රුපිල් තුන්සිය විස්සක් වටිනා පොල් ගෙඩි අටක් සොරකම් කළැයි සැකපිට හොරණ මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ දහතුන් හැවිරිදි පාසැල් දැරියක රුපියල් 50000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි හොරණ වැඩ බලන මහෙස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත්මිය නියෝග කළාය.
පාසලේ තීන්ත ගෑම සදහා ඉල්ලා සිටි රුපියල් 800 සෙවීමට ඇය පොල් සොයා අසල වත්තකට ගොස් ඇතැයි ඇය වෙනුවෙන් නොමිලේ පෙනී සිටි නීතීවේදීන් වන තුෂාර ගුණරත්න සහ රොෂාන් දෙහිවල යන මහත්වරු කියා සිටියහ.
හොරණ අරමනාගොල්ලේ කේ.ජී චන්ද්‍රසිරි පැමිණිලිකරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැමිණිලිකරුට තමන්ගෙම දරුවෝ ඉන්නවද?(නදී)
පාසල් නඩත්තුව කරන්නේ රජයෙන්. ළමයින්ට තීන්ත ගාන්න සල්ලි ගේන්න කියන්නේ මොකටද එහෙනම්? (නි)
දරුවෝ නැතුව ඇති. නැත්නම් පෞද්ගලික තරහක් පිරිමහන්න ඇති. (නි)
මෙයා අර කොස් එස්.පී.ගේ සහෝදරයෙක්වද්ද? (නි)
උසාවි ගිනියන්න තිබුනේ ඒ දැරිය නෙමෙයි. එයා ඉගෙනගන්න පාසැලේ විදුහල්පතිතුමාව සහ පන්තිබාර ගුරුතුමියව. ඔවුන්ට අසරන අයගේ දුකක් තේරෙන්නේ නැහැ.(නදී)
කෝට් ගනන් හොරකම්කරන ලොකු මිනිස්සුන්ට කිසිම දඩුවමක් නැහැ. රජ සැප විදිනවා. අහිංසක දරුවන්ව උසාවි දානවා.(නදී)
අහිංසක දුප්පත් අයට හැමදාම වෙන්නේ මේ දේ තමයි.(නදී)
මම දන්නා විදියට මේ ග්‍රීසියේ වුණත් ඔහොම කරන්න බැහැ. අවුරුදු 13 ක ගැහැණු ළමයෙක් මේවා කාට කියන නඩුද? පාසල් ගුරුදෙගුරු, සංවර්දන සමිති මේවාට වගකිව යුතුයි. අධ්‍යාපන ඇමතිතුමාද මේ ගැන සොයා බැලිය යුතුයි. විදුහල්පතිතුමනි, දැන්වත් අහිංසක නැති බැරි දරුවන් ගැන පෙරට වඩා අවධානයෙන් ඉන්න. (නි)
මේ ළමයා ලැජජාවට මොනවා කරගනීවිද දන්නෙ නැහැ. (නි)
මේ පැමිණිලි කරුගේ ඥාතියෙක් වෙන්න ඇති රිසානාව මැරුවේ.(නදී)
මේ අහිංසක දරුවා මෙයට යොමුවන්න ඇත්තේ අනවශ්‍ය තරගයක් නිසා. කවිද මේකට වග කිව යුත්තේ.(නදී)
මගේ හිතට එන ඒවා ලියුවොත් මව සුදුවෑන් එකක දාගෙන යයි . එකක් කියන්නම් කට්ටියම එකතුවෙලා ඒ ළමයාගේ උසාවියට තිබුණ බය ඇරියා. ඒක විශාල වරදක්. (නි)
පිටිගල, ඉතාලියේ බාලවයස් කාරයින් අත්අඩංගුවට ගන්න බැරි එක හරි. ඒ වුනාට බාලවයස්කාරයින්ට මෙහෙ තියෙන නිදහස ගොඩක් වැඩියි. අවුරුදු 15, 16 ළමයින්ට රෑට එලියට යන්න ශ්‍රී ලාංකික දෙමමවිපියෝ ඉඩ නොදුන් අවස්ථානල ඒ ළමයි පොලිසියට කතා කරලා දෙමවිපියන්ට අවවාද කරවලා බලෙන් එලියට යනවා රෑ තිස්සේ. ගොඩක් දෙමවිපියෝ කරගන්න දෙයක් නැතිව ඉන්නේ. මෙහෙ ළමයි ලොකු උනහම එයාලට ඕන දේ කරන හින්දා නීතියෙනුත් ළමයින්ට ගහන්න බැහැ.(නදී)
අපි මේ ළමයාට දොස් කියන එක වැරදි (දී)
මේවා අහනෙකාට ඇග හිරි වැටෙනවා. මේ ළමයා පාසැල් යන්න ඕන නිසා මේ දේ කරන්න ඇති. ආයෙත් මේ දරුවා කොහොමද පාසැල් යන්නේ. මිනිස්කම මෙච්චරම පිරිහිලාද ? කවිරුවත් හිටියේ නැද්ද මේක සමතයකට පත්කරන්න. මේ දෙවැන් අවස්ථාව ඒක පාරක් කොස් ගෙඩි දෙකක්. හරක් නිදහස් කරන රටක් නේද මේ.(නදී)
උසාවියේ කාලය,ජනතාව ගේ මුදල් නාස්තිකරන මේවගේ මෝඩ නඩු දාන අයට විරුද්ධව වෙන නීතිය ක්‍රියාත්මක කරලා වියදම පැමිණිල්ලෙන් සහ පොලිසියෙන් අයකර ගන්න ඕනා. කොස් ගෙඩිදෙකේ නඩුව වගේ මයි මෙකත් (ස)
නොමැත ඇසක කදුලක් නොවටුනොත් රොඩු කැබැල්ලක් දකින්නු නොහැක ලේබිදුවක් නොමලොත් මකුනෙක් මදුරුවෙක් මැරුණත් මේපුරේ මේ මනරම් සමේ උපදින්න මතුවාසනා ....- නන්දා මාලනී (ස)
පව් (ස)
මේවට ප්‍රතිචාර දාන අය සියයට අසූපහක්ම පිටරට ඉන්න අයනේ. ජීවත් වෙන අය තමයි දන්නේ ජීවන වියදම. පවි අහංසක මිනිස්සු.(නදී)
නියමයි! (ස)
පවුකාර වැඩක්. තීන්ත ගාන්න ඇයි රුපියල් අටසීයක් මේ නැතිබැරි ළමයින්ගෙන් ඉල්ලුවේ. ළමයගේ වයස පෙනුනේ නැද්ද?(නදී)
බලාගෙන යනකොට දැන් ඔය පාසල් සංවර්ධනය මර්දනය කරන්නයි වෙන්නෙ, මේ වගේ සිද්ධීන් දිහා බලද්දී. (නි)
මට එන කේන්තිය කියන්න වචන නෑ .(ස)
හොරකම කියන කතාව මෙතනදී අමතකකරන්න වෙනවා. මොකද පාසැල් සංවර්ධනයට මුදල් මේ වන විට දෙමාපියන්ගෙන් අයකරන නිසා දරුවෝ පුදුම විදිහට අසරණ වෙනවා. ඒ දරුවා ඒ රුපියල් 800 ගෙව්වේ නැත්නම් පන්තියෙන් එළියට දානවා. ඒක දරුවෙක්ට වෙන අතවරයක් නෙවෙයිද? ඒ වගේ අවස්ථාවක 13න් හැවිරිදි(ඒක හරිම වැදගත් 13යි කියන්නේ 8-9 වගේ වසර) දරුවෙක්ට තමන්ගේ ගැටවර පෞර්ෂය වර්ධනය වන අවධියකදී කොච්චර බලපානවද? මම දන්න විදිහට පාසලෙන් ඉල්ලන මුදල් නොගෙවීම මත පාසලෙන් දරුවන්ට කොච්චර පීඩනයක් එල්ලකරනවද? මේ වන විට පාසැල් සංවර්ධනය රජය විසින් දෙමාපියන්ට සහ පාසලට පටවලා තියනවා. මේකේ සම්පූර්ණ වරද දරුවගේ නෙවෙයි. ඒ වගේම නීතිය? (නි)
එලකිරි අදහසක් දාස මහත්තයෝ !!!! (ස)
අගහිග කම පාසලට කියුවානම් ඉවරයි නේ (දී)
ඉතා සංවේදී කතාවක් (දී)
හැදිගාලා හදන කිරිහොද්දෙයි. හැදි නොගාලා හදන කිරිහොද්දෙයි අර්ථය ඔයාලා දන්නවනේ. ළමයෙක් වරදක් කෙරුවනම් දඩුවම් කරන්න ඕනේ. නැත්නම් වැරැද්ද තේරුම් ගන්නේ නැහැ. නමුත් මේ දරුවා පාසල් යන පොඩි එකෙක් . දඩුවම දීලා තියෙන ක්‍රමය තමයි වැරදි.(නදී)
දුවේ, ඔයා මේ සිද්ධියෙන් කම්පා වෙන්න එපා. හොදට ඉගෙන ගෙන මේ දුර්ජන සමාජයෙන් මිදිලා ලෝකේ හොද රටකට යන්න.(නදී)
ඈත්තෙන්ම මෙම දෑරිය ගස්බඩගාලා පොල් කඩලානෑ. වෑටුන පොල් අහුලාගෙන තිබෙන්නේ, නමුත් අනුන්ගේ දේ අනුන්ගෙයි. ලංකාවේ බහුතරයක් බොදු බතිමතුන්, අංගුලිමාල ජාතකය අනුව ඈහිලි 1000ක් කෑපුවේ ගුරු ගෞරවය සදහායි. රුපියල්800 ක් මේ දුප්පත් දරුවාට මහමෙරක් ලෙස හෑගීම සාධාරණ්යි. පාසලට තීන්ත ගාන්න එක ලමයකුගෙන් 800 උනොත් එම පාසලේ ලමයින් ගානෙන් 800 වෑඩිකලොත් කීයක් ලෑබෙනවාද කියලා මාධ්යට කියලා නෑ. නමුත් හෑම විදුහල් පති කෙනෙක්ම 1 වසර ලමයින් ඈතුලත් කර ගෑනීමේදී යම්කිසි මුදලක් අයකර ගන්නවා. එයට අද වෙනතුරු නීතියක් සම්මත වෙලා නෑ. සම්මත උනත් ක්‍රියාවට නගලානෑ. විදුහල් පතීන්ගේ පූද්ගලීක වත්කම් ප්‍රකාශ අදවෙනතුරුත් ලබාගෙන නෑ. ගොඩනෑගිලි අරමුදලට මොකද වෙන්නෙ කියලා කව්ද හොයා බලන්නේ. තීන්ත ගන්න ශ්‍රමදාණයක් දමා ලමයෙකෙග්න් රු.100ක් ලබා ගත්තත් වෑඩේකරන්න පුලුවන්. දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ඒ තරමට කෑපවෙනවා. බාලවයස් දරුවෙකුට මේ ලබපු කටුක අත්දෑකීමක් අපි තරයේ හෙලාදකිනවා. මන්දයත් අපටත් මෙවෑනි දරුවන් සිටින නිසා. කොස් ගෙඩි දෙකේ එස්.පී මහත්තයට කියපු දේ තමා මේ පෑමිනිල්ලටත් කියන්න තියෙන්නේ. තොපට දරුවෝ නෑද්ද?(නදී)
ලංකාවෙ තියන්නෙ පුදුමාක්කාර ර්‍නිතියක්. (ස)
දරුණු අපරාද සිදුවන රටක මෙවැන් බාලවයස්කාර දැරියක් උසාවි ඇරියේ ඇයි? සමත කරන්න බැරි වුනාද? (නදී)
මේ සම්බන්ධයෙන් නඩුකාරතුමාටත් යමක් කරන්න තිබුණා. දෙපැත්තටම අවවාද කරලා එවෙලෙම නඩුව අහක දාන්න හැකියාව තිබුණා නේද? (නි)
අයියෝ! මේවා අහනකොට මරාගෙන මැරෙන්න හිතෙනවා. (නි)
මට එකපාරටම මතක් වුණේ අර කොස් ගෙඩි දෙකේ කතාව. (නි)
අධ්‍යාපනයට සමිබ්න්ධ මේවාට වග කියන්න ඕනේ කවිද.?(නදී)
මහත්තයෝ ඔහේ පොල් ගස් යටින් යනකොට පරිස්සමින් යන්න .මොකද මේ වැඩේ ආනිසංසයට ඔළුවට පොල් ගෙඩියක් වැටෙන්න පුළුවන් .(නදී)
පවි, අහිංසක දුප්පත් කෙල්ල.(නදී)
මේ කුඩා දැරිවිගේ දෙමවිපියන්ට කතාකරල තරයේ අවවාද කරල සමතයකට පත් කරන්න මෙතන හිටි කාටවත් බැරි උනාද?(නදී)
රටේ ලෝකේ කොච්චර අපරාධ වෙනවද ඒව හෙලාකරන්නකෝ..(ස)
ඔය හොරන පැත්තේ මොන තරම් පොල්වතුවල පොල් වැටිලා යනවද? පොල් ගෙඩි 8 වගේද මේ දරුවගෙ නමට ඇතිවූ කැලල. පාසැල් ගමනත් අවසන් කරයි. මේ දරුවන් රැකබලාගන්න ඕනේ. (නදී)
සහ ගහනව අහිංසක දරුවන්ට මෙහෙම කරනවට,අධ්‍යාපනය වෙනුවෙන් 6% නෙමේ ඊට වැඩියෙන් සල්ලි දුන්නත් පාසල්වලට සල්ලි එකතු කරන එක නවතින්නෙ නෑ, ඒ ගැන බලන්න කෙනෙකුත් නෑ. මම හිතන සහ දන්න හෑටියට දේශපාලනේ ගාවට වැඩියෙන්ම හොරකම් වෙන්නේ පාසල්වල කියලයි (ස)
ඉතාලියේ බාලවයස්කරුවන් අත්අඩංගුවට ගන්න නීතියෙන් බෑ . වරදක් වුණොත් පොලීසියෙන් ගෙදරට ඇවිත් දෙමාපියන් සමග සාකච්ඡා කරනවා (ස)
දැන් ගොඩක් පාසැල්වල තින්ත ගාන වගේ වැඩවලට සල්ලි එකතු කරනවා. මොකද රජයෙන් ඕවට සල්ලි පාස් කරන්නේ ගොඩක් කල් ගිහිල්ලා. ඉතින් දුප්පත් ළමයි කොහොමද සල්ලි ගෙවන්නේ.(නදී)
අර කොස් ගෙඩි 2 දෙවැනි කොටස ද? කෝටි ගණන් පිල්ලි ගහන අයට නඩුත් නෑ, දැම්මත් සාක්කිත් නෑ. අසරණයාට රු 50,000 ක ශරීර ඇප.නීතියට ගියකල? (ස)
රුපියල් 800 නැති ළමයා 50000 ශරීර ඇප ගෙවන්නේ කොහොමද ?? (ස)
මේවට උසාවි යන්න ඕනද ?අහිංසක දරුවන්ට සමාව දීලා පාසලට සල්ලි ටික ගෙව්වනම් හොඳයි නේද ? (ස)
මේ අසරණ දැරිය කොහොමද ආයෙත් පාසල් යන්නේ ? පාසලේ උදවියක් වගකියන්න ඕනි (ස)
පොඩි වරදක් කලොත් උපරිම දඩුවම් දෙනවා, ඒත් කෝටි ගණන් වංචා කරන අයට මුකුත්ම නෑ (ස)
නඩු අහන්නේ කවුද ?? (ස)
ගුරුවරු දැන ගන්න ඕන නැති බැරි ළමයින්ට සල්ලි රැගෙන ඒම අනිවාර්ය නොකර සිටීමට... පවු අසරණ ළමයා... නැවත පාසල් ගියාම එහි රැදීම පහසු කාර්යයක් නොවනු ඇත... (ස)
අහිංසක දරුවෝ උසාවි ගෙනියන්න එපා (ස)
නඩු නැතුවට නඩු . අධ්‍යාපන ඇමතිතුමනි මේ මොකද වෙන්නේ ?? (ස)
පේනවා නේද ආසියාවේ ආශ්චර්‍යය. මිනිස්සු මේ තරම් අසරණ වෙච්ච කාලයක් ඉතිහාසේ පුරාවටම නෑ (ස)
මේ මහත්තය රෙදි ඇඳගෙනද මේ පැමිණිල්ල දිගට ගෙනියන්නේ? (ස)
මොනවා කියන්නද කියලා තේරෙන්නෙ නැහැ. (නි)
පොල් ගෙඩි අටට 50,000ක්? බිංදු ගාණ වැරදිලා වද්ද? (නි)
ඒ තරම් දඩුවම් කරන්න එපා, අසරණ කමටනේ එහෙම කලේ (දී)
පාසල් සංවර්ධන සමිතිය මොකද කරන්නේ (ස)
මෙවැනි මානුෂික පුශ්නයකදී මීට වැඩිය සංවේදී යුතුයි. බලධාරීන්ගේ ඇස් ඇරෙන්නත් එක්ක අර ළමයට අපි පුළුවන් හැටියට උදවු කරමු. දුරකතන අංකයක් පල කරන්න. (නි)
මට මේ දැරිවියගේ විස්තර එවන්න. මට මුදලින් උදවු කරන්න අවශ්‍යයි. (නි)
දඹුලු ගිහින් තලගොයිත් මරා ගෙනම එන්න ගිහින් (දී)
පුදුම වැඩක් නේ (දී)
ගිය වැඩේ විතරක් කලානම් ඉවරයිනේ (දී)
නිදහස් අධ්‍යාපනයනම් නියමෙට වැඩ (ස)
මට මේක දකින කොට මතක් වෙන්නේ මනුතාපය. පාන් ගෙඩියක් හොරකන්කළ වරදට හිරෙ ගියා. කෝටිගණන් හොරකන් කල මිනිසුන් යහතින් එළියේ. මේ අහිංසක ළමයට දඩ. නීතිය මකුළු දැලක් වගේලු . කුඩා උන් අහුවෙනවා. ලොකු උන් කඩාගෙන යනවා. (ස)
ඕවට සල්ලි නොදුන්නම ළමයින්ට විදින්න වෙන කරදර එමටයි. ඒවට විසදුමක් දෙනවානම් හොඳයි (ස)
කවුද මකට වග කියන්නේ (දී)
වරදට දඩුවමක දෙන්න ඕනේ, ඒත් මේ තරම් එකක් දුන්න එක වැරදි (දී)
සේරටම කලින් මේ වගේ දරුවන්ට දරන්න බැරි තරම් බරක් පටවපු පාසල් නිලධාරින්ට දඩුවම් කල යුතුයි. (ස)
ගෙවල් වල අගහිඟ නිසා පාසලෙන් ඉල්ලන ඉල්ලන සැරේට සල්ලි දෙන්න බොහෝ ළමයින්ට අපහසුයි. එවිට ළමයි මේ තත්වයට පත් වෙනවා. එයට පාසල වගකිවයුතුයි. (ස)
කොතනද මෙතන වරද තියෙන්නේ (දී)
තීන්ත අරන් ආවනම් ඉවරයිනේ (දී)
මේවා උසාවි දාන්න දේවල් නෙමෙයි. හරිනම් කරන්න තිබ්බේ ඒ දරුවාගේ දෙමාපියන් දැනුවත් කර ළමයට අවවාධ දෙන එකයි (ස)
වරදක් නේ කලේ, දඩුවම් දෙන්න (දී)
වරදට දඩුවම (දී)
දුක හිතෙන කතාවක් (දී)