පකිස්ථාන බුලත් වෙළෙන්ඳකු සුදු හඳුන් කිලෝ 130ක් ගමන් මළු හතරක බහා බුලත්වලින් වසා කරච්චියට රැගෙන යාමට ගත් උත්සාහය අසාර්ථක විය.
මාසයකදී සිව්වරක් ශ්‍රී ලංකාවට පැමිණි ඔහුගේ බෑගයේ තිබූ සදුන් දැව මීගමුවෙන් ගත් බව කියතත් කැළයකින් කපා ගත් බව පෙනේ යැයි රේගුව සැක කරයි.
ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි රේගු අධිකාරී ජී.ඩී ප්‍රේමසිරි, නියෝජ්‍ය රේගු අධිකාරී පී.ඩබිලිවි.ඒ.ඩබිලිව් පියසුමන, සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, තරිඳු ඉලේපෙරුම, සී.පී අබේවික්‍රම, තාරක ඩයස්, ශ්‍රී ලාල් විජේවර්ධන සහ සමන්ත පුෂ්පකුමාර මහත්වරු වැටලීම කළහ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා පරීක්ෂණ කරයි.
+
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි නම් තමයි...?(නු)
මෙයාලට ලංකාවට එන්න ඉඩ දෙන්න එපා (ස)
පකිස්තනෙන් යන එන අය සෝදිසි කළ යුතුයි.(නදී)
අපේ අයට කිවුවා නම් මිනිහා ගොඩ. (නි)
මේ වගේ කුඩු ගේනකොටත් ඇල්ලුවොත් හොඳයි (ස)
ඇත්තටම මේ මිනිස්සු මේ මොනවද කරන්නේ? (නි)
මූණ බලලා කොහොමද කියන්නේ කන්නේ මොනවද කියලා? (නි)
හෙරොයින්, සුදු හදුන්..... හදුන්පොතත් කී ගානවා... (නි)
මෙතන ඉන්න අය ඔක්කොම බුලත් විට කන අය වගේ. මම කියන්නේ මේ මූණු වලින්. (නි)
ඇයි අනේ, එයාට මේවා අර රන් ගෙනියන විදියට ගෙනියන්න තිබුණනේ. (නි)
ඔය වගේ පූද්ගලයින්ට නැවත මේ රටට ඇතුලු වෙන්න ඉඩ දෙන්න එපා. හොරා හොරාමයි. නැවත එන්නෙත් යටි කූට්ටූ වැඩ වළට මිසක් හොදකට නම් නෙමෙයි. යන එන පූද්ගලයින් කෙරෙහි මීට වඩා අවධානය යොමු කළ යූතුයි. (නි)
මේකනම් අනිවාර්යයෙන්ම අර පන්සලක තිබුණ ළගදි හොරෙන් කැපුවා කියපු පුරාණ සුදු හදුන් ගහ වෙන්න ඕන..!(නු)
චන්ද්‍රසිරි ඒ අය දත් මදින්න හොරයි ටිකක්..!(නු)
පකිස්තනෙන් සැහෙන්න මිනිස්සු එනවා. ගොඩක් අය බුලත් ගෙනියනවා මම දෙකල තියෙනවා. පරීක්ෂා කරන්න ඉල්ලනකොට ඒ අය එක එක විකාර කියල මග අරිනවා ආරක්ෂක නිලධාරීන්. සමහර පරීක්ෂාකරන නිලධාරීන් ඉංගිරිසියෙන් කතා කරාම හෙම්බත්වෙලා යන්න දෙනවා. ඔයවගේ නොයෙක් ජාති රටෙන් පිටවෙනවා ඇති අනිවාර්යෙන්ම. ටිකක් උවමනාවෙන් බැලුවොත් හොඳයි. (නු)
ඔන්න වැඩේ කොහොමද
ඔවුන්ට නැවත මෙහි එන්න දෙන්න එපා. (නි)
තවත් හුවමාරුවක් කරන්න ලැහැස්ති වෙලා ඉන්න ඇත්තේ. (නි)
මගේ සිගරැට් මල්ලත් නැතිවුණේ ඔය රේගුව නිසා තමයි. (නි)
හොද දඩුවමක් දෙන්න.!(නු)
උපරිම දඩුවම් දෙන්න ඕන.. පාස්පෝට් එක තහනම් කරන්න ඕන... කපටි වෙළෙන්දෝ..!(නු)
සදුන් නිසා ඔක්කොම එකට තියනවා. වෙන මොනවා හරි තිබ්බනම් අතුරුදන් වෙලා. (ත)
දත් මදින්න වෙන්න ඇති. (ත)