ටෙස්ට් තරග දෙකකින්, එක්දින තරග තුනකින් සහ විස්සයි20 තරගයකින් සමන්විත මසකට අධික කාලයක තරග සංචාරයට සහභාගිවිම සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් පිල පෙබරවාරි මස 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරගය මාර්තු මස 8 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු එක්දින තරගය මාර්තු මස 23 වැනිදා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විස්සයි20 තරගය මාර්තු මස 31 වැනිදා මහනුවර පල්ළෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරග කාලසටහන
- මාර්තු 3 සිට 5 - තුන්දින පුහුණු තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී
- මාර්තු 8 සිට 12 - පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී
- මාර්තු 16 සිට 20 - දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී
- මාර්තු 23 - පළමු එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
- මාර්තු 25 - දෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
- මාර්තු 29 - තෙවැනි එක්දින තරගය මහනුවර පල්ළෙකැලේ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
- මාර්තු 31 - විස්සයි20 තරගය මහනුවර පල්ළෙකැලේ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරයෙන් පිළිගනිමු! (නි)
තරුණ අයට අවස්ථාව දීලා ජ්‍යෙෂ්ඨ අය විවේක ගත්තොත් නේද හොද ? (නි)