බුද්ධගයාවේදී පැවැත්වූ තුන්දින ලෝක බෞද්ධ සම්මේලනය ඉතාම සාර්ථකවූ බව බුධද්ධගයා මහාබෝධි පාලක මණ්ඩලය පවසයි.
තිබ්බතයේ බෞද්ධ නායක දලයි ලාමා තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනලද එම සම්මේලනයට ශ්‍රී ලංකාව, මියන්මාරය,තායිලන්තය,ජපානය,කොරියාව,ඉන්දියාව, තිබ්බතය,භුටානය සහ චිනය ඇතුලු රටවල බෞද්ධ නියෝජිතයෝ1500 සහභාගී වූහ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත රජයයේ සම්පුර්ණ අනුග්‍රහකත්වය ඒ සඳහා ලැබිණි.
සම්මේලනය ආරම්භවූ දිනයේ අනුරාධපුරයේ මහා බෝසමිදුන්ගේ අංකුරයක් සම්මේලනය පැවති "බුද්ධානුස්මරණ උයනේ" දලයි ලාමා තුමන්ගේ අතින් රෝපණය කෙරුණි.
සම්මේලනය වෙනුවෙන්ම නිර්මාණයකරන ලද එම උයනේ අලංකාර බුද්ධප්‍රතිමා වහන්සේනමක්, පාටලීපුත්‍ර ‘කරුණා ස්තුප‘ නමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් සහ විහාර මන්දිරයක්ද නිර්මාණය කර ඇත. සම්මේලනයෙන් පසුව මහජනයාට වන්දනාමාන කරගැනීම සඳහා ඒවා විවෘත කර තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මයෙන්ම සියල්ල විනිශ්චය වන බවත්, ධර්මය යනු ස්වභාව ධර්මය බවත් සියල්ලන්ටම වැටහේවා! (නි)
කෝ ලංකාව බෞද්ධ රටක් කිවුවට මේ ඡායාරූප වල කවුරුත් නැහැනේ. (නි)
දලයි ලාමාතුමන්ට මේ රටට එන්න ඉඩක් ලබා දෙන්න උත්සාහයක් ගත්තොත් හොදයි නේද? (නි)
නමෝ බුද්ධාය! (නි)
මේ හාමුදුරැවරුන් ලංකාවට වැඩියා නම් ඵලදායී යමක් සිද්ධ වේවි නේද? (නි)