IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

බස්නාහිර පළාතට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලියක් පෙබරවාරි 10 වැනිදා  පෙ. ව. 10.00 සිට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

කළුබෝවිල ලකී කී‍්‍රඩා සමාජයේ ස්වර්ණ ජයන්ති බක්මහ සැණකෙළිය වෙනුවෙන් ඊට සමගාමීව පැවැත්වෙන මෙම වොලිබොල් තරගාවලිය පිරිමි, කාන්තා සහ අවුරුදු 22 න් පහළ ආධුනික පිරිමි ලෙස කාණ්ඩ 3 කින් සමන්විතය.

මෙහි ප‍්‍රධානතම කාණ්ඩය වන පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 50,000 ක්ද සහ අනුශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 40,000 ක් ද පිරිනැමේ.

කාන්තා ශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 25,000 ක් සහ අනුශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 20,000 ක් ද, අවුරුදු 22 න් පහළ ආධුනික පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 30,000 ක් සහ අනුශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 20,000 ක් ද පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී. ඊට අමතරව සෑම ශූරතාවක් සඳහාම කුසලානයක් බැගින්ද පිරිනැමේ.

මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන කී‍්‍රඩා සමාජ, සිය අයැදුම්ත්, ප‍්‍රධාන සංවිධායක පියදාස ජයසිංහ, නො. 227, රෝහල පාර, කළුබෝවිල යන ලිපිනයට යොමුකළ යුතුය. නැතහොත් 071-9990157 හෝ 011-2732535 යන දුරකථන අංක වලට ඇමතීමෙන් තරගාවලිය පිළිබඳව වැඩිදුර විස්තර දැනගත හැක.

 



අදහස් (0)

බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site