හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන් පස් දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය.
මංජුල ප්‍රසාද් හෙට්ටිආරච්චි, කේ ඒ ලංකා රසාංග, ඩබ් ඒ මාලක සංජීව, තරිඳු අසංග සහ ආර් ගාමිණී රුපියල් 25000ක මුදල් ඇප හා රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හරින ලෙසත්, ගමන් බලපත්‍ර අධිකරණයට බාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
2011 ඔත්තෝබර් 08 වැනිදා පළාත් පාලන ඡන්දයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමෙන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් වෙඩි වැදී මරුමුවට පත් වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද වෙඩි වැදී තුවාල ලබා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය සාධාරණව ඉටු කරනකල් අපිත් බලාගෙන ඉන්නවා. (නි)
මෙහෙම යනකොට භාරත කියලා කෙනෙක් හිටියද කියලාවත් කට්ටියට අමතක වෙන කාලයක් ඒවි. (නි)
ඔහොම දෙයක් වුණාද මෙහේ? අනේ අපිට මතක නැහැනේ. (නි)
එතුමාට වැදිලා තියෙන්නේ කාලතුවක්කු උණ්ඩයක්ද මන්දා? මෙච්චරකල් යන්නේ මොකද සුවවෙන්න? (නි)
අපිට දැන් මේවා මතකත් නෑ (ස)
මෙන්න මෙයයි නීතිය. (නි)
2013 වසරේදී තම තමන්ගේ ආරක්ෂාව තම තමන් විසින් බලාගත යුතුයි. (නි)
කවුද මෙයාලා? මට නම් මතක නැහැ.ඇත්තමයි. (නි)
මොනවා වුණත් තුවාලය හොද වෙන්න මෙච්චර ගොඩක්කල් ගතවෙන එකත් රෙකෝඩ් එකක් තමයි. (නි)
කොහොමත් වැදගත් මහත්තැන්ලා රිමාන්ඩ් එකේ තියාගන්න එක හරි නැහැ. (නි)
අර දුමින්ද මහත්තයාගේ සුව නොවෙන තුවාලය ගැනත් අපිට තොරතුරු දැනගන්න ආසයි. (නි)
මරුමුවට පත් වූ අනෙක් තිදෙන ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? (නි)
කවදද අප්පා මේ වගේ දෙයක් උනේ?(නු)
දුමින්ද සිල්වා මහතාණෙනි. ඔබට ඉක්මන් සුවය ලැබී මව් බිමට ඒමට පතන්නෙමි.(නු)
තරාතිරමක් නොබලා නිතිය හරියට ක්‍රියාත්මක කරනකම් ලංකාවේ කට්ටිය බලාගෙන ඉන්නවා. බලමු මේකත් ඉතිහාසයට ඒත්තරා සිද්ධියක් ලෙස ලැයිස්තුවට පමණක් ඒක් වේවිද කියල (ස)