IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බහරේනයට තානාපති කාර්යාලයක්

බහරේන්හි හැදී වැඩුණු ශ්‍රී ලාංකික නිළියක බහරේනයේ මැනමා  අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට මූලික වීයැයි බහරේනයේ ඉන්දියා ප්‍රවෘත්ති නාළිකාවක් කියයි.

ශ්‍රී ලංකාවේ උපන් ජැකලින් ෆර්නෑන්ඩස් එම නිළියයි.

ඇය ශ්‍රී ලංකා රජය සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් තානාපති කාර්යාලය ළඟදී විවෘත වීමට නියමිතය. මෙතෙක් එහි පැවතියේ කොන්සල් කාර්යාලයයකි. ගල්ෆ් දේශයේ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇය   තානාපති කාර්යාලයයක් විවෘත කරවා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉහළම බලධරයන් සමග සාකච්ඡා කළ බවත් එම නාළිකාව පවසයි.

ජැකලින් සිය මව්පියන් සමග බහරේනයේ ජීවත්වන්නීය.



අදහස් (0)

බහරේනයට තානාපති කාර්යාලයක්

ප්‍රසන්න Tuesday, 19 February 2013 12:12 PM

උදය හරිම අසුභවාදීයි. (නි)

:       0       0

ඉන්දික Thursday, 21 February 2013 12:40 AM

හරි හොද වැඩක්.(දී)

:       0       0

අනුර Monday, 18 February 2013 11:49 PM

අවංකවම සතුටු වෙනවා. (නි)

:       0       0

එරංග Monday, 18 February 2013 04:03 PM

ඔයා ඉල්ලනවා නම් මම ඉරයි හදයි දෙකම දෙනවා. (නි)

:       0       0

ජයතිස්ස Monday, 18 February 2013 04:16 PM

ඔබතුමිය වගේ අය සදා අමරණීයයි. අපගේ සුභ පැතුම් . (ස)

:       0       0

සී.ඒ.එච්.එම් විජේරත්න Tuesday, 19 February 2013 12:32 PM

ඒක අමූලික බොරුවක්. එයාගේ කිසිම සමිබන්ධයක් මේකට නැහැ. බහරේන්වල ජනතාව වගේම රැකියා සපයන ආයතන වල ඉල්ලීම මත මමත් ඩිලාන් පෙරේරා ඇමතිතුමාත් ජනාධිපති තුමාට දන්වා මෙය ඉටු කළා. (සී.ඒ.එච්.එම් විජේරත්න, තානාපති කුවෙට්, බහරේන්). (නදී)

:       0       0

නුවන් Monday, 18 February 2013 04:37 PM

ජයතිස්ස අරයටත් ඔහොම කියන්න ඇති. (නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:36 PM

ජැකලින් ෆර්නෑන්ඩස් මා බෙහෙවින් කැමති අපේ ශ්‍රී ලාංකික යුවතියක්. ඇය බොහෝම කාරුණිකයි. ඒ වගේම හදවත මානුෂික ගතිගුණවලින් පිරිලා. රූමත් වගේම බොහෝම හොඳ පුද්ගලික ගතිගුණ ඇය සතුව තිබෙනවා.(නදී)

:       0       0

රකිත් Tuesday, 19 February 2013 03:41 AM

කොන්සල් කාර්යාලයේ සේවය කරපු අයට දැනුනේ නැද්ද තානාපති කාර්යාලයක අවශ්‍යතාවය? එහෙම නැත්නම්, බහරේන්වල සිටින කිසිම ශ්‍රී ලාංකිකයෙක් මේ දක්වා මෙවැනි ඉල්ලීමක් කරලා නැද්ද? (නි)

:       0       0

කෙවින් Monday, 18 February 2013 05:11 PM

හොද උත්සාහයක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 19 February 2013 04:59 AM

ඔබතුමියට තිබෙන උවමනාව අපේ ගොඩක් නිළධාරීන්ට නැහැ. (නි)

:       0       0

අසේල - කටාර් Tuesday, 19 February 2013 12:56 PM

බහරේන් වලට තානාපති කාර්යාලයක් ලැබුන එක ගැන සතුටු යි . ඕක ඔච්චර කල් ගියේ එතන ලැගලා ඉන්න බහිරවයෙක් කාටවත් බහරේන් වලට එන්න දුන්නේ නැහැ.(නදී)

:       0       0

ශිරාස් Tuesday, 19 February 2013 01:07 PM

දයියා....... දයියා...(දී)

:       0       0

ගයාන් Monday, 18 February 2013 05:27 PM

ඔබ තුමියට ගොඩක් පින්.(නදී)

:       0       0

උදය Tuesday, 19 February 2013 06:40 AM

පරිස්සම් වෙන්න. සාගරිකා ගෝමස්ට වුන දේ මතකනේ. දේශපාලඥයින්ට ලංවුනොත් ප්‍රශ්ණ ඇති වෙයි.(නදී)

:       0       0

වෙලිගම Tuesday, 19 February 2013 07:52 AM

රකිත්, තානාපති කාර්යලෙයක් ඉල්ලීම විවිද වකවානුවල කරලා තියෙනවා. මේ ගැන ඉල්ලීමි කරලා දහස් ගනන් අත්සන් තැබූ ලියුමි සමග පාර්ලිමේන්තුවට පක්ෂ, විපක්ෂ නායකයෝ ඔක්කෝටම එවලා තියෙනවා. සාමූහික ඉල්ලීමකට හෝ තනි ඉල්ලීමකට ඒක වෙනවානම් හොදයි කියන එක තමයි මගේ හැගීම.(නදී)

:       0       0

චන්දන Monday, 18 February 2013 05:51 PM

ජාත්‍යන්තර සම්බන්දකම් පවත්වන කොට වැදගත් ආයතනයක් (දී)

:       0       0

පොඩි ශාන්ත Monday, 18 February 2013 05:58 PM

ඔබට ස්තුති (දී)

:       0       0

දුමී Tuesday, 19 February 2013 10:38 PM

ඔබ වැනි කාන්තාවන් රටට සම්පතක්. රූපය වගේම හදවතට හොද සිතුවිලි පහල පහල වීම ගැන ස්තුතියි.(නදී)

:       0       0

සිල්වා Tuesday, 19 February 2013 02:44 PM

හොදින් වැඩ කටයුතු කරගෙන යන්න (දී)

:       0       0

නාමල් Monday, 18 February 2013 06:54 PM

ඔබතුමියගේ වැඩේ විශිෂ්ටයි. හැබැයි පරිස්සමින් හොදේ. (නි)

:       0       0

ෆෙඩී Monday, 18 February 2013 07:09 PM

ඔබතුමියට ජේසු පිහිටයි! (නි)

:       0       0

රකිත් Tuesday, 19 February 2013 09:54 AM

වෙලිගම, ඉල්ලීම ඉටුවීම හොඳ බව පිලිගනිමි. නමුත්, සාමුහික ඉල්ලීම ඉවත දමා, නිළියකගේ තනි ඉල්ලීමකට අනුමැතිය දුන්නේ නම් එය වැරදියි.(නදී)

:       0       0

ජනක Monday, 18 February 2013 07:35 PM

වැඩේ නම් හොදයි, හරියට කෙරෙනවා නම්. (නි)

:       0       0

චමින්ද Monday, 18 February 2013 07:45 PM

ඔබ තුමිය මේ වගේ ලංකාවේ සිනමාවත් ගොඩගන්නවා නම් බොහොම අගෙයි.(නදී)

:       0       0

ලලිත්-කටාර් Monday, 18 February 2013 07:47 PM

කොහේ හිටියත් තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් යමක් කිරීම කාගේත් යුතුකමයි. ඔබ තුමියට අපේ ආචාරය.(නදී)

:       0       0

හේරත් Monday, 18 February 2013 07:54 PM

අහා! ඒ කියන්නේ අපි වැඩකාරයෝ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 23 February 2013 09:50 AM

මම පුද්ගලිකව ජැකලින් ෆර්නෑන්ඩස් හඳුනනවා. ඇය බෙහෙවින් ශ්‍රී ලාංකික ගති ගුණ අගය කරන යුවතියක්. ඒ වගේම අනුන්ට උපකාර කිරීමට නිතර සිතන බොහෝ යහපත් චරිතයක්. බෙහෝ දෙනෙකු ඇයව දැන හඳුනන්නේ නිකම්ම නිකම් රූප සුන්දරියක් ලෙසයි. නමුත් මම ඇයම සමීපව දන්නා හඳුනන කෙනෙකු ලෙස ඇගේ රූපයට වඩා උසස් ගති ගුණ ඇය සතුට තිබෙන බව හොඳින්ම දන්නවා. මම හිතන විදිහට ඇය මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික යුවතියකට වඩා සිංහල බෞද්ධකම හා අපේ කම අගයන චාම් සිංහල බෞද්ධ යුවතියක්. මම ඇයගේ මේ ක්‍රියාව සෑම අතින්ම අගය කරනවා. (නි)

:       0       0

ලලිත්-ඉතියෝපියාව Tuesday, 19 February 2013 03:34 PM

පෙනෙනවද කාන්තාවන්ට තියෙන බලේ.(නදී)

:       0       0

ගාමිණි Monday, 18 February 2013 08:41 PM

විදේශ කටයුතු ශක්තිමත් කිරීමක් (දී)

:       0       0

හිල්මි Monday, 18 February 2013 09:28 PM

ලංකාවේ බලධාරීන්ගෙන් කිසිම දෙයක් ලබාගන්න බැහැ. (නි)

:       0       0

හිල්ම් Tuesday, 19 February 2013 04:31 PM

විදේශ ප්‍රතිපත්තියට හොදයි (දී)

:       0       0

හනා Tuesday, 19 February 2013 04:37 PM

ඉතා සන්තෝසයි (දී)

:       0       0

සුරේෂ් Monday, 18 February 2013 10:20 PM

සිනමාවට වගේම රටටත් ඔබ වැඩදායක නිළියක්. (නි)

:       0       0

හේරත් Tuesday, 19 February 2013 05:08 PM

තානාපතිතුමනි, උත්තරේ නම් හොදයි. ඒ වුනාට පත්තර වාර්ථා වලට තනතුරට ගැලපෙන තැනක, ගැලපෙන උත්තරය ලිව්වා නම් මල් පහයි.(නදී)

:       0       0

රූපසිංහ Tuesday, 19 February 2013 11:55 AM

ජැකලින් මහත්මියට ස්තුති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site