන්නේ කලා ක්ෂේත්‍රයට බෙහෙවින් සමීප චරිතයක් හැටියටය. කලාවේ හරයට මුල්තැන දෙමින් එය අර්ථාන්විත කිරීමේ පරමාර්ථයෙන් කටයුතු කරන ඇය සුධර්මා නෙත්තිකුමාරය 'ගඟ අද්දර' ටෙලි වෘත්තාන්තයට නිෂ්පාදනයෙන් දායක වූ ඇයල පිළිබඳ මේ දිනවල කතාවන්නේ සිරස නාලිකාවේ දිනපතා රාත්‍රී 9.00ට විකාශය කරවන 'භාර්යාවෝ' නාට්‍ය මාලාව නිසාය. එහි නිෂ්පාදිකාව වන ඇය නිෂ්පාදනයේ කර්තව්‍යයට එහා ගිය චරිතයකි. එනිසා බොහෝදෙනාගේ අවධානයට නතු වූ ‍'භාර්යාවෝ' ටෙලි මාලාවට සමීපව කතා කරන්නට ඇයට ආරාධනා කරමු. සුධර්මා ගැන කෙටියෙන්.. කිරිබත්ගොඩදී උපන්න සුදර්මාල ශාන්ත අන්තෝනි බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇත. කුඩා කළ සිටම කලාවට ලැදිව කටයුතු කළ ඇයල ප්‍රේමසිරි කේමදාස ශූරීන් යටතේ වයලීන් වාදනය හදාරා ඇත. ඉන්පසු විශාරද එඩ්වඩ් ජයකොඩි යටතේ සංගීතය හැදෑ රූ ඇය, ගායනය සහ වාදනයට දක්ෂතා දක්වන්නීය. වයස අවුරැදු 16 දී පමණ කේමදාස ශූරීන්ගේ බැලේ ප්‍රසංගයකටද දායක වී ඇත.  විවාහය සමග මවක-බිරිඳක මෙන්ම ව්‍යාපාරික කාන්තාවක ලෙස කාර්යය බහුල වූ නමුත් කලාවට ඇති ගෞරවය නිසා මෙලෙස  නිර්මාණ සමග කරළියට පිවිසේ. එහිදී ප්‍රථමයෙන් සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරණතුංග සමග එක්ව එස් 3(sss) ආයතනය අරඹා ඇත්තේ ප්‍රාසාංගික කලාවේ බොහෝ දේ කිරීම වෙනුවෙනි. ඒ අනුව ග්ලැමර් ඔෆ් ඒෂියාල රෑකාන්ත චන්ද්‍රලේඛා, නිරෝෂා (ආදරය) වැනි ප්‍රසංග මෙන්ම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරීස් මහත්මියගේ "ග්‍රන්ථ එළිදැක්වීමේ උළෙල" වැනි දේ සංවිධානය කර ඇත. ඇගේ ප්‍රධාන ඉලක්කය වන්නේ විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. එහි මූලික ආභාසය උදෙසා "ගඟ අද්දර" ටෙලි නිර්මාණය කළ ඇය ගැන අද කතාවන්නේ 'භාර්යාවෝ' ටෙලි වෘතාන්තය නිසාය. සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් සුධර්මා 'භාර්යාවෝ' නිර්මාණය කළ සැටි අද අපි දැන ගනිමු..   ඔබ ව්‍යාපාරික කාන්තාවක්. ඇයි ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමු වුණේ? ඕනෑම ටෙලි නිර්මාණයක් කරල මුදල් හම්බ කිරීමට හිතාගෙන ආ ගමනක් නෙවෙයි. සල්ලි හම්බ කරන්න අපට ව්‍යාපාර තිබෙනවා. නමුත් කලාවෙ තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. වසර 20කට එහා පරම්පරාවක චිත්‍රපටයක් ලෙස එදා ගඟ අද්දර අතිශය ජනප්‍රිය වුණා. වත්මන් පරපුරට එහි රසය නොමරා දෙන්න ඕනෑ. ඒ නිසා අපි ඒ අභියෝගය බාරගෙන හොඳ නිර්මාණයක් කළා. පසුව සාරංග තමයි එදා ඒ අදහස දුන්නෙ.   ඒ කියන්නෙ ඔබ සාම්ප්‍රදායික නිෂ්පාදන කියන ලේබලයේ සිට නිර්මාණ කරන්නෙ නැහැ කියන එකද? ඇත්තෙන්ම ඔව්.  මම කරන නිර්මාණයට සමීපව කටයුතු කරන කෙනෙක්. ඒ නිසා තමයි මට මගේ අදහස් ගැන වටහලා දෙන්න පුළුවන් නිර්මාණකරැවකු යොදා ගත්තෙ. සාරංගගේ නිර්මාණ ශෛලිය ඉතා හොඳයි.   දැන් අපට කතා කරන්න තියෙන්නෙ භාර්යාවෝ ගැනනේ. අපි ඒ ගැන කතා කළොත්? ඔව්, දැන් සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 9 ට සිරස රෑපවාහිනිය ඔස්සේ භාර්යාවෝ විකාශ වෙනවා.   නමුත් එය ටෙලිනාට්‍ය වටා වැඩි පිරිසක් එක්වන සම්මත වෙලාව නෙවෙයි නේද? අපි කොටස් 30ක් පමණ රූගත කර හමාරව සිටියදී සිරස ආයතනයෙන් අපට මේ අවස්ථාව ලැබුණා. අද තියෙන හොඳම ටෙලිනාට්‍ය බෙල්ට් එක එයයි. කොහොමටත් නාට්‍යයක් කරල එය පුස් කකා තියන්න ඕන නැහැ. සිරස ඔස්සේ භාර්යාවෝ විකාශය වීමත් සමග අපට ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි.   අද මෙගා රුල්ලේ ටෙලි නාට්‍ය ගැන බොහෝ දෙනා කතා වෙන්නෙ අසුබවාදීවයි. ඇයි ඔබ මෙගා රුල්ලට ගියේ? අපි මෙය කළේ මෙගා සංකල්පය යටතේ නෙවෙයි. අද ප්‍රශ්න තියෙන්නේ භාර්යාවන්ට විතරක් නෙවෙයි. පවුලක් ගත්තොත් පුරැෂයන්ට පවා ඒ පවුලේ ප්‍රශ්න තියෙනවා. ඒවා විටෙක හරිම සංකීර්ණයි. විටෙක නිමාවක් නැති ප්‍රශ්න. ඒ සියල්ල එකිනෙකාට වෙනස්. ව්‍යාපාරික කාන්තාවක ලෙස මට තියෙන ප්‍රශ්න නෙවෙයි. වෙනත් අයට තියෙන්නෙ. දරුවන් කසාඳ බන්දලා දුන්නා කියල එතැනින් වගකීම් ඉවර වෙන්නෙ නැහැ. තරාතිරමල රුකියාවල ජීවන රටාව ආදී සියල්ල සමග එකිනෙකාට තියෙන ප්‍රශ්න බොහොමයි. ඒ නිසාම ඉතාම දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් විතරක් නෙවෙයිල ටෙලි නිර්මාණයක් කිරීමේදී යොදා ගත හැකි හොඳම පිරිස් මේ සඳහා යොදාගත්තා. එහෙම කරලා මෙගා කියන දේට අපි අර්ථයක් ලබා දුන්නා. හොඳ දේ කරන්න පුළුවන් කියලා අපි එයින් ඔප්පු කළා. මේක මෙගා වුණාට ඒ රුල්ලේ සිට කළ නාට්‍යයක් නෙවෙයි. සංකීර්ණ මාතෘකාවක් වුණාට ප්‍රායෝගිකව සරලව මෙය ඉදිරිපත් කරනවා. මට මුලින්ම මේ අදහස් දුන්නේ මගේ හිතාදර මිතුරියක වන වෛද්‍ය තනුජා ෆොන්සේකා අබේනායකයි. ඉන්පසු තවත් මගේ මිතුරියක වන ශෂී වීරවංශ සමග කතා කරමින් සිටිය දී පිටරට කතාවක් ගැන මම එයාට කිව්වා. එයා කිව්වෙල නැහැ අපි අපේ කතාවක් කරමු කියල. ඒ අනුව හේමන්ත ප්‍රසාද් සමග එක්ව ඇය කතාව ලියාගෙන ගියා. එහිදී සමහර තැන්වලදී අපි දෙන්නට දෙන්නා එකඟ නොවන දේත් තිබුණා. මේ නිසා සංවාද - විවාද පවා වුණා. එහෙම කළේ හොඳ නිර්මාණයක් වෙනුවෙන්. ඒ අනුව අන්තිමට අපි මෙය අධ්‍යක්ෂකට සහ තිර රචකයාට බාර කළා. අන්තිමට භාර්යාවෝ ලෙස.  (ලෝකයටම පොදු කාන්තාවන්) හොඳ නිර්මාණයක් බිහිවුණා. ශෂී මෙහි තේමා ගීතය අපූරුවට රචනා කර දුන්නා.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

භාර්යාවෝ හැදූ හැටි සුධර්මා කියයි..

දිනූෂි Tuesday, 17 January 2012 10:21 AM

හරිම ලස්සනයි. බුදු හාමුදුරුවෝ දේශනාකළ සප්ත භාර්යාවෝ සංකල්පය හරියටම රග දක්වනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 679 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site