හඳුන්ගමුව ග්‍රාමීය බැංකුව කොල්ලකෑමට ආ බව කියන දුම්රිය උප ස්ථානධිපතිවරයකු සහ බැංකු කළමණාකරුගේ පුතකු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.
මොවුන් මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් බැංකුවක් කොල්ලකන බවට 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සෙනසුරාදා අලුයම දෙකට පමණ විල්ගමු පොලීසිය එහි යද්දී සැකකරුවන් පලා යෑමට උත්සාහ දරද්දී, පොලීසිය දෙදෙනකු අල්ලා ගත් බවත් තවත් කිහිපදෙනකු පැන ගිය බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ බැංකුවෙම කලමණාකාරතුමාගේ පුතාද ඇවිත් තියෙන්නේ.(නදී)
පවු කොල්ලා ටියුෂන් යන්න සල්ලි නැතුව ද දන්නෑ කලේ !(නදී)
රාජුගේ කතාව මම ඉහළින්ම අගය කරනවා. (නි)
දැන් ලොකු ලොකු අය තමයි ලොකු ලොකු ගේම් දෙන්නේ.(නදී)
මේ දවස්වල පත්තරවල පලවන පුවත් වලින් මට එක් දෙයක් පැහැදිලි වුනා. පොලිසියේ කාර්යක්ෂමතාව ඉතාමත්ම සතුටුදායක ලෙස ඉහල යන බව සහ ඒ අතරම, බොහෝ දේශපාළනඥයෝ පොලිසියේ එම හොඳ වැඩ වලට එරෙහිව නොයෙක් ක්‍රියාවල යෙදෙන බව.(නදී)
119 කාර්යක්ෂමතාවට සහ පොලිසියේ හොඳ කාර්යක්ෂම මහතුන්ට මගේ ප්‍රනාමය. (ස)
අපරාදේ කියන්න බැහැ තාත්තා ගානට විස්තරේ දීලා වගේ. 119 එකට ඇමතුම දුන් කෙනාට මගේ ප්‍රනාමය.(නදී)
මංකොල්ලය කරන විදිහ තාත්තා කිව්වද දන්නේ නැහැ. (නදී)
අනිත් අයටත් පාඩමක් ගන්න පුළුවන් විදියට දඩුවම් දෙමු.(නදී)
ඉක්මනින් පොහොසත් වෙන්න ගිහින් වෙච්ච දෙයක්.(නදී)