ඖෂධ හා විටමින් සිල්ලර මිල සලකුණු කිරීම අනිවාර්ය බව පාරිබෝගික අධිකාරිය කියයි. වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව මේ පියවර ගෙන ඇත. සියලු ඖෂධ හා විටමින් සඳහා මිල පාලනයක් ඇති කිරීම මේ වැඩපිළිවෙලේ දෙවැනි අධියරේදී සිදු කරන බව ද ඇමැති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (ස)
මිළ ප්‍රදර්ශනය නැති වූ විට ජනතාව මහත් අපහසුතාවයට පත්වෙනවා තමයි. (නි)
දොස්තරලගෙ මිලත් ප්‍රදර්ශණය කරනවා නම් වඩා හොදයි. (නි)
බොහොම හොඳයි (ස)
අන්න හොද වැඩක්.අගය කළ යුතු දේ භේදයක් නැතුව අගය කළ යුතුයි (ස)
හොඳ වැඩක් ! හැබැයි දිගටම ක්‍රියාත්මක විය යුතුයි (ස)
අන්න හොඳ වැඩක්. මගදි නතර කරන්නේ නැතුව දිගටම කරගෙන යන්න (ස)
ඕක හැමදාම කිව්ව දෙයක් නේද ? (ස)
හොද තීන්දුවක් (දී)
කියන ඒක පහසුයි. ක්‍රියා කරන ඒක තමා අමාරු ,අමාරුවෙන් හරි ක්‍රියා කරනවා නමි 2013 ආරම්භය සුභයි.(ස)
මෙය ඉතා අගය කළ යුතු තීරණයක්. විශේෂයෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් විසින් ගම්බදව පවත්වාගෙන යන ඔසු අලෙවිසල් වල නියමිත මිල මෙන් දෙගුණයක් ඉක්මවා බෙහෙත් අලෙවි කරන සිදුවීම් මා අත්දැකීමෙන් දන්නවා. කීප වරක් මෙවැනි දේවල්වලට ලක් වුණ අය ඒ ගැන පැමිණිලි කිරීමට යොමුකළා. එහෙත් කිසිදු ප්‍රතිඵලයක් නොවුණේ කලාපයේ ආහාර හා ඖෂධ පාලකවරුන් මාසිකව මෙවැනි හොර තක්කඩින්ගෙන් දීමනාවක් ලබන පුරුද්දක් ඇති නිසයි. අඩුගාණේ බෙහෙත් ඇසුරුමේ මිල සඳහන් වෙනවා නම් පාරිභෝගිකයාට වැඩි මිලක් නොගෙවා සිටීමට ප්‍රවේශම් විය හැකියි. අනෙක් අතට, මිල ළකුණු කිරීම අදාළ වෙළඳ සමාගමෙන්ම සිදුකරන විට මිල ගණන් ගැන ෆාමසි හිමිකරුවන්ට නිකරුණේ චෝදනා එල්ලවීමත් වළකිනවා. (නි)
කියන විදියටම වෙනවනම් හොඳයි (ස)
අනේ! බොහොම හොද වැඩක්. (නි)