බල්ලන්ටද බීර විශේෂයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ බෙන්ඞ්හි ස්කාගාර හිමියෙක් සමත්ව සිටී.
‘‘ඩවුග් ග්‍රොග්’’ ලෙස නම් කර ඇති මේ බීර විශේෂය සාදා ඇත්තේ ශාඛ සාර ජලය හා ධාන්‍ය වර්ග අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරමින්ය. ‘‘පෝෂ්‍යදායී සෞඛ්‍යාරක්ෂිත දියරමය පානයක්’’ ලෙස හදුන්වාදී ඇති මේ නව බීර විශේෂයේ ඇත්තේ ඉතා සුළු මධ්‍යසාර ප‍්‍රතිශතයක් බව එහි නිමැවුම්කරු කියයි.එනිසා බල්ලන්ද ‘‘හතර ගාතෙන් යනු ඇතැයි’’ සිතීමට අවශ්‍යතාවක් නැති බව ඔහුගේ අදහසයි.
කෙසේ වුවත් බීර බෝතලයක මිල ඇමරිකා ඩොලර් 36 ලෙසය.ඒ මුදලට ‘‘මිනිස්’’ බීර කෑන් 6 ක් පමණ එකවර ගතහැකි වන නිසා සිය සුරතලූන්ටත් රහමෙර පානය හුරු කිරීමට පෙර හිමිකරුවන් දෙවරක් සිතනු ඇතැයි ඇතැම්හු කියති.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බල්ලන්ටත් බීර
ශානක Friday, 11 January 2013 12:11 PM
බල්ලන්ට මොකටද ඒවා (දී)
බමුණුගම Friday, 11 January 2013 12:35 PM
බීරත් බල්ලට ගියා නේද ? (ස)
බමුණුගම Friday, 11 January 2013 12:41 PM
ගාණකට බොන්න ඕන කියන්නේ ඕක තමයි (ස)
මනෝහරන් Friday, 11 January 2013 03:40 AM
අනේ මගේ බල්ලට නම් එපා. (නි)
කමල් Friday, 11 January 2013 05:52 AM
මේක බිවුවහම බල්ලොත් බීමත් මිනිස්සු වගේ වෙනවද? (නි)
නිත්‍යා Friday, 11 January 2013 02:33 PM
මේවා ගැලපෙන්නේ සුනඛයන්ට බව දැන්වත් තේරුම් ගත්ත එක හොඳයි (ස)
කුමාර Friday, 11 January 2013 07:50 AM
කොහොමත් බීර හොඳ මේ අයට තමයි . හැබැයි ඒ වගේ මිනිස්සුත් බිව්වට කමක් නැතුව ඇති (ස)
කිත්සිරි Friday, 11 January 2013 08:08 AM
මිනිසුන් හම්බකරගෙන කන්න එක එක අලුත් ක්‍රම හොයා ගන්නවා. මද්‍යසාර මිනිසුන්වත් තිරිසන් කරනවනේ. මගේ නම් බල්ලටවත් එපා. (නි)
සිල්වා Thursday, 10 January 2013 09:01 PM
ඒත් අපිනම් බොන්නේ නැහැ (දී)
රොහාන් Thursday, 10 January 2013 09:07 PM
කොල්ලයි බල්ලයි දෙන්නම බීර බීගත්තම වෙනසක් නැති වේවි (ස)
සිරිපාල Friday, 11 January 2013 08:46 AM
බල්ලොත් බොන්නේ නැහැ (දී)
අජිත් Friday, 11 January 2013 03:13 PM
අන්න හොදයි,බලමු බෝයිද කියලා (දී)
කල්පගේ Friday, 11 January 2013 09:24 AM
මමනම් කැමති ඒ වැඩේට (දී)
ලංකා Friday, 11 January 2013 10:12 AM
බලන්න බල්ලොත් නරක වෙලා (දී)
හිල්ම් Thursday, 10 January 2013 10:17 PM
නිෂ්පාදනය වැඩි වෙලා (දී)
සෑම් Thursday, 10 January 2013 10:17 PM
ලාබ නම් අපේ මිනිහටත් ගන්න තිබුණා. (නි)
ලතිකා Friday, 11 January 2013 04:10 PM
සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්න (දී)
ආනන්ද Friday, 11 January 2013 04:11 PM
බීර බීලා බල්ලොත් නඩු වලට පැටලෙයිද (ස)
හේරා Thursday, 10 January 2013 10:34 PM
අපේ රටේ නම් වෙන්නේ බල්ලට කලින් අයිතිකාරයෝ බොන එක. (නි)