බස් ගාස්තු වැඩි කිරීමට කිසිම හේතුවක් නැති බවත්, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා ගාස්තු වැඩිකිරීමට සැරසෙතොත් ඊට සහාය නොදෙන බවත් මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති ඒ කේ එච් හල්පගේ මහතා කියයි.

තම සංගමයට බස් 1800 පමණ ඇතැයි ද ඔහු පවසයි.

දැනට පවතින ගාස්තු ක්‍රමයෙන් පාඩුවක් නැති බව ද ඔහු අවධාරණය කරයි.