බණ්ඩාරගම දැල්කඩ පුරන් වෙල් යායක් අසළ පාළු පෙදෙසක මරා දැමුණු චන්දිම රුවන්රත්න (28) , සුජිත් ගුණරත්න (37) මොරටුව එගොඩඋයනේ සුනන්දෝපනන්දාරාම විහාරයට යාබද ඉඩමේ පදිංචිකරුවන් බව පොලීසිය ද නෑදෑයෝ ද කියති.
අත්පා ලනුවලින් ද, මුහුණු තුවායකින් ද බැඳ හිසට වෙඩි තබා ඝාතනය කළ ඔවුන් පෙර දින රාත්‍රියේ පන්සලට පැමිණි දෙදෙනකු ලෙස හදුනා ගත් බව පැවසේ. දෙදෙනාගේම ඇඟේ පච්ච කොටා තුබූ බවත්, එය් අයකු මාසයකට පෙර හිරෙන් නිදහස් වී ආ බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මැරුණ අයට පණ දීලා අහන්නයෑ, මේ දෙයට සම්බන්ධද කියලා. මේවාට කියන්නේ කැලෑ නීතිය කියලා. මෙවැනි කුමවේධයන් තුළින් සාරධර්මයන් ගොඩනගන්නට බැහැ. (නි)
ස්වාමීන්වහන්සේ අපවත්කරන්න කාටහරි ලොකු උවමනාවක් තියෙන්න ඇති. නැත්නමි මෙච්චර ඉක්මනට කොහොමද මේක වුනේ. මුන් දෙන්නා කාගේ හරි අතකොළුවක්ද?(නදී)
නිසි පරික්ෂනයක් තියල හොයා ගන්න මේ වැඩේ කරපු කට්ටිය (දී)
දියස් මහතා ඔබ තුමාගේ කතාව ඇත්ත (ස)
මිනිස්සු මරනවා කියන එක දැන් නිකන් සුළු දෙයක් (දී)
එහෙම තමයි වෙන්න ඕනි.(නදී)
ජිවත් වෙන්න බැහැ මේ රටේ (දී)
කලබල වෙන්න එපා අපරාධ විද්‍යාවට අනුව නම් මැරුණ අය කතා කරනවා ජීවත් වෙන අයටත් වඩා හොඳින්.ඒ නිසා ඇත්ත එලිවෙයි.(ස)
සාක්කි මුකුත් නැතිවෙන්න කරන්න ඇති. (නි)
ශාක්ෂි නෑති කරන්න කරපු ගාතනයක් වගේ පේන්නේ. මංත්‍රීතුමා ගෑනත් රහස් පොලිසිය ටිකක් අවධානය කල යුතුයි.(නදී)
මේවා අහස පොලොව නුහුලන අපරාධ (දී)
මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ (දී)
එතකොට හාමුදුරුවරුන්ව ඝාතනය කරපු අය කවුද ?(නදී)
ලියනගමගේ, ඔයගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඔය ස්වාමීන්වහන්සේ කාට හෝ විපන්ෂයේ කෙනෙකුට සහයෝගය දුන්න වෙන්නත් පුළුවන් නේද?(නදී)
දඩුවම ඉතාමත් අනර්ඝයි.(නදී)
හාමුදුරුවන්ව මරන්න කවුරුහරි කොන්ත්‍රාත්තුව භාරදීලා, පස්සේ සාක්කි නැතිවෙන්න මරපු අයවත් මැරුවද දන්නෙ නැහැ. (නි)
ලංකාවේ මෙහෙමත් වැඩ වෙනවාද (දී)
විශිෂ්ටයි! හැබැයි රහස එලිවෙනවට කරපු දෙයක්ද දන්නේ නැහැ. හාල් මැස්සෝ ඉවරයි. මෝරු ඉන්නවාද කියලා දන්නේ නැහැනේ.(නදී)
අනේ හර්ෂනී සමාවෙන්න. ඔයා කියපු දේ හරි වගේ.(නදී)
කලකම් මෙලොවදීම පඩිසන්දෙනවා කියලා කව්රුත් දැනගත යුතුයි.(නදී)
අපිට හිතාගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ දේවල් පාලනය කරන්න වෙන මගකුත් නැහැ.(නදී)