පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සැල්විනියා නමැති ආක්‍රමණික පාසි වර්ගයක් ඇතැයි ගොවීහු සහ ධීවරයෝ කියති.

මේ පාසි දිනක් ඇතුළත විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන බවත් මේවා ඉක්මනින් විනාශ කර නොදැමුවහොත් මුළු වැවම ආක්‍රමණය කළ හැකි බවත් ඔවුහු කියති. කලහගල ධීවර ගම්මානයේ සිට පොළොන්නරුව නව නගරය දක්වා කිලෝ මීටර් 9ක දුර වේල්ල දිගට මෙම පාසි බෝවී ඇත.

පොළොන්නරුව කලාප කලාප වාරි ඉංජිනේරු ආර්.එම්.පී.කරුණාරත්න මහතා කියා සිටියේ මේවා නිරීක්ෂණය කළ බවත් ඉදිරි දිනකදී ගොවි සංවිධාන සහ ධීවර ප්‍රජාව ඇතුළු වාරි නිලධාරීන් සමග එක්ව මේ පාසි ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

දෙවැනි ලෝක යුද්ධ කාලයේ ජලාශද ගොඩබිම සේ සතුරු යානාවලට පෙන්වීමට වගාකළ පාසි හේතුවෙන් ලංකාවටද මෙවැනි තර්ජන ඇතිවී ඇතැයි විද්වත්හු කියති.

parakrama_2016119___-________--____---1 parakrama_2016119___-________--___2---1 parakrama_2016119___-________--__3--1 parakrama_2016119___-________--_4--1 parakrama_2016119___-________--_5--1