අඩු පහසුකම් වලින් යුත් පාසල් සඳහා නොමිලේ කී‍්‍රඩා උපකරණ බෙදාදීම සහ අවුරුදු 14 න් පහළ නවක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට පැසිපන්දු කී‍්‍රඩාව හදුන්වාදීම සඳහා හම්බන්තොට කී‍්‍රඩා සමාජය විසින් ‘බ්ලූස් කෙයාර්’ නමින් සමාජ සත්කාරක වැඩසටහනක් ආරම්භ කර ඇත.
මෙම වැඩසටහනේ පළමු අදියර සඳහා කොළඹ දිස්ති‍්‍රක්කයේ පාසල් වල පැසිපන්දු කී‍්‍රඩාවෙන් දක්ෂතා දක්වන අවුරුදු 14 න් පහළ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් ‘බ්ලූස් කෙයාර්’ වැඩසටහන ජනවාරි මස 27 දා හෙන්රිපේද්‍රිස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
දිවයිනේ ප‍්‍රවීන කී‍්‍රඩා පුහුණුකරුවන්ගේ අධීක්ෂණය මත කි‍්‍රයාත්මක වීමට නියමිත මෙම වැඩසටහන ඉදිරියේදී සියළුම දිස්ත‍්‍රික්ක වලට ගෙනයාමට බලාපොරොත්තු වන අතර එ සඳහා අනුග‍්‍රහය දැක්වීමට එයාර්ටෙල් ආයතනය ඉදිරිපත්වී සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට කී‍්‍රඩා සමාජය සහ ‘බ්ලූස් කෙයාර්’ වැඩසටහන පිළිබදව දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි විස්තරයක් දෙන්න කියා ඉල්ලා සිටිනවා. මොනවා වුණත් හොද වැඩක්. අපගේ සහයෝගයත් ලබා දීමට කැමතියි. (නි)