බුද්ධගයාවේදී පැවැත්වූ තුන්දින ලෝක බෞද්ධ සම්මේලනය ඉතාම සාර්ථකවූ බව බුධද්ධගයා මහාබෝධි පාලක මණ්ඩලය පවසයි.
තිබ්බතයේ බෞද්ධ නායක දලයි ලාමා තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනලද එම සම්මේලනයට ශ්‍රී ලංකාව, මියන්මාරය,තායිලන්තය,ජපානය,කොරියාව,ඉන්දියාව, තිබ්බතය,භුටානය සහ චිනය ඇතුලු රටවල බෞද්ධ නියෝජිතයෝ1500 සහභාගී වූහ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත රජයයේ සම්පුර්ණ අනුග්‍රහකත්වය ඒ සඳහා ලැබිණි.
සම්මේලනය ආරම්භවූ දිනයේ අනුරාධපුරයේ මහා බෝසමිදුන්ගේ අංකුරයක් සම්මේලනය පැවති "බුද්ධානුස්මරණ උයනේ" දලයි ලාමා තුමන්ගේ අතින් රෝපණය කෙරුණි.
සම්මේලනය වෙනුවෙන්ම නිර්මාණයකරන ලද එම උයනේ අලංකාර බුද්ධප්‍රතිමා වහන්සේනමක්, පාටලීපුත්‍ර ‘කරුණා ස්තුප‘ නමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් සහ විහාර මන්දිරයක්ද නිර්මාණය කර ඇත. සම්මේලනයෙන් පසුව මහජනයාට වන්දනාමාන කරගැනීම සඳහා ඒවා විවෘත කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුද්ධගයා ජගත් බොදු සමුළුව සාර්ථකයි
ලලිත් - කටාර් Sunday, 06 January 2013 12:36 PM
ධර්මයෙන්ම සියල්ල විනිශ්චය වන බවත්, ධර්මය යනු ස්වභාව ධර්මය බවත් සියල්ලන්ටම වැටහේවා! (නි)
නඩරාජා Sunday, 06 January 2013 12:38 PM
කෝ ලංකාව බෞද්ධ රටක් කිවුවට මේ ඡායාරූප වල කවුරුත් නැහැනේ. (නි)
ලුම්බිණි Sunday, 06 January 2013 01:18 PM
දලයි ලාමාතුමන්ට මේ රටට එන්න ඉඩක් ලබා දෙන්න උත්සාහයක් ගත්තොත් හොදයි නේද? (නි)
චන්ද්‍රා-සිඩ්නි Sunday, 06 January 2013 01:44 PM
නමෝ බුද්ධාය! (නි)
මුතුකුඩ Sunday, 06 January 2013 07:02 PM
මේ හාමුදුරැවරුන් ලංකාවට වැඩියා නම් ඵලදායී යමක් සිද්ධ වේවි නේද? (නි)