කොළඹ කෞතුකාගාරයෙන් නුගවෙල අදිකාරම්ගේ රන්කඩුව ඇතුළු මිල කළනොහැකි කඩු කාසි රන් හා රිදී බස්තම් මිටි ආදිය සොරකම් කළැයි කියන ‘කන්ගැට්ටා’ ප‍්‍රධාන සැකකරු හා සෙසු සැකකරුවන් අතර සම්බන්ධයක් ඇද්දැයි සොයන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට දැන්වීය. විටින් විට විවිධ සැකකරුවන් ඉදිරිපත් කරන පොලිස් පරීක්‍ෂණ විහිලූවකියි නීතිඥ ලිලාන් අමරසේකර මහතා කීවේය. එක් සැකකරුවකු කොටි සංවිධානයට හවුල් යැයි පැවසූ බවද නීතිඥවරයා කීවේය. මිනිසුන් හේතු රහිතව රඳවා ගැනීම සඳහා පොලිසිය කතා ගොතතියි ඔහු චෝදනා කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මේ අය නාට්‍ය පෙන්වන්න දක්ෂ අය කියලා අපි කවුරුත් දන්නවනේ (ස)
"රාවණ 2012-10-31 17:19:21 නීතිඥයින්ට ලැජ්ජ නැද්ද මන්දා... සල්ලි වලට මෙ වගේ අය වෙනුවෙනුත් පෙනී ඉන්න තරම් " බාබර් කෙනෙක් ලඟට කොණ්ඩය කපන්න ගියාම 'ඔයාගේ කැරැට්ටුව හරි නැති නිසා කොණ්ඩය කපන්න මට බැහැ..' කියනවාද? දොස්තර ගාවට ගියාම ' හොඳ චරිතයක් ඇති අය විතරයි ගන්නේ..' කියලා එළවනවාද? ඉතින් ඇයි නීතිඥයාගේ රාජකාරියට විතරක් සීමා පනවන්නේ? අනික ඔයා හිතනවද මේ ඇල්ලුවේ හොරාමයි කියලා? අනේ මහත්තයෝ.. (නි)
නීතිඥයින්ට ලැජ්ජ නැද්ද මන්දා... සල්ලි වලට මෙ වගේ අය වෙනුවෙනුත් පෙනී ඉන්න තර ම් (වි)
කතන්දරේ...අමල් බිසෝ (ස)
නියම හොරුන්ව අල්ලන්න හොඳ පිල්ලියක් යැව්වනම් හොඳයි (ස)
කටුගෙයි හොරු ඇල්ලුවා වගෙයි කියල නව අප්තොපදේශයක් හැදෙනවා. (ස)
මේක රඟපෑමක්ම ද? නැත්තම් අපේ මිනිස්සු වලිගෙ පාගගෙන ද? (නදී)
එයාල කියනව අපි අහනව. මෙච්චර දවසක් මීගමුවට වෙලා කන්ගැට්ටා ටැග්ගැහුනට හොද වැඩේ. (ස)
මට මුකුත්ම මතක නැහැ කිවුවා නම් ඉවරයිනේ. (නි)
අයියෝ සල්ලි
ලංකාවේ පොලිසියනේ. (නි)
ඒ පාර කන්ගැට්ටත් ලෝයර් කෙනෙක් අල්ලලා ද? හිනා ගිහින් පණ යනවා. (නි)
ඉතින් මේ රටේ සමහර මිනිස්සු කටුගේ හොරා කවුද කියලා අධිකරණෙටත් කලියෙන් තීන්දු කරලා ඉවරයිනෙ. දැන් මොකා අහු වුණත් ආණ්ඩුවෙ කාව හරි ගාවලා කතා හැදෙන එක වළක්වන්න බැහැ. අපේ රටේ ම්නිස්සුන්ට කට තිබ්බට මොළේ නැහැ. හරියට වඳුරට දැලි පිහිය ලැබුනා වගේ හැසිරෙන්නෙ. (නි)
මට වැඩක් නැහැ
පොලීසිය කරන වැඩ වලින් මිනිස්සු පොලීසිය ගැන තියෙන විශ්වාසය 90% ටම වැටිලා තියෙන්නේ (ස)
මුල්ලා නසුර්දීන් නම් ඉන්දියාවේ විකටයෙක් තමාගේ යතුරු කැරැල්ල ගේ ඇතුලේ නැතිවී එය සෙව්වේ ගෙයින් පිටතයි.හේතුව ගේ ඇතුලේ කරුවලයිලු.මේ වගේ කතාවක් තආ මේක. හොරු ඉන්නේ වෙන තැනක. හොයන්නේ වෙන තැනක.(අ)
කටුගේ හොරු ඇල්ලිල්ල වගේ (ස)
අපි මෝඩයින් කියලද හිතාගෙන ඉන්නේ? (නි)
ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ
මේ වෙලා තියෙන්නේ මොකද්ද
මතු සම්බන්දයි. (නි)
කඩු හොරු, පෙරකදොරුවෝ හා පොලිසිය.... බලමු කවුද දිනන්නෙ කියලා (අ)
අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා. (අ)
අප්පෝ දැන්නම් පිස්සු හැදිල හෙඳ වෙලා අයෙත් පිස්සු හැදෙනවා. මේක කවදද ඉවර වෙන්නේ. අර මේ තමයි ඕක.. ඔක තමයි මෙක වගේ මහා පිස්සු හැදෙන වැඩක් තමයි. කටුගේ හොරු ඇල්ලිල්ල. (අ)
කන්ගැට්ටටත් නීතීඥයෙක් ඉන්නවද? මාරයි නේද? (අ)
කතාවේ පිටපතක් වෙන්න ඇති මේ දවස්වල අල්ලගෙන ඉන්න හොරා කියන්නේ (ස)
මේ ගොල්ලන්ට පිස්සු (අ)
ඕකට තමයි හොරා පොලිස් කියන්නේ.(නු)
මොනවත් මතක නැහැ කීව නම් ඇති අත්අඩංගුවට ගන්නේ නැහැ. (අ)
ලෝකෙන්ම අංක එකේ හොරු ඉන්න රට ලංකාව (අ)