පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සැල්විනියා නමැති ආක්‍රමණික පාසි වර්ගයක් ඇතැයි ගොවීහු සහ ධීවරයෝ කියති.
මේ පාසි දිනක් ඇතුළත විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන බවත් මේවා ඉක්මනින් විනාශ කර නොදැමුවහොත් මුළු වැවම ආක්‍රමණය කළ හැකි බවත් ඔවුහු කියති. කලහගල ධීවර ගම්මානයේ සිට පොළොන්නරුව නව නගරය දක්වා කිලෝ මීටර් 9ක දුර වේල්ල දිගට මෙම පාසි බෝවී ඇත.
පොළොන්නරුව කලාප කලාප වාරි ඉංජිනේරු ආර්.එම්.පී.කරුණාරත්න මහතා කියා සිටියේ මේවා නිරීක්ෂණය කළ බවත් ඉදිරි දිනකදී ගොවි සංවිධාන සහ ධීවර ප්‍රජාව ඇතුළු වාරි නිලධාරීන් සමග එක්ව මේ පාසි ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
දෙවැනි ලෝක යුද්ධ කාලයේ ජලාශද ගොඩබිම සේ සතුරු යානාවලට පෙන්වීමට වගාකළ පාසි හේතුවෙන් ලංකාවටද මෙවැනි තර්ජන ඇතිවී ඇතැයි විද්වත්හු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගලානොයන ජලයේ ඉතා ඉක්මනින් පැතිරයන සැල්වීනියා පැළෑටිය ගැන හැමදෙනාම දැනුවත්ව සිටීම ඉතා වැදගත් වෙනවා. ගලවා දමන පැළෑටි වළදමා හෝ පුළුස්සා නොදැමුවහොත් ඉතා සුළු ප්‍රමාණයකින් වුණත් නැවත ඉක්මනින් ව්‍යාප්තවීමට පුළුවන්. කිසිම ලස්සනක් නැති නිසරු, මේ ජලජ පැළෑටිය අපේ රටට බෝවුණේ කෙසේද...? (නි)
විදෙස් රටවල මෙම ආක්‍රමණ වැළැක්වීමට සැල්වීනියා වර්ග යොදා ගන්නවා (බ)
මේකට ඉක්මණින් පිළියමක් යොදන්න (නි)
මේ පැලෑටිය මීට අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ පාලනය කර 1985 දී සයිටෝබර්ගස් සැල්වීනියා කියන කුරුමිනියෙක් මාර්ගයෙන්. තවම ලංකාවේ කොහෙහරි මේ සතා ඇති හොයාගෙන ඇවිත් දමන්න හරියටම හරියනවා (බ)
අපේ ගම අවට (අ පුර )හැම වැවක්ම මේ සැල්වීනිය සහ දිය හබරල වලින් පිරිලා තියෙන්නේ වැවට බසින්න පවා ඉතා අපහසු විදිහට. පැය 24 තුළ පත්‍ර 7 දක්වා වර්ධනය වෙනවා (බ)
අම්පාර පැත්තේ මේ උවදුර නැති කළේ කෘමි වර්ගයක් මගින්. එ්ක ගොඩක් සාර්ථක වුණා. ඉවත් කරලා මේක කරන්න අමාරු වැඩක්. අමාත්‍යංශය පැත්තෙන් සොයා බලන්න. (බ)
ඔය වගේ ගොඩක් ඒවා ලංකාවේ දැන් ශිඝ්‍රයෙන් පැතිරෙනවා. 2:6 වගේ අනුපාතයට. (ම)
මම දන්නා විදිහට ඔය සැල්වීනියා හොද පොහොර ජාතියක්... එ්ක නිසා කට්ටියට කියන්න ඒ ගැන... සේරම අරගෙන යයි. (බ)
බලදාරීන් මේගැන විමසිලිමත් වෙන්න. (ර)
මේවාට ආරම්භයේදීම පිළියම් නොයෙදුවොත් මහා විනාශයක් වෙලයි නවතින්නේ (නි)