IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බසය පුරා නයි ඇදෙති

මහනුවර කුරුණෑගල බසයක ගමන් ගත් නයි නටවන්නන්නන් සිව් දෙනකුගේ මල්ලකින් නාගයන් නව දෙනකු ද, පිඹුරන් දෙදෙනෙකු ද බසයේ ඇදෙන්නට වීම නිසා මගීහු භීතියට පත් වූහ. ඉරිදා රාත්‍රී 11 බසයෙන් ගමන් ගත් නයි නටවන්නන්ට නින්ද ගොස් තුබූ බවත් කියති.

ගලගෙදර පොලිස් ස්ථානාධිපති එම් බී චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිසක් එහි පැමිණ නාගයන් ද, පිඹුරන්  දෙදෙනාද, රිලවකු ද නයි නටවන්නන් සමග පොලීසියට ගෙන ගිය බව වාර්තා වේ.

එම සතුන් හා අයිතිකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

 

 

 



අදහස් (0)

බසය පුරා නයි ඇදෙති

දෝහා Monday, 28 January 2013 09:49 PM

නයි ටික තේ බොන්න හිතිලා මල්ලෙන් එළියට ආවද දන්නෙ නැහැනේ. (නි)

:       0       0

ලංකාසිරි Monday, 28 January 2013 03:30 PM

රජය මැදිහත්ව මේවා නැවැත්විය යුතුයි. සත්ව හිංසනය ජීවනෝපායක් කරගැනීම පිරිසකට විතරක් අවසර ලාබා දීම නොකල යුතුයි (ස)

:       0       0

පිටිගල Monday, 28 January 2013 03:54 PM

අහක යන නයිනම් ඇ‍‍ඟේ දා ගන්න එපා (ස)

:       0       0

ධම්මික Monday, 28 January 2013 04:20 PM

නයි නළගන බලන්න නයි ටික රෝහලට යනගමන් වෙන්න ඇති. (නි)

:       0       0

කීර්ති Tuesday, 29 January 2013 12:03 AM

ඒ කියන්නේ අහිකුණ්ඨිකයොත් පැය 48ක් හිරේද? (නි)

:       0       0

ගාමිණි Monday, 28 January 2013 05:41 PM

මේ අහිකුණ්ඨිකයොත් අර නයි නංගී වගේ නයින්ව කරේ දමාගෙන බස් එකේ ගියාද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඩයස් Monday, 28 January 2013 06:11 PM

මේ අයත් නයි නළගන වගේ ජනප්‍රිය වෙන්න නයි ටික අතහැරියද දන්නේ නැහැ. මොනවා වුණත් පොලෝසියේ ඇත්තෝ එළිවෙනකම් නයි නැටුම්, රිලා නැටුම් බලන්න ඇති. මොකද මිනිස්සුන්ව කූඩු කළාට සත්තුන්ව කූඩු කරන්න පැය 48 නීතියෙ මොකුත්ම සදහන් වෙලා නැහැනේ. නේද? (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 07:08 PM

මේ අය සර්කස් එකකට යන ගමන්ද කොහෙද? (නි)

:       0       0

ඩියෝ Monday, 28 January 2013 07:13 PM

බස් වල නයින් ගෙනියන්න ‍හොද නැහැ.

:       0       0

බණ්ඩාර Tuesday, 29 January 2013 02:42 AM

නයි නටවන අහිංසක මිනිස්සු ඇගේ අමාරැවට ටිකක් ගන්න ඇති..!(නු)

:       0       0

ෂෙරිෆ් Tuesday, 29 January 2013 02:50 AM

වර්තමානේ අපේ රටේ ඉන්නේ බාගෙට බාගයක්ම උන්මත්තකයි..!(නු)

:       0       0

කෝදාගොඩ Monday, 28 January 2013 07:20 PM

මරේ මරු ඇති. (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 28 January 2013 01:50 PM

උසාවියේ නඩු අහන පෙරකදෝරු මහත්තුරුත් මේ නයි ටික දැකලා පණ කඩාගෙන දුවයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කිත්සිරි Monday, 28 January 2013 01:54 PM

අයෙත් උසාවියට නයි නඩුවක් (ස)

:       0       0

රංග Monday, 28 January 2013 01:57 PM

ඉතා ඉක්මන් පුවත් සැපයීම ගැන අපිට සතුටුයි. (නි)

:       0       0

වරුණ Monday, 28 January 2013 02:12 PM

බස් එකට නයි , පිඹුරෝ පටවනකම් කොන්දොස්තර නිදාගෙන ඉඳලද ? (ස)

:       0       0

අනුර Monday, 28 January 2013 02:19 PM

මේ සේරම අර නළඟනට දුන්නනම් හරි (ස)

:       0       0

පාලි Monday, 28 January 2013 02:17 PM

රාත්‍රී කාලයේ සතුන් මෙලෙස ප්‍රවාහනය කිරීමට විරුද්ධව ගතහැකි නීතිමය පසුබිමක් තියෙනවාද ? (ස)

:       0       0

චානක Monday, 28 January 2013 09:13 PM

නයාට බුදු සරණයි! (නි)

:       0       0

ඉසාම් Monday, 28 January 2013 02:39 PM

සාත්තරයක්වත් අහලා ඉවරයි. හැබැයි හිරේ ඉන්න අයට නොමිලේ සාත්තර අහගන්න පුළුවන් වෙයි (ස)

:       0       0

චානක Monday, 28 January 2013 09:20 PM

නයින්ටත් අපේ රට ගැන කළකිරිලා වෙන්න ඇති. (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Monday, 28 January 2013 02:43 PM

තවත් නයි නඩුවක් බලන්න පුළුවන් වේවි.මේ නය ටිකත් දෙහිවලට දෙයිද ? (ස)

:       0       0

ජයතිස්ස Monday, 28 January 2013 02:59 PM

මින් පසු මේ වගේ දේවල් නොකරන ලෙස අවවාධ කරලා යැව්වනම් හරිනේ (ස)

:       0       0

ඩෑම් Monday, 28 January 2013 09:46 PM

මම ඒත් හිතුවා අර නළගනවත් කොහේහරි යන ගමන්ද කියලා. (නි)

:       0       0

ඩෑම් Monday, 28 January 2013 09:47 PM

ලස්සනට තියෙන්න ඇති නේද බස් එක ඇතුළේ නයි බඩගාද්දි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site