නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙ පවතින අඩු පීඩන කාලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා දැනට පවතින වැසි තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැඩි වාර කීපයක් ඇති විය හැකියි.

කළුතර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ ද වැසි ඇති විය හැකියි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.