ජේ ආර් ජයවර්ධන රජයේ හිටපු ධීවර අමාත්‍යවරයකු වන පෙස්ටස් පෙරේරා මහතා (82) අභහප්‍රාප්ත විය. ජනප්‍රිය දේශපාලනඥයකු වූ ඔහු ජේ ආර් ජයවර්ධන රජයේ ඉඟුරු කල්ලියේ සාමාජිකයෙකි.
ඔහු නීතීඥවරයෙකි. දෙදරු පියෙකි. ඔහුගේ බිරිය මේරි ලැරීන් පෙරේරා ද මන්ත්‍රීවරියක වූවාය. ඔහුගේ පුත් නිරෝෂන් පෙරේරා පුත්තලම දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
වෙන්නප්පු නගර සභාවෙන් 1959දී දේශපාලනයට පිවිසියේය. විදුලිබල, බලශක්ති, රාජ්‍යපරිපාලන හා ස්වේදේ ඇමති තනතුරද දැරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිමානවත් පාලකයෙක්. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නගරයේ දියුණුවට ඇප කැපවුණු මන්ත්‍රීතුමෙක්, ගරු අමාත්‍යවරයෙක්, තම නගරය ලංකාව තුළ දියුණු නගරයක් කිරීමට මහත් වෙහෙසක් ගත් පාලකයෙක්... ජෝශප් වාස් මධ්‍ය මහා විදුහල ඇතුලුව මුලු දිස්ත්‍රික්කයේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරීස් ක්‍රීඩාංගනය බිහි වූයේ එතුමන් තුළ ක්‍රීඩාව පිළිබඳ තිබූ මහත් උද්යෝගයේ ප්‍රතිපලයක් ලෙසයි. නගරවාසියෙක් ලෙස මගේ ප්‍රණාමය එතුමන්ට පුද කර සිටින අතර එතුමා දෙවි සමිඳුන් තුල සමාදානයේ සැතපේවා! (නි)
ඔබට සුවබර නින්දක්! (නි)
හොද මනුෂ්‍යයෙකි. මගේ බලවත් ශෝකය! ඔබ සමාදානයේ සැතපේවා! (ස)
හොද මනුෂ්‍යයෙකි. මගේ බලවත් ශෝකය! (නි)
නිවන්සුව පතමි (ස)
පක්ෂ භේදයකින් තොරව ඔබ මුලු රටටම සේවය කළ මහත්මයෙක්. සුභ ගමන්! (නි)
හොද ඇමතිවරයෙකුට වඩා ඔහු හොද කාර්යශූර ඇමතිවරයෙක්. තීරණ ගැනීමේදිත් හරිම ඉක්මන්. ඔබ සාමදානයේ සැතපේවා! (නි)
ඇමතිතුමනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඒ කාලේ මෙතුමා නමගිය හොද චරිතයක්. (නි)
ජීවිතයක හැටි (දී)
සමන් රොහාන් රණසිංහ, මම මොරටුව ලංකා ජර්මාණු කාර්මික විදුහලේ ඉගනුම ලබද්දී මගෙත් එක්ක හොද යහළු මිත්‍ර කමින් හිටපු කෙනෙක් තමයි පෙස්ටස් පෙරේරාගේ මල්ලී වන ලංකා ජර්මාණු කාර්මික අභ්‍යාස විදුහලේ විදුහල්පතිතුමා වන ලැරී පෙරේරා, හොද පිං තිබෙන මනුෂයෝ. (ස)
සාමදානයේ සැතපේවා! (නි)
මෙතුමා මහත්මා දේශපාලඥයෙක්. (නි)
හොඳ ඇමතිවරයෙක්, ඔහු ලංවිම නව මාවතකට යොමු කළා. (නි)
පෙස්ටස් පෙරේරාද? (දී)
අයියෝ..... පරණ දේශපාලන චරිතයක් (දී)
ඔබට නිවන් සුව පතමි (දී)
දක්ෂ ඇමතිවරයෙක්. මෙතුමා කළ දේවලින් 10%ක් වත් දැන් ඉන්න අයට කරන්න බැහැ. (නි)
අයියෝ ඔබය නිවන් සුව (දී)
ඔබට දෙවි පිහිටයි (දී)
ඔබට නිවන් සුව (දී)
රටට සේවයක් කළ දේශපාලඥයාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)