(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සැකකටයුතු පුද්ගලයකු පසුපස හඹා ගිය කොස්තාපල්වරයෙකු සතුව තිබූ පිස්තොල   පතුරම්  ගැබ ජීව උණ්ඩ 10 ක් සමඟ අස්ථානගතව ඇතැයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.

කොල්ලුපිටිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපලවරුන් දෙදෙනෙකු කොල්ලූපිටිය හන්දියේ සිට ගාලු මෝදර වටරවුම දක්වා රාත්‍රී පාමුර සංචාර රාජකාරී යොදවා සිට ඇති අතර එම රාජකාරී පිටව යාමේදී  පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයකු පැති අවි දෙකක් සහ පතුරම් ගැබ් දෙකක් රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් රාජකාරී යෙදී සිටියදී ගාලුමෝදර ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු නවතා ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේදී එම පුද්ගලයා එකවරම නිලධාරින්ගෙන් මිදී දිව ගොස් ඇති අතර නිලධාරීන්ද එම පුද්ගලයා පසුපස හඹා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරු පසුපස හඹා ගියත් සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත.

පසුව එම නිලධාරීන් රාජකාරී සඳහා නැවත ගාලුමුවදොර  වටරවම දෙසට පැමිණ පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරයකු සන්තකයේ  පැති අවියට සම්බන්ධ කර තිබූ පතුරම් ගැබ නොමැති බවට දැනගෙන ඇත.