තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගන්නට ගිය පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනකුට ඇසිඩ් ගැසීයැයි රිමාන්ඩ් කර සිටින සැකකාර අඹුසැමි යුවළගේ නිවස පෙරදින රාත්‍රියේ (13) ගිනි තබා විනාශකර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
සැකකරුවන්ගේ දරුවන් ඥාති නිවසක නිදා සිටි නිසා ඔවුනට අනතුරක් වී නැතැයි ද කියති.
පසුගිය සෙසුරාදා (9) එල්ල කළ ඇසිඩ් පහරින් කොස්තාපල්වරු තිදෙනෙක් තුවාල ලැබූහ. දෙදෙනෙක් කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර පොලිසියෙ අයගේ ඇස් පේන්නේ නැතුවද ඒ මිනිස්සුන්ගේ දරුවෝ අනාත වුනාම ඒක හොඳයිද ? (ස)
අනේ අනේ ගෙවල් ගිනි තියලා මේ දරුවෝ පාරට වැටුනාම වෙන්නේ තවත් අපරාධ කාරයෝ වැඩි වෙන එක. නැතිව ඒ වැඩෙන් පොලිසියේ අයගේ ඇස් පෙනීම ලැබෙන්නේ නැහැ. ඒකට තමයි නිතයක් තියෙන්නේ. දෙමවුපියන්ගෙ වැරදි වලට දරුවන් පලි නැහැ. කාගෙ උනත් දරුවො දරුවොමයි නේද?????(ස)
මේ නඩුවටත් දෙපැත්තටම නීතිඥයෝ එපා කියලා බෝඩ් අල්ලන්න. (නි)
ශ‍්‍රී කළු කුමාර, ඔබගේ අදහසට මමත් එකඟයි. (නි)
අපරාධකරුවන්ට නිසි දඩුවම් ලැබේවි. නමුත් මිනිසුන් වැරදි වැඩ වලට යොමුවීම අනුමත කළ නොහැකියි. (නි)
ආරක්ෂක ලේකම්තුමනි, වහාම පරික්ෂණයක් පවත්වන්න. (නි)
මෙයාලට කැළෑ නීතියෙන් දඬුවන් දෙන්න ඕනෑ. පොලිසිය සුද්ධ කරලා පොලිසියට අත තියන අයගේ අත් කඩන්න ඕනෑ. (නි)
කවුරු කළත් මේ වැඩේ නම් හොඳ නැහැ..(ස)
මේ මොන අපරාධයක්ද (දී)
ඹය සැකකරුවන් කරපු වැඩ නිසා දරුවො අසරණයි..(ස)
මෙල්ල කරන්න බැරි සමාජයේ ඉහළින්ම වැජඹෙන්න මාන බලන අයට දෙන්න ඕන දඬුවම ඕකයි. එතකොට හැදෙයි කියලා මම විශ්වාස කරනවා..(ස)
නියම වැඩේ.....(ස)
වික්‍රම, ඔයාට උනා නම් ඔයා ඔහොම කියන්නේ නෑ....(ස)
පොලිස් වැඩක් වෙන්න ඔනැ.(ස)
එතකොට දරුවො පස්දෙනාට මොකද වෙන්නේ??????.(ස)
මතකනේ....(ස)
ඕකනේ කියන්නේ නීතිය අතට ගන්නවා කියලා. (නි)
අසරණ දරුවන්ට අපි පිහිට වෙමු. (නි)
රියදුරා කළ වරදට බස් රථයට ගිනි තියා හරියයිද ? බස් එක වෙනයි, රියදුරා වෙනයි...(ස)
ගෙවල් ගිනිතියන පොලිසියේ අයට මිනිස්සු ඇසිඩ් ගහන එක අහන්නත් දෙයක්ද? (නි)
ඒක මහා අපරාදයක්, මිනිස්සු හිටියානම් ඇතුලේ (දී)
මට නම් මේ ගැන මුකුත්ම කියන්න බැහැ. (නි)
ඕනෑම ක්‍රියාවකට සමාන වුත්, ප්‍රතිවිරුද්ද වුත් ක්‍රියාවක් ඇත (නිවුටන්ගේ 3වන නියමය ) (දී)
සංජයත් කසිප්පු විකුණලා තියෙනවද? (නි)
අහිංක දුප්පත් මින්ස්සු එදිනෙදා ප‍්‍රශ්න වලට මුණ දිලා මානසිකව අතරමං වෙලා. කෙටියෙන් කිව්වොත් පිස්සෝ වෙලා . ඒ ලැබුනු නායකත්වයේ අඩු පාඩු නිසා ඒ මොනව උනත් ගිය දේ ගියා වේ. දැන්වත් මේ අපරාධ රැුළි නිර්මාණය විම වලක්වමු. ඉන් පසු නොපමාව අපරාධයක් කිරිමට සිත් නොදෙන වාතාවරණයක් නිර්මාණ කර ගැනිමට උත්සුක වෙමු. (ස)