පුංචි දුව ඝාතනයට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට පිළියන්දල මොරෑඳේ රුක්ෂිකා තිලිනි වීරසිංහ (19) ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.
දරුවාගේ මළගමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් විතානගේ මහතා ඉල්ලීමක් කළේය.
තමාට ඒ සඳහා අවසර දිය නොහැකි නමුත් බන්ධනාගාර අධිකාරීට දන්වන්නැයි මහේස්ත්‍රාත් උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් දෙමවුපියෝ? (නි)
අනේ මෙහෙමත් දෙමාපියෝ ඉන්නවනේ (ස)
මෙවන් කාන්තාවන්ට දැඩි දඩුවම් දෙන්න පනේ (දී)
වනිතා, ලලිත්, හොඳට ඇස් කන් ඇරලා තමන්ගේ වටේ තියෙන ලෝකය දිහා ටිකක් විපරම් කරලා බලන්න. පවුල ඇතුළේ පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය ඉදිරියේ බොහෝ වෙලාවට කාන්තාව අසරණයි. පිරිමියා ගහනකොට ගැහැණියටත් පිරිමියාට ගහන්න පුළුවන්ද? ගැහැණිය පාරට බැස්සොත් ඊළඟට ජීවත් වෙන්නේ කොහොමද? කසාදෙ අත්හැර ආව ගැහැනියක් කියලා කී දෙනෙක් එයිද අයුතු ප්‍රයෝජන ගන්න? විශේෂයෙන් අසරණ ගැහැනියකගෙන්. මේ අම්මගෙ වයස තවම අවුරුදු 19යි. මිනිහ ගහනවා කියලා දරුවත් අරන් පාරට බැස්සා නම් කොහොම තියේවිද? ඒකයි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ගුටි කකා හරි ගෑණු දීග කන්නේ. දුප්පත් පවුල් වල පමණක් නොවෙයි සමාජය ඉස්සරහා ලැජ්ජාවෙන්න බැරි හින්දා ගොඩක් දේවල් හංගාගෙන ජීවත්වෙන ගැහැණු සමාජයේ ඉහළ යැයි පිළිගත් පවුල් වලත් ඉන්නවා. (නි)
ඉක්මණින් ඇත්ත දැනගන්නට ලැබේවා! (නි)
දරුවන් බිහිකලාට අම්මා වෙන්නේ නැහැ, දරුවන් හදන්න ඕනේ අම්මා කෙනෙක් වෙන්න (දී)
මෙහෙමත් මව් වරු ඉන්නවාද (දී)
මෙයා මේකට සම්බන්ධ නැත්නම් මෙච්චර වධහිංසා දෙනකල් ළමයාව ඒ මනුස්සයා ළග තියාගෙන ඉදීවිද? (නි)
මම හිතන්නෙ නම් නැහැ මේකට අම්මා සම්බන්ධයි කියලා. (නි)
මොකටද දරුවගේ මළගමට යන්නේ? සමාව ගන්නද? (නි)
මට කියන්න වචන නැහැ (දී)
ලංකාවේ තියෙන්නෙ පුදුම නඩු තීන්ඳු. අම්මා මේ වෙලාවෙ ඇත්තටම අසරණ වෙලා ඇති. සමහර වෙලාවට,දරුවට මෙහෙම කළා නම් බිරියට කොහොම සළකන්න ඇද්ද කියලා හිතාගන්න බැරිද? ලොකු ලොක්කන්ගෙ සම්බන්ධයක් නැති එක තමයි මෙතන තියෙන ලොකුම අඩුපාඩුව. (නි)
අන්තිමට කොහොමහරි වුණේ අහිංසක දරු පැටියෙක් ජීවිතයෙන් වන්දි ගෙවපු එකයි. (නි)
නව යොවුන් වියේ මෙම මව ඇත්තෙන්ම අසරණ වූවා විය හැකියි. (නි)
කොහොමද අපි කටක් ඇරලා අම්මා කෙනෙක් කියලා කියන්නේ (දී)