දූවරුන් තිදෙනා හා බිරිය බැල්කනියෙන් තල්ලු කර දමන බවට පිහියක් පෙන්නා ඔවුනට තර්ජනය කළ ශ්‍රී ලාංකිකයෙක් (38) ඉතාලියේ වෙරෝනා පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
රැකියාවක් නැති එම පුද්ගලයා බිරියගේ ආදායමෙන් හා වෙරෝනා නුවර සමාජ සේවා සහනාධාර ජීවත්වීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලීසිය කියයි.
තමාට ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බව ඔහු කියන නමුත් පවුලේ සෙසු සාමාජිකයන් ඊට අකමැති බව පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මේ වගේ මිනිස්සු ලංකාවට ගෙන්න ගන්න එපා (ස)
කොහොම බැලුවත් මේ කොල්ලා නියම කොල්ලෙක්. (නි)
පිටිගල, ඔයා මේ දවස්වල වැඩියෙන්ම කෑමට ආස කෑම මොනවද? (නි)
අධික බීමත් කම නිසා තමයි මේ සේරම (ස)
මටත් එංගලන්තේ එපා වෙලා ඉන්නේ.ලඟදිම ලංකාවට එනවා.ඊට පස්සේ මැරුවත් කොහෙවත් යන්නේ නෑ.(ස)
ජයතිස්ස, නැ නැ ඒ අය ලංකාවේ අය.පවුල් ප්‍රශ්න තියෙනවා තමයි . ඒත් ඒවා ගනං ගන්න තරම් දේවල් නෙමෙයි . (ස)
හරි හරි. ඔහොම ප්‍රශ්න ඉතින් අපේ ලංකාවෙ නැහැනේ. (නි)
සමරුන්ට මුදල් ලැබුණාම තමන් කවුද කියාවත් මතක නැතිව යනවා..!(නු)
මෙහෙම අසීලාචාර මහාචාර්යවරු කොහොමද පවුල් සංස්ථාව ගැන උපදෙස් දෙන්නේ.. සිදු වුන දේවල් ලියන්නත් ලැජ්ජයි..!(නු)
මේ වගේ අයව ආයිත් නම් අපේ රටටත් එපා. (නි)
එන්න දෝහා, ලෝකේ දැනට තියන දියුණුවෙමින් පවතින රටක් නිසා.(ස)
මෙහෙම අය ඉතාලි ආවහම වෙන්නේ ඕකතමයි. (නි)
අපේ රටේ අපරාධ සුනාමි රැල්ල ඩුබායි, ඉතාලි දක්වා හමාගිහින්. (නි)
සල්මන්.. ඔයාලට තවත් රටවල් තියෙනවා සිංහල අපට මේක විතරයි.. ඒත් අපේ ශර්යා නීතිය නැහැ ඒකත් දමනවානම් හොදයි..!(නු)
ඉතාලියේ රෑකියා ප්‍රශ්නය ඉතාම දරුණුයි. ලංකාවේ කුමක් හෝ කරලා ජීවත් වෙන්න පුලුවන්. හොද බුද්ධියෙන් කටයුතු කරලා දියුණු වුණ අය එමටයි. ඉතාලි රජයේ නව නීතිරිති අනුව රෑකියා බලපත් අලුත් කිරීමේදී විදෙශික ශ්‍රමිකයන්ට විශාල ප්‍රශ්න රැසකට අද මූණදිමට සිදුව තිබෙනවා. ඉතාලි රජයට මුදල් වුවමනා වු විට ,විදේශ ශ්‍රමිකයාගෙන් ලබාගන්නා නව නීතිපණත් ගෙනත් රැකියා බලපත් නිකුත් කරනවා. මෙය ඍජුව හෝ වක්‍රව ශ්‍රමිකයාට බලපානවා. ගෙවල් කුලී ,ලයිට් බිල්,වතුරබිල් හා බදු මුදල් වැඩිකරලා. කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසා දමලා. වෙළෙද පොලේ භාණ්ඩ මිළ ඉහළ ගිහිල්ලා. යමෙක් ලක්ෂ ගණන් මුදල් දී ඉතාලියට එන්න ඉන්නවා නම් එම අදහස ගැන දෙවරක් සිතන්න. ලැබෙන මුදල ජීවත්වීමට මදිය. එනිසා මානසික අසහනය අද ඉතාලි ජාතිකයන් තුල වෙලාගෙන හමාරයි. (නි)
මෙයාලත් වෙන්නප්පුවේ කට්ටියක්ද දන්නෙ නැහැ. (නි)
වෙරෝනා වලින් නම් හැමදාම මොනවාහරි තියෙනවාමයි. (නි)
වර්තමානයේ ඉතාලියේ ජීවන තත්වය ඉතාමත්ම අමාරු තත්වයකය පවතින්නේ. ලාංකිකයන්ගේ පවුල් සංස්ථාවද පිරිහී ගොස්ය. එයට කදිම නිදසුනක් වන්නේ සති දෙකකට පෙර වෙරෝනා නගරයේ පවුලේ සමගිය කියා දේශනයක් සඳහා ලංකාවෙන් මහාචාර්යවරයෙක් ගෙන්වූ අයගේම පවුලේ අය අසාර්ථක වීමයි. (නි)
සුපුන්, ඔයාට වෙන්නප්පුවේ අයත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකක්ද? (නි)
එහෙනම් එන්න සෞදියට. (නි)
පිටරටවල් වලට ගිහිල්ලා ලංකාවේ නම ප්‍රසිද්ධ කරන්න මැර කම් කරලා (ස)
අපේ අයට ඕවා හොඳ පාඩම්. පිට රටකට ගිහාම ලංකාව අමතක වෙනවා , ඔහුගේ බිරිඳ ඉතාලි ජාතික කාන්තාවක් වෙන්න ඇති (ස)
වෙන්නප්පුවේ කවුරුහරිද ? ඒ අයට මේවා සාමාන්‍ය දේවල් (ස)