IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘පොලිසිය කතා ගොතනව’ කටුගෙයි නඩුවේ දී විත්තිය කියයි

කොළඹ කෞතුකාගාරයෙන් නුගවෙල අදිකාරම්ගේ රන්කඩුව ඇතුළු මිල කළනොහැකි කඩු කාසි රන් හා රිදී බස්තම් මිටි ආදිය සොරකම් කළැයි කියන ‘කන්ගැට්ටා’ ප‍්‍රධාන සැකකරු හා සෙසු සැකකරුවන් අතර සම්බන්ධයක් ඇද්දැයි සොයන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතාට දැන්වීය. විටින් විට විවිධ සැකකරුවන් ඉදිරිපත් කරන පොලිස් පරීක්‍ෂණ විහිලූවකියි නීතිඥ ලිලාන් අමරසේකර මහතා කීවේය. එක් සැකකරුවකු කොටි සංවිධානයට හවුල් යැයි පැවසූ බවද නීතිඥවරයා කීවේය. මිනිසුන් හේතු රහිතව රඳවා ගැනීම සඳහා පොලිසිය කතා ගොතතියි ඔහු චෝදනා කෙළේය.



අදහස් (0)

‘පොලිසිය කතා ගොතනව’ කටුගෙයි නඩුවේ දී විත්තිය කියයි

සනත් Wednesday, 31 October 2012 06:05 AM

අපි මෝඩයින් කියලද හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 31 October 2012 01:45 PM

මේක රඟපෑමක්ම ද? නැත්තම් අපේ මිනිස්සු වලිගෙ පාගගෙන ද? (නදී)

:       0       0

හේමන්ත Wednesday, 31 October 2012 01:58 PM

කටුගෙයි හොරු ඇල්ලුවා වගෙයි කියල නව අප්තොපදේශයක් හැදෙනවා. (ස)

:       0       0

එරංද Wednesday, 31 October 2012 08:09 AM

කටුගේ හොරු ඇල්ලිල්ල වගේ (ස)

:       0       0

නිශාඩ් Wednesday, 31 October 2012 02:07 PM

නියම හොරුන්ව අල්ලන්න හොඳ පිල්ලියක් යැව්වනම් හොඳයි (ස)

:       0       0

වරුණ Wednesday, 31 October 2012 08:25 AM

කොහොමත් මේ අය නාට්‍ය පෙන්වන්න දක්ෂ අය කියලා අපි කවුරුත් දන්නවනේ (ස)

:       0       0

ජයන්ත Wednesday, 31 October 2012 08:37 AM

පොලීසිය කරන වැඩ වලින් මිනිස්සු පොලීසිය ගැන තියෙන විශ්වාසය 90% ටම වැටිලා තියෙන්නේ (ස)

:       0       0

අසංක Wednesday, 31 October 2012 08:38 AM

මට වැඩක් නැහැ

:       0       0

Mohamed riswan Saudi Arabia Tuesday, 30 October 2012 07:47 PM

මුල්ලා නසුර්දීන් නම් ඉන්දියාවේ විකටයෙක් තමාගේ යතුරු කැරැල්ල ගේ ඇතුලේ නැතිවී එය සෙව්වේ ගෙයින් පිටතයි.හේතුව ගේ ඇතුලේ කරුවලයිලු.මේ වගේ කතාවක් තආ මේක. හොරු ඉන්නේ වෙන තැනක. හොයන්නේ වෙන තැනක.(අ)

:       0       0

Asran Tuesday, 30 October 2012 08:55 PM

ලෝකෙන්ම අංක එකේ හොරු ඉන්න රට ලංකාව (අ)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 30 October 2012 09:04 PM

මොනවත් මතක නැහැ කීව නම් ඇති අත්අඩංගුවට ගන්නේ නැහැ. (අ)

:       0       0

දිසාසේකර නාරම්මල Wednesday, 31 October 2012 09:52 AM

ඉතින් මේ රටේ සමහර මිනිස්සු කටුගේ හොරා කවුද කියලා අධිකරණෙටත් කලියෙන් තීන්දු කරලා ඉවරයිනෙ. දැන් මොකා අහු වුණත් ආණ්ඩුවෙ කාව හරි ගාවලා කතා හැදෙන එක වළක්වන්න බැහැ. අපේ රටේ ම්නිස්සුන්ට කට තිබ්බට මොළේ නැහැ. හරියට වඳුරට දැලි පිහිය ලැබුනා වගේ හැසිරෙන්නෙ. (නි)

:       0       0

ලාල් ගලබොඩ Tuesday, 30 October 2012 09:31 PM

ඕකට තමයි හොරා පොලිස් කියන්නේ.(නු)

:       0       0

අජිත් Wednesday, 31 October 2012 10:15 AM

ඒ පාර කන්ගැට්ටත් ලෝයර් කෙනෙක් අල්ලලා ද? හිනා ගිහින් පණ යනවා. (නි)

:       0       0

සමන් Tuesday, 30 October 2012 09:43 PM

මේ ගොල්ලන්ට පිස්සු (අ)

:       0       0

අසෝක Wednesday, 31 October 2012 04:13 PM

කතන්දරේ...අමල් බිසෝ (ස)

:       0       0

රොහාන් Wednesday, 31 October 2012 10:30 AM

ලංකාවේ පොලිසියනේ. (නි)

:       0       0

ගයාන් Wednesday, 31 October 2012 10:21 AM

අයියෝ සල්ලි

:       0       0

නාරද Wednesday, 31 October 2012 10:35 AM

මට මුකුත්ම මතක නැහැ කිවුවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

රාවණ Wednesday, 31 October 2012 05:19 PM

නීතිඥයින්ට ලැජ්ජ නැද්ද මන්දා... සල්ලි වලට මෙ වගේ අය වෙනුවෙනුත් පෙනී ඉන්න තර ම් (වි)

:       0       0

සිල්වා Tuesday, 30 October 2012 11:00 PM

කතාවේ පිටපතක් වෙන්න ඇති මේ දවස්වල අල්ලගෙන ඉන්න හොරා කියන්නේ (ස)

:       0       0

ජානක Tuesday, 30 October 2012 11:40 PM

කන්ගැට්ටටත් නීතීඥයෙක් ඉන්නවද? මාරයි නේද? (අ)

:       0       0

චමින්ද Tuesday, 30 October 2012 11:54 PM

අප්පෝ දැන්නම් පිස්සු හැදිල හෙඳ වෙලා අයෙත් පිස්සු හැදෙනවා. මේක කවදද ඉවර වෙන්නේ. අර මේ තමයි ඕක.. ඔක තමයි මෙක වගේ මහා පිස්සු හැදෙන වැඩක් තමයි. කටුගේ හොරු ඇල්ලිල්ල. (අ)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 01 November 2012 09:39 AM

"රාවණ 2012-10-31 17:19:21 නීතිඥයින්ට ලැජ්ජ නැද්ද මන්දා... සල්ලි වලට මෙ වගේ අය වෙනුවෙනුත් පෙනී ඉන්න තරම් " බාබර් කෙනෙක් ලඟට කොණ්ඩය කපන්න ගියාම 'ඔයාගේ කැරැට්ටුව හරි නැති නිසා කොණ්ඩය කපන්න මට බැහැ..' කියනවාද? දොස්තර ගාවට ගියාම ' හොඳ චරිතයක් ඇති අය විතරයි ගන්නේ..' කියලා එළවනවාද? ඉතින් ඇයි නීතිඥයාගේ රාජකාරියට විතරක් සීමා පනවන්නේ? අනික ඔයා හිතනවද මේ ඇල්ලුවේ හොරාමයි කියලා? අනේ මහත්තයෝ.. (නි)

:       0       0

ගයාන් Wednesday, 31 October 2012 12:14 AM

අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා. (අ)

:       0       0

කුමාර Wednesday, 31 October 2012 12:06 AM

කඩු හොරු, පෙරකදොරුවෝ හා පොලිසිය.... බලමු කවුද දිනන්නෙ කියලා (අ)

:       0       0

ලංකා Wednesday, 31 October 2012 01:01 AM

මතු සම්බන්දයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 31 October 2012 02:24 AM

මේ වෙලා තියෙන්නේ මොකද්ද

:       0       0

නිමල් Wednesday, 31 October 2012 03:05 AM

ලංකාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ

:       0       0

රාජා Wednesday, 31 October 2012 12:49 PM

එයාල කියනව අපි අහනව. මෙච්චර දවසක් මීගමුවට වෙලා කන්ගැට්ටා ටැග්ගැහුනට හොද වැඩේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site