IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බ්‍රිස්ටල් වීදියේ කඩත් කඩයි

කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදිය හෙවත් සර් රාසික් ෆරීඩ් මාවතේ තිබූ අනවසර වෙළෙඳසල් කීපයක් කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව කඩා ඉවත් කළේය.

ආහාර පාන සහිත හොටල, පළතුරු කඩ, සන්නිවේදන මධ්‍යස්ථාන ඇතුළු කඩ සාප්පු විස්සකට අධික ගණනක් ඉවත් කැරිණි.

එම වළෙඳසල් හිමියන් පවසනුයේ මෙම වෙළෙඳසල් දැනට අවුරුදු 30කට අධික කාලයක් තිස්සේ තමන් පවත්වාගෙන ගිය බවයි. මෙම කඩ නියමිත බදු මුදල් ද කොළඹ නගර සභාවට ගෙවා ඇති බවයි.



අදහස් (0)

බ්‍රිස්ටල් වීදියේ කඩත් කඩයි

නලීන් Sunday, 20 January 2013 10:46 PM

මේක ඉතා හොද වැඩක්. (ත)

:       0       0

පද්මි Sunday, 20 January 2013 10:49 PM

කම්කරු මහතුන්ට මීට වඩා ආරක්ෂක පැළඳුම් දෙන්න ඕන. (ත)

:       0       0

උපුල් Monday, 21 January 2013 01:16 PM

මේවා කඩන එක නොවෙයි ප්‍රශ්නය. ඊට පස්සෙ වෙන දේ තමයි ඩිමො බට්ටො පිරිලා, තිබුණාටත් වඩා මිනිස්සුන්ට කරදර වෙන එක. උ.දා.මල්වත්ත පාර සහ දුම්රිය පොල ඉදිරිපිට චාමස් තාප්පයට අල්ලලා හදපු කඩ පේලිය මුලු පේමන්ට් එකම අල්ලලා. මිනිස්සු යන්නේ බිංගෙවල් අස්සෙන් යනවා වගේ. (නි)

:       0       0

ගාමිණි Sunday, 20 January 2013 11:59 PM

කොටුවේ රේස් පදින්න අමාරු‍යිනේ මේ කඩ නිසා. (නි)

:       0       0

දීපා Monday, 21 January 2013 12:51 AM

අවුරුදු ගානක් හිටපු තැන (දී)

:       0       0

ආරච්චි Sunday, 20 January 2013 03:31 PM

සුභ අනාගතයක්.....!!! (ස)

:       0       0

රොශාන් Sunday, 20 January 2013 03:34 PM

මේ හැම‍ දේම අහිංසක ‍මිනිස්සුන්ට තමයි (ස)

:       0       0

ලලිත් Sunday, 20 January 2013 03:35 PM

මෙහෙම එක පාරටම කඩා දැමිය හැකිද ?? අවුරුදු 30 ක් කියන්නේ පොඩි කාලයක්ද ? (ස)

:       0       0

සදුනි Sunday, 20 January 2013 04:11 PM

කලක් අනවසරයෙන් සිටීම යනු සින්නක්කර අයිතියක් නොවේ. නමුත් එම වෙළදාම කරගෙන යාමට වෙනත් ස්ථානයක් දියයුතුයි. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 20 January 2013 04:22 PM

අපේ මිනිස්සුන්ට ඇගිල්ලක් දාන්න ඉඩක් දුන්නම් මුළු ඔලුවම දා ගන්න හදනවනේ (ස)

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 20 January 2013 04:21 PM

ඕවා අයින් කරන එක ගොඩක් හොඳයි. ඔය කඩවලින් ගොඩක් මිනිස්සුන්ට අවහිර වෙනවා. (ත)

:       0       0

ධම්ම Sunday, 20 January 2013 04:25 PM

බැරි දේ කරන්න හරි දස්සයි. (ත)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 01:01 PM

අනවරසර ඉදිකිරීමනම් වැරදියි තමයි ඒත‍් මොවුන්ට විකල්පයක් ලබා නොදුනහොත් ‍ආරිථිකමය ගැටළු නිසා බොහෝ ප්‍රශ්න ඇතිවිය හැකියි (ස)

:       0       0

ඉර්ෆාන් ධර්මා Monday, 21 January 2013 05:58 AM

කඩ කාමර කඩපු එක හොදයි කියන මහත්තුරු හිතන්නේ නැද්ද මෙයාලගේ දරු පවුල් ඊට පස්සේ ජීවත් වෙන්න කොහොමද කියල . අඩුම ගානේ මේවා කඩන්න කලින් වෙළදාම් කරන්න යෝග්‍ය තැනක් ලබා දීල ඉවත් කරනවනම් හොදයි. පොඩි කඩ කඩන එකෙන් සුපිරි වෙළදසැල් දියුණු වෙන එකයි වෙන්නේ, ඊට පස්සේ අඩනවා ඒවට මිනිස්සු යනවා වැඩියි කියල, (ස)

:       0       0

සිල්වා Sunday, 20 January 2013 04:58 PM

පේමන්ට් වල කරන ව්‍යාපාරත් නතර කරන්න ඕනෑ. කවුරු කළත් මේවා හොද වැඩ. (නි)

:       0       0

නමිලා Sunday, 20 January 2013 05:14 PM

අවස්ථාවාදී දේශපාලනය ගැන නොසිතා මෙලෙස රට හදන්න වෑයම් කරන සියලුම නිලධාරීන්ට ජය‍වේවා! (නි)

:       0       0

අජිත් Monday, 21 January 2013 08:23 AM

ඒවා හොඳ වැඩ .පංචිකාවත්ත පැත්තේ තියෙන කඩත් ඉවත් කරන්න (ස)

:       0       0

අනුරාධි Sunday, 20 January 2013 06:38 PM

මේ වගේ කඩ නිසා තමයි අපේ රටේ ප්‍රධාන නගරය කැත වෙලා තියෙන්නේ..මහනුවරටත් මේ වැඩ පිළිවෙල ඉක්මනට ආවොත් හොඳයි (ස)

:       0       0

දුමින්ද Sunday, 20 January 2013 06:57 PM

බොහොම ‍හොඳයි , ඔහොමයි රට සංවර්ධනය විය යුත්තේ , තවත් මෙවැනි තැන් නොපමාව ඉවත් කරන්න (ස)

:       0       0

බණ්ඩාර Monday, 21 January 2013 09:36 AM

ඒ මිනිස්සුන්ට අලුත් තැන් දෙනවද (දී)

:       0       0

උපුල් Monday, 21 January 2013 09:43 AM

අවුරුදු 30ක් නෙමෙයි, 130ක් හිටියත් අනවසර දේ කොහොමත් අනවසරයි. (නි)

:       0       0

සෑම් Sunday, 20 January 2013 07:11 PM

ඇමතිතුමා හැමවිටම තීරණ ගන්නේ හුගක් දුර හිතලා බලලා. (නි)

:       0       0

සෑම් Monday, 21 January 2013 10:25 AM

කොළඹ කියන්නේ රටේ අගනගරය... අගනගරයක් වුනාම ලස්සනට තියෙන්න ඕන... ඉතාම හොඳ වැඩක්... ස්තුතියි!!! (ත)

:       0       0

ජීව Sunday, 20 January 2013 08:15 PM

මේවගේ වැඩ වලට අවුරුදු ගාන වැදගත් නැහැ.යුද්ධයත් අවුරුදු තිහකට පසුවයි නැති කළේ. (ත)

:       0       0

ලංකා Sunday, 20 January 2013 08:15 PM

කොළඹ අලංකාර කරන්න ඔහොම වැඩ කරන්න වෙනවා (දී)

:       0       0

රොහාන් Monday, 21 January 2013 11:38 AM

මේ අසරණ මිනිස්සුන්ට අලුත් දැන් දෙන්න (දී)

:       0       0

දේශානි Monday, 21 January 2013 11:48 AM

කොළඹ කියන්නේ රටේ අගනගරය. (ස)

:       0       0

මන්ජු Sunday, 20 January 2013 08:58 PM

බ්‍රිස්ටල් වීදිය පමණක් නෙවේ කොළඹ තියෙන හැම පාරක්ම බලන්නකෝ කවුද රජ කරන්නේ කියල ,මම නම් හිතන්නේ ඔය සේරම අනවසර ඉදිකිරීම් තමා,ලොකු ලොක්කන් ගේ ඇස් ඇරේවා. (ස)

:       0       0

නිශාන්ත Sunday, 20 January 2013 09:08 PM

වැඩේ නම් හොදයි. (නි)

:       0       0

කුරුවිට Sunday, 20 January 2013 09:31 PM

කරදරයක් නැතුව පාරේ යන්න පුළුවන් වේවි (ස)

:       0       0

බන්දුල Sunday, 20 January 2013 09:32 PM

අර පිටකොටුවේ තිබෙන තොග කඩ ටිකත් කොහාටහරි අරගෙන යන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site