
(විමුක්ති එස් රුද්‍රිගු)
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් තිබෙන බවත් ඔහු හෙට ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එරට ඔබ්සර්වර් පුවත්පත වාර්තා කළේය.
ඔහුගේ නික්ම යාමේ දින වකවානු එහිදී ඔහු ප්‍රකාශයට පත් කරනු ඇති බවත් එරට ඔබ්සර්වර් පුවත්පත වාර්තා කළේය.
ස්ටාර්මර්ගේ අගමැති ධුරයට මාස කීපයක සිට අවදානමක් එල්ල වී තිබූ අතර පසුගියදා පැවැති මැකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ස්ටාර්මර්ගේ ප්‍රතිවාදියා වූ ඇන්ඩි බර්න්හැම් ලැබූ ජයග්‍රහණයත් සමග මෙවැනි තත්ත්වයක් උද්ගතවී ඇති බව එහි සඳහන්ය.
බර්න්හැම්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසනයක් හිමිවීමත් සමග ස්ටාර්මර්ට අභියෝග කිරීමට ඔහුට හැකියාව ලැබී ඇති අතර ස්ටාර්මර ඉල්ලා අස්වුවහොත් මීළඟ අගමැති ධුර අපේක්ෂකයා වන්නේ ඔහු බවද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd