ශ්‍රි ලංකාවේ 65 වැනි නිදහස් උත්සවය සැමරීමේ වැඩ සටහන කඩාකප්පල් කිරීමට එතෙර ඇතැම් දෙමළ ජනයා සැලසුම් සහගත ප්‍රචාරයක් ගෙන ගියත් ජර්මනියේ සිටින දෙමළ ජනතාවට ඊට නොරැවටුණු බව බර්ලින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයේදී ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා පැවැසීය.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව උත්සවය පැවැත්විණි.
දෙමළ ‘ඩයස්පෝරාවේ‘ ඇතැමුන් කොපමණ උත්සාහ කළත් නිදහස් දින සමරු උත්සවයට එරෙහිව තානාපති කාර්යාලය ඉදිරියේ හිටියේ එම ඩයස්පෝරොවේ සාමාජිකයන් හත් දෙනකු බවත් සඳහන් කළේය.
බර්ලින් විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත, දික්වැල්ලේ සීලසුමන සහ අඹන්වැල්ලේ දේවානන්ද යන හිමිවරු ද ජර්මනියේ වෙසෙන හින්දු සහ මුස්ලිම් පූජක වරුද, ජර්මන් ජාතික කතෝලික පියතුමා ද ආගමික වතාවත් ඉටු කළහ.
අනතුරුව ජාතික ගීය ගායනා කිරීම තානාපති කාර්යමණ්ඩලය විසින් සිදු කළ අතර කෝන්ගහගේ මහතා ජාතික කොඩිය එසවීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය ද කියැවීය.
අගමැති දී මු ජයරත්න මහතාගේ සහ විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්ගේ පණිවුඩ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බර්ලින් නිදහස් උළෙල නිදහසේ පැවැත්වේ
ජීව Sunday, 10 February 2013 04:33 PM
ලංකාව තම එකම මවුබිම ලෙස සලකා නිදහස් උත්සවයට සහභාගී වූ දෙමළ ජනතාවට අපේ ප්‍රණාමය!(නදී)
අනුර Sunday, 10 February 2013 11:05 AM
ඩයස්පෝරාව එතරම් ගණන් ගන්න එපා. (නි)
සූකිරි Sunday, 10 February 2013 12:03 PM
සපත්තු දාපු හාමුදුරු කෙනෙක් මම දැක්කමයි. (නි)
මිලි Sunday, 10 February 2013 12:49 PM
අපි දැන් නිදහස් කියලයි ඔය ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ හද නගා කියන්නේ (දී)