IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


‘පහ පැරදුනාට පසු බසින්න එපා‘

‘මට හැමවිටම පැහැදිලි අරමුණක් තිබුනා. ඒ අරමුණ වෙනුවෙන්  කැපවීමි කළා.  එම කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ලෙස  අද විශේෂ්ට ජයක් ලැබුනා. පහේ ශිෂ්‍යත්වය අසමත් කියලා අධෛර්මත් වෙන්න එපා‘ යැයි 2012  අපොස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයත්, ගමිපහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයක් ලබාගත්  ගමිපහ බණ්ඩාරනායක විදුහලේ තිසර පහන් මධුෂංක සිසුවා කියයි.

තිසර පාසැල් වැඩකටයුතු මෙන්ම පාසැලේ  බාහිර වැඩකටයුතු වලටද එක ලෙසින්ම දායක වූ දක්ෂ සිසුවෙකි. ඔහු පාසැලේ වාණිජ සංගමයේ සහ තොරතුරු තාක්ෂණ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.

අපොස සාමාන්‍ය  පෙළ දක්වා මිනුවන්ගොඩ මාරපොළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තිසර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ අටක් හා බී සාමාර්ථයක් සමගින් සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් විය.

තිසරගේ  පියා රත්නපාල සිල්වා ව්‍යාපාරිකයෙක් වන අතර මව ඇතිලගේ ප්‍රේමලතා ගෘහනියකි.

‘මගේ දෙමව්පියන් මම කුඩා කාලේ ඉඳලා අධ්‍යාපනය සඳහාම මාව වෙහෙසුවේ නැහැ. මා යන ගමන යන්නට ඇරියා.  පහේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්වත් ම  පීඩනයකට ලක් කළේ නැහැ.

ඇත්තම කියනව නමි මට පහේ ශිෂ්‍යත්වයෙන් ලබා ලබා ගන්න හැකිවුනේ  ලකුනු 128 ක් පමණයි.  ඒ ලකුණ ජනප්‍රිය පාසැලකට යන්න ප්‍රමාණවත්  වුනේ නැහැ. ඒ නිසා මම ඒ පාසැලේම රැදී සිටියා. නමුත් අපොස සාමාන්‍ය පෙළ මම විශිෂ්ඨ අයුරින් සමත් වුණා. ඉන්පසුයි මට ගමිපහ බන්ඩාරනායක විද්‍යාලයට එන්න  අවස්ථාව ලැබුනේ.

මට   නංගිලා මල්ලිලාට  කියන්න පණිවිඩයක් තියෙනවා. පහේ ශිෂ්‍යත්වය අසමත් කියා අධෛර්යමත් වෙන්න එපා. අමිමල තාත්තල දරුවන්ව අධෛර්යමත් කරවන්නත් එපා. ඕනම කෙනෙකුට යම් අරමුණක් තියෙනවා නමි එය දිනාගන්න පුළුවන්.

මට  ලංකාවෙන් පළමුවෙනියා වෙන්නවත් දිස්ත්‍රික්කයෙන් පළමුවෙනියා වෙන්නවත් සිහිනයක් තිබුනෙ නැහැ.  නමුත්  ඒක මගේ පාසැලෙන් ඇති කළා. මට උපරිම ප්‍රතිඵලයට යන්න පුළුවන් කියන විශ්වාසය පසුව මට ඇති වුනා.

ඇත්තම කියනව නම් මට වඩා මං ගැන මගේ යාළුවො විශ්වාස කළා. ප්‍රථීඵලය ආපු වෙලාවෙ   මම ලංකාවෙන් දෙවැනියා කියන එක මට විශ්වාස කරන්න බැරිවුනා.  නමුත්  යාළුවො කිවිවා ඕක තමයි ඔයාගෙන් අපි බලාපොරොත්තු වුන ප්‍රතිඵලය කියලා.

මගේ ජීවිතයට පැහැදිලි අරමුණක් ලබා දුන්  විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීටත් ස්තුති වන්න වෙනවා‘

 



අදහස් (0)

‘පහ පැරදුනාට පසු බසින්න එපා‘

අරවින්ද Friday, 01 February 2013 10:26 AM

නියමයි. අපේ ගම්පහ කොල්ලෙක් ඔබට ජය මල්ලී අපේ පාසලට කර කෙනෙහිලිකම් වලට මේක හොඳ පාඩම් (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 05 February 2013 09:07 AM

සුබපැතුම් ඔබට (දී)

:       0       0

දිනා Friday, 01 February 2013 11:00 AM

යන්න යන්න ඉදිරියටම යන්න. (නි)

:       0       0

ඩෑම් Friday, 01 February 2013 11:02 AM

දෙමාපියන්ගේ ඉදිරි පියවර මේ දරුවන්ගේ මතු ජීවිතයට ලොකු හයියක්. (නි)

:       0       0

දෝහා Friday, 01 February 2013 11:08 AM

අහන්නත් සතුටුයි. ඔබේ අරමුණ ජයගෙන සාර්ථක වීමට හැකිවේවා! (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 31 January 2013 08:01 PM

ඔබට සුභ පතන අතර, නමුත් සරසවිය තුළ පස් අවුරුදු කට්ටක් කන්නට වීම ගැන දුක් වෙමි. (නි)

:       0       0

ධනුක Thursday, 31 January 2013 08:06 PM

මගේ උණුසුම් සුභ පැතුම් දරුවා. ඔබගේ නිහතමානීකම ගැනත් මට ආඩම්බරයි. (නි)

:       0       0

රොද්‍රිගු Thursday, 31 January 2013 08:15 PM

ඔබට ජය පුතනුවනි ! ගම්පහ අපිට ආඩම්බරයක් (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 08:15 PM

ෂා... එහෙනම් අපිටත් ආඩම්බර වෙන්න පුලුවන් කොල්ලෙක් ඉන්නවා. (නි)

:       0       0

ජීවක Thursday, 31 January 2013 08:31 PM

සුබ අනාගතයක් දරුවෝ ඔයාට (ස)

:       0       0

තුෂාර Thursday, 31 January 2013 08:36 PM

නියමයි. ඔහොමම ඉදිරියටම යන්න මල්ලි. ඔයාට වරදින්නෙ නැහැ. (නි)

:       0       0

වීරසේකරගේ Thursday, 31 January 2013 08:42 PM

ඉතා හොදයි. (නි)

:       0       0

අනුර Thursday, 31 January 2013 08:48 PM

ඔයාගේ මේ අදහස් ටිකම ඇති ජයගන්න. (නි)

:       0       0

චින්තනී Friday, 01 February 2013 12:13 PM

සුභ පැතුම්! (නි)

:       0       0

හිල්මි Thursday, 31 January 2013 09:20 PM

ඒක මුළු රටටම ආදර්ශයක්. (දී)

:       0       0

ගාමිණී Thursday, 31 January 2013 09:51 PM

ඒ දරුවාගේ කියමන සකළ ලංකාදීප දරුවන්ටම ආදර්ශයක්. (නි)

:       0       0

ඉන්දික Friday, 01 February 2013 12:55 PM

සුභ පැතුම්! විශිෂ්ටයි! (නි)

:       0       0

ලසා Thursday, 31 January 2013 11:14 PM

නියමයි සහෝදරයා (ස)

:       0       0

පහන් Thursday, 31 January 2013 11:40 PM

නියමයි..බන්ඩාරනායක ආදි ශිෂ්‍යයෙක් ලෙස ඉතාම සතුටුයි . (ස)

:       0       0

අතපත්තු Thursday, 31 January 2013 11:42 PM

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවා වගේ දක්ෂ ඔබගේ ඉදිරි ගමන ගැන අපිට සැකයක් නැහැ. (නි)

:       0       0

ලලනි Friday, 01 February 2013 01:30 PM

සුබ පැතුම් පුතේ !!!! (ස)

:       0       0

ඉන්දික Friday, 01 February 2013 12:58 AM

ඇත්තෙන්ම මේ දරුවා හුඟක් ආදර්ශමත් .සාමාන්‍ය දරුවන්ට හොඳ ආදර්ශයක් .අපි හැමෝටම දක්ෂතා තියෙනවා ඒවා හඳුනාගෙන සුදුසු අවස්ථාවල දියුණු කර ගැනීම ඉතා වැදගත්, රටේ පළමුවෙනිය වීමට නොහැකි වෙච්ච සියලු දරුවන්ට ඔබ ආදර්ශයක් පුතේ. ඔබට ජය . (ස)

:       0       0

සේනක Friday, 01 February 2013 01:28 AM

හොඳ වෙලාවට ඔයා කොළඹට ආසන්න තැනක වුණේ . නැත්නම් ඔයාගේ ප්‍රතිඵලත් පිළිගන්න බෑ කියයි (ස)

:       0       0

නුවන් Friday, 01 February 2013 01:42 AM

සුභ පැතුම්.......!!! (ස)

:       0       0

අමරසේන Friday, 01 February 2013 04:00 AM

මමත් පරණ සිසුවෙන් මෙහි. සුබ පැතුම් තිසර (ස)

:       0       0

විජේන්ද්‍ර Friday, 01 February 2013 06:22 AM

හොඳ වැඩක් පුතා. ඔයා පාසලට ආඩම්බරයක් (ස)

:       0       0

චානක Friday, 01 February 2013 07:48 AM

සුබ පැතුම් , නියම කොල්ලෙක් (ස)

:       0       0

දර්ශන් Friday, 01 February 2013 08:43 AM

සුබ පැතුම් . ඔබ ගම්පහට ආඩම්බරයක් (ස)

:       0       0

නිලන්ත Friday, 01 February 2013 09:02 AM

හරිම සරල ළමයෙක් , හැම කෙනෙක්ටම ආදර්ශයක් (ස)

:       0       0

කොඩිකාර Friday, 01 February 2013 10:13 AM

සිංහල කො‍ල්ලෙක් කෙල්ලෙක් කොයි පළාතෙන් ජයක් ලැබුවත් සතුටුවෙන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. (නි)

:       0       0

නිත්‍යා Friday, 01 February 2013 10:21 AM

මේක දෙමාපියන්ටත් හොඳ පණිවිඩයක්.නැත්නම් අසරණ දරුවෝ නොමරා මරණවා ශිෂ්‍යත්වය වෙනුවෙන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
2024 අප්‍රේල් මස 29 14 0

ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


පරාතේ තහනම මැතිසබයට
2024 අප්‍රේල් මස 29 121 0

බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්‍රදානය කරන ලද


පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
2024 අප්‍රේල් මස 29 123 0

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා
2024 අප්‍රේල් මස 29 126 0

තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක


පාඨලී සී.අයි.ඩීයට කැඳවයි
2024 අප්‍රේල් මස 29 460 0

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.


දුම්රියේ වැඩබලන්න නව සාමාන්‍යාධිකාරීවරයෙක්
2024 අප්‍රේල් මස 29 277 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 382 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site