බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති රිෂ්ලි ඉල්ලියාස් මහතා නැවතත් පත්විය. එහිදී ලේකම්වරයා ලෙස හිටපු ලේකම් ප‍්‍රවීණ රග්බි විනිසුරු ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා නැවතත් පත්ව සිටියි.

එම සංගමයේ 2013/2014 වර්ෂය සඳහා නිලවරණය කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි.

බස්නාහිර පළාත් රග්බි සංගමයේ නව නිලධාරී මණ්ඩලය:
සභාපති - රිෂ්ලි ඉල්ලියාස් මහතා, නියෝජ්‍ය සභාපති - නෂීම් මොහොමඞ් මහතා, උප සභාපතිවරු - එච්. මාසෝ සහ රොෂාන් ඞීන් යන මහත්වරු, ලේකම් - ඩිල්රෝයි ප‍්‍රනාන්දු මහතා, උප ලේකම් - ලක්‍ෂ්මන් විජේසූරිය මහතා, භාණ්ඩාගාරික - තුසිත පීරිස් මහතා, උප භාණ්ඩාගාරික - ශම්රත් ප‍්‍රනාන්දු මහතා, හිටපු සභාපතිවරු - විමල් සේනානායක සහ ෆාෂිල් මොහොමඞ් යන මහත්වරු