නැගෙනහිර පළාතේ පාසල් අධ්‍යාපනය නැංවීමට තමා ගෙන යන වැඩ පිළිවෙළට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ඔහුගේ උපදේශකයන් අකුල් හෙළතියි නැගෙනහිර අධ්‍යාපන ඇමැති විමලවීර දිසානායක මහතා පැවසීය.
සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාත් සභාවේ මාසික රැස්වීමේදී ඔහු එම චෝදනාව කෙළේය.
පාසල් ගොඩනැගිලි ගැන ආණ්ඩුකාරවරයා විසින් නියම කැරුණු ප්‍රමිතිය අනුව බලතොත් නැගෙනහිර පළාතේ පාසල් 500ක් වසා දැමීමට සිදුවන බව පැවැසූ ඇමැති, දරුවන්ගේ අනාගතයට වග කියන්නේ ආණ්ඩුකාරවරයා ද නැතිනම් හජන නියෝජිතයන්දැයි ප්‍රශ්න කළේය.
ලාහුගල විහාර මහා දේවී ප්‍රාථමික පාසල වසා දැමීමට ආණ්ඩුකාරවරයා නියෝග දෙන්නේ ඇතැම් නිලධාරීන්ගේ උපදෙස් මත බව ද දිසානායක මහතා චෝදනා කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභාව අභිබවා කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගෙන් ඔහුට ලැබී ඇති විශේෂ වරප්‍රසාද නිසා බවයි එජාප මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය.
අධ්‍යාපන ඇමැති දිසානායක මහතා කරන චෝදනාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම ප්‍රතික්ෂේප කරයි. තමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව සිදුකරන කටයුතු දේශපාලකයන්ට වැරදි විදියට පෙනීම පුදුම නොවිය යුත්තක් බව ද ඔහු කියයි.
නැගෙනහිර පළාතේ පාල් 500ක් වසා දැමීමේ වැඩ පිළිවෙළක් නැතැයි කියන පළාත් ආණ්ඩුකාරවරයා ලාහුගල විහාරමහාදේවි පාසල වසා දැමීමට කටයුතු කෙරෙන්නේ එම ප්‍රදේශයේම ජනතාවගේ ඉල්ලීම මත බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඇමතිතුමා කවදා හරි දිනනවා.(නදී)
දේශපාලනයේදී හැමතැනම කෙරෙන්නේ එකම දෙයයි. කෙනෙක් චෝදනා නගනවා. තව කෙනෙක් ඒවා ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේ දේශපාලකයෝ හැදෙනවා. අපි වැනසෙනවා. (නි)
ආණ්ඩුකාරවරයා කියන්නේ දෙමවිපියන් වහන්න කියනවා කියලා. විහාර මහා දේවි පාසැලේ ළමයි 19 ඉන්නවා. ඒ දෙමවිපියන්ගේ ඉල්ලීම ආන්ඩුකාරවරයට දැනෙන්නේ නැද්ද?(නදී)
මේක ඇමතිගේ උවමනාවට රජයේ අනුමැතිය නැතුව මේ වසරේ විවෘත කළ පාසැලක්. එහෙමනම් සෞඛ්‍ය ඇමතිට පුළුවන්නේ රෝහලක් විවෘත කරන්න.(නදී)
ආණ්ඩුකාරවරයා දෙමවුපියන්ගේ ඉල්ලීම ඉටු කිරිමට උත්සාහ දැරිම ගැන ප්‍රසංශා කරනවා. (නි)