පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 49 ලයිට් ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ඒ. එම්. අමිල නුවන් සමත්විය. තරගාවලියේ ෆ්ලයි බර පංතියේ අවසන් පුර්ව තරගයේදී මොන්ගෝලියානු ක‍්‍රීඩක අරින්වෝල්ඞ් ජන්ස්ලින් හමුවේ අමිල පරාජයට පත්විය. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක‍්‍රීඩකයන් දෙදෙනාට ලෝකඩ පදක්කම පිරිනැමීමේ ක‍්‍රමය යටතේ අමිලට මෙම පදක්කම හිමිවිය. අර්ධ අවසන් පුර්ව වටයේදී පාකිස්තාන් ක‍්‍රීඩක ජෙහාන් සයිබ් ලකුණු 15-8 කින් පරාජය කිරීමට අමිල සමත්විය. 19 හැවිරිදි අමිල, පන්නල ජාතික පාසලේ ආදී ශිෂ්‍යයෙකි. පසුගිය වසරේ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරයා වු මොහු පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මේ වන විට දස්කම් දක්වයි. බෙනාසීර් බූතෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයෝ අට දෙනෙක් සහභාගි වු අතර සෙසු ක‍්‍රීඩකයෝ මුලික වටවලදී සහ අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුහ. තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයෝ සහභාගි වුහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අමිල. ඔය හැකියාව ඔහොමම තියාගන්න