යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමෙන් පසු, පළමු වරට රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරැණු අතර ජනාධිපති පුටින්ගේ‘ එක්සත් රුසියා’ පක්ෂයට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකිවිය.

රුසියන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘ඩූමා’ සභාව යනුවෙනි. ‘ඩූමා’ සභාවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මහ මැතිවරණය ආරම්භ වූයේ පසුගිය සිකුරාදා (18) ය.

සති අන්තය පුරා මැතිවරණය පැවැත්වුණු අතර, ඡද්න ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වූයේ ඊයේ (20) දිනයේය. මෙය රුසියන් ජනාධිපති පුටින්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ ඡන්ද විමසුමක් ලෙස ද සැලකෙයි.