ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ තරග මේ මස 5 වැනි සිට 10 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට තීරණය කිරීමෙන් පාසල් රැුසක් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි වාර්තාවේ. මෙම කි‍්‍රයාදාමය මගින් ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන් තමන් විසින්ම පවසන ලද දේට පටහැණිව කටයුතු කරන බවටත් පාසල් කි‍්‍රකට් නියෝජිතයේ චෝදනා කරති.
පළාත් තරග හිටි හැටියේම අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කිරීමෙන් වයස 19 න් පහළ ක‍්‍රිකට් තරග කාල සටහන වෙනස් කිරීමට සිදුවීමෙන් තමන් දැඩි පහසුතාවට පත්ව සිටින බව පාසල් කීපයක නිලධාරීහු ‘ලංකාදීප’යට පැවසීය.
පාසල් ක‍්‍රිකට් පිළිබඳව පසුගිය වසරේ පැවැති සාකච්ඡුාවකදී ක‍්‍රිකට් ආයතනයේ ඇතැම් ඉහළ නිලධාරීන් ක‍්‍රිකට් පුහුණුවන්ගේ යෝජනා ඉවත දමමින් පුහුණුකරුවන්ට දොස් පවරමින් තරග සංඛ්‍යාව අඩු කිරීමට ද තීරණය කළ බව ද වාර්තා විය.
උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු පැවැසුවේ ජාතික තේරීම් කමිටු නිලධාරියකු එම සාකච්ඡුාවේදී පාසල් ක‍්‍රිකට් කඩාවැටී ඇති බවත් ක‍්‍රීඩකයන්ට විවේකය අවශ්‍ය බවත් මහ හඩින් පැවසූවත් මෙවැනි අවස්ථාවලදී නිහඩ වී ඇති බවයි.
මෙම තත්ත්වය පිළිබඳව පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉල්ලීම අනුව පළාත් තරගාවලිය සඳහා පහසුකම් සැළසූ බවත් ඒ හේතුවෙන් 19 න් පහළ තරගාවලිය මාර්තු මස 5 වැනිදා දක්වා දීර්ඝ කළ බවත්ය.
”ඇතැම් ජාතික මට්ටමේ නිලධාරීන් පාසල් ක‍්‍රිකට් පිළිබඳව කිසිදෙයක් දන්නේ නෑ, විදේශ සංචාර යෑමේ අදහසින් පාසල් ක‍්‍රිකට්වලට අත දමා, දුර්වල වූ විට ඒවා පාසල් සංගමය පිට පටවනවා” යැයි පාසල් ක‍්‍රිකට් සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාසල් කි‍්‍රකට් කී‍්‍රඩාව අවුල් කරමින් නිලදරුවෝ දෙබිඩි පිළිවෙතක
වරුණ Tuesday, 08 January 2013 12:37 PM
අයියෝ සල්ලි