මාධ්‍ය නිසි පරිදි සත්‍ය වාර්තා නොකළහොත් ශිරාණි බණ්ඩාරනායකට වූ දේ එයාලටත් සිදුවෙතියි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර මහතා කොට්ඨාව ධර්මපාල විදුහලේ උත්සවයකදී ප්‍රකාශ කළේය.
මෙම පාසලේ ප්‍රාථමිකය පිහිටුවීමට සුළු පරිසක් විරුද්ධයි. ඔවුනට පක්ෂව ලියන මාධ්‍යවේදීන් සත්‍ය වසන් කළා. මාධ්‍යවලට අපි කියන්නේ හරියට වාර්තා කරන්න. නැත්නම් ශිරාණි බණ්ඩාරනායකට වෙච්ච දේ එයාලටත් වෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බස්නාහිර පළාත් ඇමැති මාධ්‍යයට අනතුරු අඟවයි
අජිත් Monday, 21 January 2013 12:32 PM
ගුරුතුමා මෙහෙම කියද්දි ගෝලයෝ කොහොම කියයිද ?(ස)
අමිල Sunday, 20 January 2013 10:38 PM
ඒකියන්නෙ ශිරාණි මැතිනියගෙන් පලිගත්ත කියන එකද? (ත)
ෂෙරීෆ් Sunday, 20 January 2013 11:30 PM
වර්තමාන ලංකාවේ චණ්ඩි දේශපාලන ගමන කවදා නතර වේවිද ?(ස)
නුවන් Sunday, 20 January 2013 11:33 PM
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
අපොන්සු Monday, 21 January 2013 04:02 AM
නියමයි නියමයි... (නි)
තිසල් Monday, 21 January 2013 04:45 AM
විහිළුකාරයි (ස)
ලුම්බිණි Monday, 21 January 2013 04:55 AM
මේක අනතුරු ඇඟවීමක් නොවෙයි. මේක තර්ජනයක්. (ස)
ජයනි Monday, 21 January 2013 04:56 AM
අපි මොන තරම් වාසනාවන්ත ජාතියක්ද? (ස)
බුද්ධික Monday, 21 January 2013 05:08 AM
මාධ්‍යට කෙවිටිලි කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා (දී)
කිවි Monday, 21 January 2013 06:30 AM
අපිට අහන්න ලැබෙන්නේ මෙහෙම කතාමනේ. (නි)
සිරි Monday, 21 January 2013 06:41 AM
ඔය කියන දේවල් ගණන් ගන්න එපා (ස)
සෝමතිලක Monday, 21 January 2013 07:07 AM
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑලුනේ (ස)
වරුණ Monday, 21 January 2013 07:31 AM
මොකක් නිසාද දන්නේ නෑ (ස)
මාරස් Sunday, 20 January 2013 05:38 PM
ජනතා ඡන්දෙන් නේද ආවේ? (ත)
ජයා Monday, 21 January 2013 07:31 AM
බලමු කාටද ? මොනවද ? වෙන්නේ කියලා (ස)
ගාල්ලේ සමන් Monday, 21 January 2013 07:38 AM
බස්නාහිර පළාතේ, විශේෂයෙන්ම මහරගම පැත්තේ අය දන්නවා මේ වගේ කතා ගැන. (නි)
ආනන්ද Monday, 21 January 2013 07:41 AM
ඇයි ශිරානි මහත්තියට මොකද වුණේ කියන්නකෝ (ස)
කොස් වත්තේ Sunday, 20 January 2013 05:55 PM
ඒ පාසලෙත් දැන් ලොකු ප්‍රශ්නයක් නේද (දී)
ඩෑම්-දෝහා Sunday, 20 January 2013 05:55 PM
මාධ්‍ය හැම විටම පක්ෂග්‍රාහී නොවී සාධාරණව වැඩ කළ යුතුයි. (ත)
නිමල් Monday, 21 January 2013 08:01 AM
කොච්චර හොද ඇමති කෙනෙක්ද? (නි)
අජිත් කරුණාරත්න Monday, 21 January 2013 08:09 AM
අනේ අපි මෙයාලවනේ ඡන්දය දීලා පත්කරගත්තේ... (නි)
සරත් Monday, 21 January 2013 08:11 AM
නිකන් අමාරුවේ වැටෙන්න එපා (දී)
දම්මි Sunday, 20 January 2013 06:03 PM
ගොඩක් හොඳයි (ස)
සුජීව Sunday, 20 January 2013 06:05 PM
ගිය උඩ.
ලලින් Sunday, 20 January 2013 06:06 PM
මේක අනුවන කතාවක් කියලයි මට කියන්න තියෙන්නේ. (ත)
රොහාන් Monday, 21 January 2013 08:30 AM
ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ... (නි)
අප්පු Monday, 21 January 2013 08:36 AM
අපි දැන් ජීවත් වෙන්නේ ලංකාවේ නෙමෙයි උගණ්ඩාවේ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සරත් Monday, 21 January 2013 08:39 AM
අමිල..බලාගෙන (ස)
බමුණුසිංහ Sunday, 20 January 2013 06:40 PM
හා හා හා හෝ හෝ හෝ.... (නි)
කිත්සිරි Monday, 21 January 2013 08:51 AM
"සත්‍ය" කියන්නේ මොකක්ද? (ස)
කුමාරි Monday, 21 January 2013 08:54 AM
එතුමා ගැන කවර කතාද? (නි)
සම්පත් Monday, 21 January 2013 09:05 AM
බඩුම තමා ??? (ස)
පාලිත Monday, 21 January 2013 09:11 AM
දැන් ඡන්දය දීපු අයට මොනවා හිතෙනවා ඇද්ද? (නි)
ජනක Monday, 21 January 2013 09:15 AM
මාධ්‍යයට එහෙම කියන එක හරි නෑ නේද ? (ස)
දිමුතු Monday, 21 January 2013 09:21 AM
ඇහුණා නේද? කියන විදියට නොකළොත් ඉදලා හමාරයි. (නි)
එම්.එන්.පියරත්න Tuesday, 22 January 2013 09:01 PM
සුරංගනාවියෝ අඩිය තියන්න බය තැන මෝඩයෝ පිනුම් ගහනවලු. (නි)
දම්මි Monday, 21 January 2013 09:33 AM
හොද වැඩේ. (නි)
හිමාල් Monday, 21 January 2013 04:31 PM
කමක් නැහැ. අපි ලබන පාරත් ඡන්දය දෙමු. (නි)
ලලිත් - කටාර් Sunday, 20 January 2013 07:08 PM
පේනවා නේද ඡන්ද කාලෙට එන අයගෙයි දැන් ඉන්න අයගෙයි වෙනස? (නි)
ටිකිරි බණ්ඩාර Sunday, 20 January 2013 07:11 PM
තව පටන් ගත්තා විතරයි. (ත)
අමිල Monday, 21 January 2013 09:46 AM
මාධ්‍යට තර්ජනය කරන්න කාටවත් බැහැ (දී)
බණ්ඩා Sunday, 20 January 2013 07:13 PM
කැලණියේ සංවිධායක කරන්න හොදයි වගේ. (ත)
ජසීම් Sunday, 20 January 2013 07:13 PM
ඔක්කොම දඩයම් කරන්න ආරම්භ කළාද? (ත)
ෂිරාශ් Monday, 21 January 2013 04:42 PM
ලංකාවේ ඉන්න තාලේ දේශපාලකයින් ලෝකයේ කොහේවත් නැහැ. (නි)
අප්පුහාමි Monday, 21 January 2013 10:05 AM
මේ අප ගෙවා දමන්නේ කුමණ හෝරාවක් ද? (ත)
චමින්ද Monday, 21 January 2013 10:10 AM
පාසලක් වගේ වැදගත් තැනක කවුද මේවා කියන්නේ ? (ත)
අජිත් Monday, 21 January 2013 10:12 AM
මෙතුමන්ලා හිතන් ඉන්නේ ඔක්කොම මෙතුමන්ලාගේ කියලද? (ත)
කමල් Sunday, 20 January 2013 07:32 PM
බල්ලන් බිරුවත් ගැල පෙරට යති.(කැමති කෙනෙක් තොප්පිය දාගන්නකෝ) (නි)
විලියම් Sunday, 20 January 2013 07:33 PM
අර රූපවාහිනී නාලිකා කිහිපයටත් මේ තර්ජනය අදාලද? (නි)
නිමල් Sunday, 20 January 2013 07:50 PM
හෙ හේ .. නොදන්නා වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් සුඟක් ඕනෙයි කිව්වලු. ම(ත)
රත්නායක Monday, 21 January 2013 10:35 AM
ජනමාධ්‍යයේ වුණත් යම් සීමා තිබිය යුතුයි. ඒත් මාධ්‍ය එක එක්කෙනාට අවශ්‍ය ලෙස හැසිරිය යුතු නැහැ. (නි)
ප්‍රියන්ත Sunday, 20 January 2013 08:03 PM
මාධ්‍ය නිදහස නැතිකළා කියල උද්ගෝෂණය කරයි (දී)
ප්‍රියා Sunday, 20 January 2013 08:01 PM
මමනම් හිතන්නේ නැහැ මාධ්‍ය අසත්‍ය කියනවා කියලා (දී)
හර්ෂි Monday, 21 January 2013 11:11 AM
හැප්පෙන්නට ආසානම් මාධ්‍ය සමග හැප්පුණාට කම් නැත. නමුත් මෙරට දේශපාලනඥයින් නිසි පාඩම ඉගෙන ගන්නේ එදා බව කිව යුතුමය. (නි)
කොඩිකාර Sunday, 20 January 2013 08:08 PM
මාධ්‍ය කවදාවත් අසත්‍ය දාන්නේ නැහැ (දී)
සෝමපාල Sunday, 20 January 2013 08:11 PM
මේ වගේ අයගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු නොවන්න.අනුකම්පා කරන්න. ඉදිරියේදී තීරණයක් ගන්න (ස)
සනත් Sunday, 20 January 2013 08:20 PM
ශිරාණිට නම් අගවිනිසුරු පට්ටමක් හරි තිබුණා. මේ මිනිස්සුට රජයේ රැකියා නැහැ. එලවන්න වෙන්නේ මෙලොවින් එලොවට තමයි. (නි)
ප්‍රියන්ත Sunday, 20 January 2013 08:29 PM
ඔබතුමාට මුල අමතකයි වගෙයි පෙනෙන්නේ. (නි)
සුනිල් Sunday, 20 January 2013 08:34 PM
කැළණියේ සංවිධායක ධූරයට මෙතුමා හොද නැද්ද? (නි)
ලසන්ත Monday, 21 January 2013 11:36 AM
ඔහොම තමයි යාලුවනේ...රටකට ගිය කලක් (ස)
ෂෙහාන් Sunday, 20 January 2013 08:44 PM
මින් පිළිබිඹු වන්නේ කුමක්ද? (නි)
සරත් Sunday, 20 January 2013 09:07 PM
පෙනෙන හැටියට ගෝඨාභය මහත්තයාට මුලින්ම නැතිකරන්න වෙන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න පාතාලය තමයි. (නි)
අසෝක Monday, 21 January 2013 12:14 PM
අනේ අනේ ඕවද ඉගෙන ගන්න දරුවන්ට දෙන ආදර්ශ ! (ස)