ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතැම් ජනප්‍රිය පාසල්හි හය ශ්‍රේණියට ඇතුළු කිරීමේදී මුදල් අය කරතියි ගම්පහ දෙමාපියන් පිරිසක් චෝදනා කරති.
බස්නාහිර පළාතේ පාසලක ශිෂ්‍යත්වය සමත් සිසුන් හය ශ්‍රේණියට බාර ගැනීම සඳහා එවා ඇති ලිපියේ පහසුකම් හා සේවාගස්තු සහ පාසල් සංවර්ධන සමිති අරමුදලට අමතරව රුපියල් 4000ක් ගෙන එන ලෙස දන්වා ඇත. ඇතැම් පාසල්හි මීටත් වඩා වැඩි මුදලක් අය කරන බව දෙමාපියේ කියති.
පහසුකම් හා සේවා ගාස්තුව හා සංවර්ධන සමිති අරමුදල පමණක් අය කිරීමට අවසර ඇති අතර එම මුදල පාසලෙන් පාසලට වෙනස් වෙතියි කියති.
ගම්පහ එක් පාසලක ගාස්තුව මෙසේය.
පහසුකම් හා සේවා ගාස්තු - රුපියල් 60.00
පාසල් සංවර්ධන සමිති අරමුදල - රුපියල් 3.00
ආරක්ෂක ගාස්තු - රුපියල්120.00
ඇගයීම් -රුපියල් 150.00
ක්‍රීඩා - රුපියල් 150.00
ආගමික කටයුතු - රුපියල් 17.00
නව ව්‍යාපෘති - රුපියල් 4400.00
අනුමත වෙනත් - රුපියල් 100.00
ලංකා ගුරු සංගමය පැවසුවේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කළ 2008/37 චක්‍රලේඛයේ 2 සිට 11 ශ්‍රේණිය දක්වා ළමයින් ඇතුළු කර ගන්නා අන්දම දක්වා ඇති බවයි. එම චක්‍රලේඛයේ 6.0 වගන්තිය අනුව රජයේ පාසල් පාසල්වලට සිසුන් ඇතුළු කර ගැනීමේදී පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික අරමුදලට අමතරව කිසිදු මුදලක් අය කළ නොහැකි බව දක්වා ඇති බව ද එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
මුදල් ගෙන ඒමට යැයි බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ද, එවැනි අවස්ථාවල දැඩි ලෙස ක්‍රියාකරණ බව ද, පාසල් ප්‍රධානීන් හෝ පාසලට සම්බන්ධ සංවිධානයක් එලෙස මුදල් ගෙන ඒමට බලපෑම් නොකළ යුතු බව ද 2008/37 චක්‍රලේඛයේ සඳහන් බව කී ස්ටාලින් මහතා මුදල් ගෙන එන ලෙසට බලපෑම් කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය හෝ අල්ලස් කොමිසමට පැමිණිලි කළ යුතු බව ද ස්ටාලින් මහතා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු කීවේ 2008/37 චක්‍රලේඛයේ 6.0 වගන්තියෙන් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී අනවශ්‍ය ලෙස මුදල් අයකිරීම තහනම් කර ඇතුවා පමණක් නොව 2008/41චක්‍රලේඛයෙන් ද විවිධ ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම තහනම් කර ඇති බවයි. චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මුදල් අය කරන්නේනම් වහාම ඒ ගැන අධ්‍යාපන අමාත්‍යංශය දැනුවත් කරන ලෙසද එම නිලධාරියා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැමිණිලි කරන්න ගියාම ගුරුවරුන්ගෙන් ළමයින්ට ‘සෝලි වැටෙනවාට‘ දෙමාව්පියෝ බයයි. (ත)
හරිම කණගාටු දායක තත්ත්වයක්. මම උසස් පෙළ කරන්න ඇතුළත් වුණේ කොළඹ තිබෙන ඉහළම පාසලකට 1975 දී. ඒ කාලෙ මට වියදම් වුණේ ඉල්ලුම් පත්‍රය ලියාපදිංචි කරන්න ගිය තැපැල් ගාස්තුව (රුපියල් 2) ව හා පහසුකම් ගාස්තු විතරයි. දැන් මේ සිදුවෙන්නේ කුමක්ද? (ත)
ඇයි දැන් හාර්ඩ්වෙයාර් කඩවල බිල් භාරගන්නේ නැද්ද? (නි)
හිතන්න පුලුවන් එකම දේ අයකරගන්න මුදලින් කොටසක් ඉහළ නිලධාරීන්ටත් ලැබෙනවා කියන එකයි. නැත්නම් ඒවා නවත්වන්න බැරි ඇයි? (ත)
මට පේන්නෙ මේක සක්විතිගෙ ඉස්කෝලයක් වගෙයි. (ත)
මේ නීති රීති ගැන විදුහල්පති තුමන්ලා දන්නවාද දන්නේ නෑ නේද?
අපේ මිනිස්සු අද හොරු වෙලා තියෙන්නේ කියක් හරි වැඩිපුර ගානක් දීලා ළමයව පාසලට ඇතුළු කරගන්න බලන එකෙන්. මොකද අද ළමයෙක් පාසලකට ඇතුළු කරගන්න තියෙන අමාරුව කවුරුත් දන්නවානේ. (ත)
පක්ෂ පාට නොහැතිව මේ අනාවරණය කිරීම ගැන මම ආචාරය පළ කරමි. (ත)
නීති දාලා වැඩක් නැහැ ඒවා ක්‍රියාත්මක කරන්න බැරිනම්. අධ්‍යාපන අමාත්‍යංශ උපදෙස් පිළි නොගන්න තත්ත්වයක් ද අද තියෙන්නේ? (ත)
නීතිය එහෙම වුණාට අපේ ගමේ පාසලේ එක වසරෙ ළමයෙකු වෙනුවෙන් රුපියල් 5000කටත් වැඩියෙන් වෙන්න වුණා. (ත)
ළමයින් ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා (දී)