මත්තල ගුවන් තොටුපොළ ගුවනින් නිරික්ෂණය කරමින් මව්බිම වටා ගුවන් සවාරියක් යාමට මෙරට පාසල් සිසුන් එකසිය විසිපස් දෙනකුට අද (27) අවස්ථාව උදාවිය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් දක්ෂ දරුවන් සියදෙනෙක් ද, සිවිල් ගුවන් සේවය පිහිටුවා වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවති චිත්‍ර තරගයකින් ජයග්‍රහණය කළ දරුවන් විසිපස් දෙනෙක් ද මෙම ගුවන්ගමනට සහභාගී වූහ.
ඔවුන් ගුවන් ගමනක අත්දැකීම සහ ගුවන් ක්ෂේත්‍ර පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙම අවස්ථාව දුන්නේය.
ගුවන්ගමන සඳහා සියළු දරුවන් හට විශේෂ ගුවන්ගමන් බලපත්‍රයක් සකස් කර දී තිබූ අතර ගුවන්ගමනක් සඳහා අවශ්‍ය ලියකියවිලිද ඔවුන් අතට පත්කරනු ලැබීය.
මගීන් 150 කට ගමන් කළ හැකි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඒ320-200 ගුවන්යානය අද පෙරවරු 9.45 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගමන් අරැඹුවේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් හඩ මැද්දේය.
මෙම බොහෝ දරුවන් කිසිදා ගුවන් තොටුපොළක් දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත් මෙම දරුවෝ ගුවන් යානයේ කවුළු වලින් සිරි නරඹමින් පැවසූහ.
කපිතාන් සජිත් විජේසිංහ සහ කපිතාන් ප්‍රවීන් වෙත්තමුණි යානයේ ප්‍රධාන ගුවන් නියමුවෝ වූහ. කටුනායක සිට මුහුදු මට්ටමින් අඩි දොලොස්දාහක් උඩට නැංවූ ළමුන් රැගත් ගුවන් යානය මහනුවර, නුවරඑළිය, බංඩාරවෙළ, කාසල් රී ජලාශය, වික්ටෝරියා, රන්දෙනිගල, ලුණුගමිවෙහෙර, පිදුරුතලාගල, ශ්‍රී පාදස්ථානය දබලාගෙන මත්තල ගුවන්තොටුපොළ උඩින් පියාසර කළ අතර මෙම ස්ථානයදීම අඩි 7000 ත් 5000ත් අතර උඩින් යානය රඳවාගනිමින් දරු දැරියන්ට එම ස්ථාන ගුවනින් නිරික්ෂණය කිරීමේ අවස්ථාව ලබාදුන්හ.
ජීවිතයේ ප්‍රථම වතාවට ගුවන්ගමනක අසිරිය විඳි දරුවෝ ගුවන්යානය හරවන අවස්ථාවලදී උද්දාමයෙන් කෑගැසූහ.
මත්තල ගුවන්තොටුපොළ ගුවනින් නිරික්ෂණය කිරීමට අවස්ථාව සලසා දුන් ගුවන්නියමුවෝ පසුව හමිබන්තොට වරාය, තංගල්ල, මාතර, ගාල්ල දකුණු මුහුදු තීරය ඔස්සේ කොළඹට පැමිණ පැයකුත් විනාඩි විස්සක සාර්ථක ගුවන් ගමනක් අවසන්කොට යළි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළගා වුහ.
දරුවන්ට වරින්වර ගුවන් නියමු කුටියට යෑමට ඉඩ ලැබිණි
ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ පුහුණු කළමනාකාර ප්‍රිමල් ද සිල්වා, පුහුණු උපදේශක ෂෙවෝන් රුද්‍රගු යන මහත්වරුද සහභාගී වූහ. එහි ප්‍රධාන ගුවන්සේවකයින් ලෙස ගිහාක් එලිකේවල සහ ශිරාෂ් රෂ්මි ද කටයුතු කළ අතර අධීක්ෂණ නිලධාරීණීය ලෙස ශිරෝමාලා රත්නායක ද ගුවන්සේවිකාවන් ලෙස ලක්ෂිකා පෙරේරා මාන්ස් රොහාන් සහ ඩිලක් ගුරුසිංහ දමේ ගමනට එක් වුහ.
පපපපපප
මත්තල ගුවන් තොටුපොළ
හම්බන්තොට වරාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුංචි සිත්වලට මොන තරම් සතුටක් දැනෙනවා ඇද්ද ? (ස)
ළමයින්ට ලැබුණු විශිෂ්ට අවස්තාවක් (දී)
හොඳ වැඩක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ස්තූතියි (ස)
අගය කළ යුතු හොද වැඩක්. (නි)
නියමයි. හොද වැඩක්. (නි)
මෙවැනි අවස්ථාවන් තව තවත් අපේ දරුවන්ට දියයුතුයි. (නි)
අපේ දරුවන්ට හොද අවස්ථාවක්. ගොඩක් හොදයි. (නි)
ඉතා වටිනා වැඩක්. (නි)
හොද වැඩක්. (නි)
බොහොම හොඳ වැඩක්. (ත)
නියමයි (දී)
මෙන්න හොඳ වැඩක් ...පුංචි පුංචි සමනලුන්ට පියාඹන්න ලැබිලා. දැක්කම අපිටත් සතුටුයි (ස)
ගුවන් සේවයටත්, මෙය සංවිධානය කළ අයටත් අපේ උත්තමාචාරය! (නි)
ස්තූතියි ශ්‍රී ලංකා එයාර් ලයින්. (නි)
මෙම අවස්තාව ලබා දුන් සැමට බොහොම ස්තුතියි...දරු පැටවුන්ගේ සතුට මිල කල නොහැකියි .(ස)
නියමයි ශ්‍රී ලංකන් එයාර් ලයින්! (නි)
ඒක නම් ඉතාම හොද වැඩක්. දරුවන්ට තම රට ගැන ආඩම්බරයක් ආදරයක් ඇති වෙන මේ වගේ වැඩ වර්ධනය කරන්න ඕනෑ. (නි)
ඉතා හොද අදහසක්. මගේ හදපිරි ස්තූතිය පුදනවා. (නි)
අපේ රට කොයි තරම් වාසනාවන්තද . ජනාධිපතිතුමාට පින් සිදුවේවා (ස)
කලාතූරකින් අසන්නට දකින්නට ලැබූනූ වැදගත් අවස්ඵාවකි.....!! ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගින් ප්‍රථමවතාවට මවූබිමේ පාසැල් දරැදැරියන්ට අමතක නොවන විශේෂ ගුවන් චාරිකාවක් සළසා දූන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බෙහෙවින්ම ස්තුති පූදකරන අතර, එම අවස්තාව සංවිධානය කළ කාර්ය් මංඩලයට මූළු මහත් ජනතාවගේ ගෞරවය හා උත්තමාචාරය ලැබේවා....
ළමයි හොදට සතුටු වෙන්න ඇති (දී)
ඉතාම හොද වැඩක්. (නි)
අවංකවම ආඩම්බරයි අපේ රට ගැන. (නි)
ඉතා හොදයි. (නි)
දැන් නම් කාටවත් මුකුත් අනන් මනන් කතා කියන්න බැහැ. (නි)
ඉතාමත්ම අගය කළයුතු හොද කාර්යයක් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට සහ මේ සඳහා මූලිකත්වය ගත් සැමටම ස්තුතියි. තවත් මෙවැනි අවස්ථාවන් පාසල් දූදරුවන් වෙත ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා. (ස)
ඉතාමත් අගය කළ යුතු වැඩක්. (නි)
මෙවැනි වැඩ නිසා දරුවන් මවුබිමට ආදරය වෙනවා. (නි)
ගමේ ළමයින්ට සිනහා මුසු මුහුණින් යුතුව හොදින් සැළකූ ඔබ සැමට මාගේ ප්‍රණාමය! (නි)
වාසනාවන්ත ළමයි. මම ඔවුන්ට සුභ පතනවා. (නි)
ඉතා හොද වැඩක්. මෙයට දායක වූ සියල්ලන්ටම ස්තූතියි. (නි)
අපේ දරුවන්ට කවදාවත් නොලැබෙන අවස්ථාවක්. ගොඩක් හොඳයි, සතුටුයි. (නි)
මින්පෙර නොකළ උතුම් ක්‍රියාවක්. ජයෙන් ජයම වේවා! (නි)
මේ ගමනට ළමුන් තෝරාගැනීමේදී ගොඩක් අක්‍රමිකතා වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. (නි)
සෑම දිනකම සිත කළකිරෙන පුවත් අහලා දැකලා එපාවෙලා හිටියෙ. මාස ගානකට පස්සෙ දැකපු මේ පුවතින් සිතට පුදුම සතුටක් දැනෙන්නෙ. අපේ අනාගත පරපුර දිරි ගන්වන මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම කරන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. (නි)
මේක ඉතා හොද කාර්යයක්. (නි)
ඉතා හොද අත්දැකීමක්. විශේෂයෙන් ගුවන් නියමු කුටිය පියාසර කරද්දී දැකගන්න ලැබීම ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. (නි)
ඉදල හිටලා ළමයින්ට ලැබෙන අවස්තාවක් (දී)
මේ ලෙසටම ලංකා මාතාවගේ සියලුම දරුවන්ට අවස්ථාව ලැබෙනවා නම්... (නි)
හරිම වැදගත් සිදුවීමක්.. අගය කළ යුතුයි. (ත)
හොද වැඩක්. (නි)
ඉතාම හොදයි. මේ තෝරාගැනීම පිළිබද නිරවුල්තාවයක් නැති බවයි පෙනී යන්නේ සංවිධානයේ.. (නු)
මේ ලබාදුන් අවස්ථාව මම අගයකොට සළකමි. ඔබට ස්තූතියි! (නි)
වාසනාවන්ත ළමයින් කණ්ඩායමකට මෙවැනි හොඳ අත්දැකීම් රැසක් ලබාදුන් සැමටම ඉතාමත් ස්තූති කරමි. මේ ළමයින්ගෙන් බොහෝ දෙනෙක් ගුවන් නියමුවන් හෝ ගුවන් සේවක, සේවිකාවන් ලෙස අනාගතයේදී තම ජීවන වෘත්තීය තෝරා ගැනීමට ළමාවියේ මේ ලද අත්දැකීම් ආධාර වීමට ඉඩ තිබේ. (නි)
හරිම උතුම් වැඩක්. ඒ දරුවෝ මොනතරම් සතුටු වෙන්න ඇද්ද? ගුවන් නියමුවන් දෙන්නත් ඉතාම උසස් විදියට වැඩේ කරලා තියෙනවා. මේකට සම්බන්ධ වුණ සියලුම දෙනාට ගෞරව කරනවා. (නි)
උතුම් දෙයක්. (නි)
වැඩේ නම් හොඳයි. (නි)
අලුත් අද්දැකීමක් (දී)
පොඩි දරුවන් මේ වගේ දේවල් වලට කැමතයි . (දී)
අපේ අනාගත දරු පරපුරේ අනාගතය වෙනුවෙන් කළ හොද ආයෝජනයක්. (නි)
ඒක හොද වැඩක් (දී)
සතුටුයි , පිටිසර ළමයි ටිකක් වැඩිපුර ගිනියන්න, එයාල ගොඩක් සතුටු වෙයි.(නදී)
විශිෂ්ට ක්‍රියාවක්. (නි)
ඉදිරිය හොදයි. ඔහොම යමු. (නි)
අවංකවම ආඩම්බරයි අපේ රට ගැන. මින්පෙර නොකළ උතුම් ක්‍රියාවක්. ජයෙන් ජයම වේවා! (නි)
ඉතාමත් හොඳ වැඩක්. අනේ අපේ රටේ ඉන්න අනෙක් ළමයින්ටත් ඔහොම යන්න ලැබෙනවානම්. (ත)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ගුවන් පථය පරීක්ෂා කරන්න ඉස්සෙල්ලද මේ දරුවන්ව යැවුවෙ? (නි)
පෙරේරා මහත්තයා ක්‍රමිකව ළමයි තෝරලා ඔහොම ගමනක් එක්කගෙන යන්නකො එහෙනම්. (නි)
ඉතා වටිනා වැඩක්. මේ පුවතින් සිතට පුදුම සතුටක් දැනෙන්නෙ. අපේ අනාගත පරපුර දිරි ගන්වන මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම කරන්න වාසනාව ශක්තිය ලැබේවා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා! (නි)
හරිම සතුටුයි. (ත)
හොඳ වැඩක්. (ත)
ඇත්තටම මේක හොද වැඩක්. (නි)
ගොඩක් වටිනා ක්‍රියාවක්. සමහර උත්සව සඳහා විශාල මුදලක් වැය කරනවාට වඩා මෙවැනි දේ කරන එක ඇත්තටම හොඳයි (ස)
හොඳ වැඩක් අපේ ස්තුතිය. (ත)
අනේ වාසනාවන්. (ත)
අපි මීටපස්සේ නීවාඩුවට එන්නේ මත්තලටමයි. (නි)
දරුවන් ආසයි මේ වගේ වැඩ වලට (දී)
ජනාධිපතිතුමාට පින් ! (නි)
අදහසත් හොඳයි, වැඩෙත් හොඳයි .(ස)
අති විශිෂ්ඨයි ශ්‍රීලංකා ගුවන් සේවය. ගොඩක් උතුම් ක්‍රියාවක්. (ත)
මේක ඉතා හොද කාර්යයක්. (ත)
ඉතා හොදයි. (නි)
මේකට ළමයි තෝරා ගත් විදියත් බොහොම විවෘත්ත වුණානම් ඇත්තෙන්ම හොඳ දෙයක් (ස)
සන්තෝසයට කරුණක් (දී)
හොද දේවල් කරනකොට ඒවා දකිනකොට ඈලජික් වෙන පිරිසක් ඉන්නවනේ. ඒ අයටයි කියන්නේ. තමන්ගේ පපු කුහරයෙ කැකෑරෙන කුහකකම ඒ අහිංසක දරුවන් විදපු සතුටට ගාවන්න එපා. ඒක හෙණ ගහන අපරාධයක්. වැහිවෙලාවට එළියට යන්නත් එපා. (නි)
දරුවන්ට ලැබුණ හොඳ අවස්තාවක්.(ස)
ගොඩක් වටිනා ක්‍රියාවක්. සමහර උත්සව සඳහා විශාල මුදලක් වැය කරනවාට වඩා මෙවැනි දේ කරන එක ඇත්තටම හොඳයි. අවංකවම ආඩම්බරයි අපේ රට ගැන (නි)
කාලෙකින් අහන්න ලැබුණු සිත සතුටු කරවන පුවතක්. (නි)
මෙච්චර හොඳ වැඩක් කරලත් කට කැඩිච්ච කතා කියන අයත් ඉන්නවනේ (ස)
අති විශිෂ්ඨයි ශ්‍රී ලංකා ගුවන් සේවය. ගොඩක් උතුම් ක්‍රියාවක්. (නි)
මේ මුදල් වියදම් කරලා ළමයින්ගේ බඩ කට පුරවන විදියේ ක්‍රමයක් ගෙනාවනම් මීට වඩා හොදයි.. අද ලංකාවෙ දුප්පතුන්ට උග්‍ර දරිද්‍රතාවයක් තියෙනවා..!(නු)
සුපිරි වැඩක්. ජය වේවා! (නි)
යානේ එන්ජිම ගැන හොදට බලලා නේද ගියේ? (නි)
සමහරුන්ට මැජික් (ස)
බොහොම හොඳ වැඩක්. අපේ ජනපතිතුමා හරිම කාරුණිකයි (ස)
සිරි ලංකා මවගේ අනාගතේ " රැදී තිබෙනුයේ දරුවෝ අතේ " ඔබලාට සැමදා ජය (ස)
මම කරනවා හොඳ වැඩක්.