බස්නාහිර පළාතට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලියක් පෙබරවාරි 10 වැනිදා පෙ. ව. 10.00 සිට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.
කළුබෝවිල ලකී කී‍්‍රඩා සමාජයේ ස්වර්ණ ජයන්ති බක්මහ සැණකෙළිය වෙනුවෙන් ඊට සමගාමීව පැවැත්වෙන මෙම වොලිබොල් තරගාවලිය පිරිමි, කාන්තා සහ අවුරුදු 22 න් පහළ ආධුනික පිරිමි ලෙස කාණ්ඩ 3 කින් සමන්විතය.
මෙහි ප‍්‍රධානතම කාණ්ඩය වන පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 50,000 ක්ද සහ අනුශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 40,000 ක් ද පිරිනැමේ.
කාන්තා ශූරතාවය දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 25,000 ක් සහ අනුශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 20,000 ක් ද, අවුරුදු 22 න් පහළ ආධුනික පිරිමි කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 30,000 ක් සහ අනුශූරතාව දිනාගන්නා කී‍්‍රඩා සමාජයට මුදලින් රු. 20,000 ක් ද පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී. ඊට අමතරව සෑම ශූරතාවක් සඳහාම කුසලානයක් බැගින්ද පිරිනැමේ.
මෙම තරගාවලිය සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන කී‍්‍රඩා සමාජ, සිය අයැදුම්ත්, ප‍්‍රධාන සංවිධායක පියදාස ජයසිංහ, නො. 227, රෝහල පාර, කළුබෝවිල යන ලිපිනයට යොමුකළ යුතුය. නැතහොත්් 071- 9990157 හෝ 011- 2732535 යන දුරකථන අංක වලට ඇමතීමෙන් තරගාවලිය පිළිබඳව වැඩිදුර විස්තර දැනගත හැක.
2025 දෙසැම්බර් මස 04
759
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
572
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි