IMG-LOGO

‘පොලීසිය කෝකටත් තෛලයක්‘

පොලිස් සේවයට බදවා ගනිද්දී හමුදාවට බදවා ගන්නවාට වඩා අධ්‍යාපන තත්ත්වය ගැන බලන බවත්, හමුදාව බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් වශයෙන් කටයුතු කළත් පොලිස් නිලධාරියා හැමවිටම තනිව සමාජය හා කටයුතු කළ බවත්, එහෙයින් බොහෝ දෑ ගැන අවබෝධයක් තිබිය යුතු බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මහරගම තරුණ සේවා ශාලාවේදී පැවති සියපත්විල උත්සවයේදී ලේකම් එලෙස කීය.

එන් කේ ඉලංගකෝගකෝන් පොලිස්පතිතුමා පැවසුවේ වසරේ වරෙන්තු කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් හා රිය අනතුරු අඩු කිරීමේ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කළ බවයි. මේ වසරේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධි මත්පැන් මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

සියපත්විල පළමු වැඩසටහන් විසිපහේ ගීත ගායනා කළ හොදම පොලිස් නිලධාරීන් දස දෙනා ද අද ගීත ගායනා කළහ.

 



අදහස් (0)

‘පොලීසිය කෝකටත් තෛලයක්‘

බන්දුල කටාර් Sunday, 27 January 2013 01:02 AM

නීති විරෝධී මත්පැන් මේ රටින් තුරන් කිරීමට පුළුවං උනොත් ඔබතුමාගේ නම ඉතිහාසයේ ලිය වෙයි..!(නු)

:       0       0

තිසල් Sunday, 27 January 2013 01:13 AM

උගත්කමට වඩා වැදගත් බුද්ධිමත් කම.(නු)

:       0       0

අභය Sunday, 27 January 2013 03:32 AM

කෝ එතකොට අර වරෙන්තු පිට නිදැල්ලේ ඉන්න අය? (නි)

:       0       0

චාමර Sunday, 27 January 2013 03:39 AM

ගාමිණි, ඔබ හරියටම හරි (නි)

:       0       0

ඩයස් Sunday, 27 January 2013 04:00 AM

පොලීසිය හා මහජනයා අතර තිබෙන සම්බන්ධය දුරස්වීමට එකම හේතුවක් තියෙනවා. 1. තමන්ගේ නිල ඇදුමේ ගාම්භීරත්වය පෙන්නන්න පුලුවන් අයට පෙන්වීම. මෙතනදී ආත්ම ගරුත්වයක් තියෙන නිලධාරින් හැටියට ඔවුන් කරන්නේ තමන්ට සමාන හෝ පහත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයන්ට නිලබලය පෙන්වා ස්වයං අභිමානයක් ලැබීමයි. (නි)

:       0       0

ජයන්ත Sunday, 27 January 2013 04:23 AM

නීති විරෝධී මත්පැන් වෙනුවට සියලුම මත්පැන් මේ රටින් තුරන් කිරීමට පුළුවන් වුණොත්... (නි)

:       0       0

සුපුන් Sunday, 27 January 2013 07:37 AM

උගත්කම, බුදධිමත්කම ආදී හැම දේකටම වඩා වටින්නේ මනුස්සකමයි. හොඳ නරක සසඳා නිවැරදි අපක්ෂපාතී තීරණයක් ගැනීමටත්, එම තීරණය නිර්භයව ක්‍රියාත්මක කිරීමටත් උගත්කම, බුදධිමත්කම, දැණුමැතිකම වගේම මනුස්සකමත් ඉතාම අවශ්‍යයි. මනුස්සකම නැතිවුන දවසට අපි ඔක්කොම යන්ත්‍ර බවට පත්වෙනවා. ඊට පස්සෙ උගත්කමෙනුත්, බුදධිමත්කමෙනුත් වැඩක් වෙන්නේ නැහැ.මෙය පොලිසියට පමණක් නෙවෙයි, හැම වෘත්තියකටම, සෑම දෙනෙකුටම අදාලයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 08:19 AM

පොලිසියට විතරක් නෙමෙයි, හමුදාවටත් ඒ විදියෙම කට්ටිය බදවාගන්න. (නි)

:       0       0

අශෝක Sunday, 27 January 2013 09:51 AM

අර එක්කෙනෙකුටත් තියෙනවා නේද වරෙන්තුවක්? (නි)

:       0       0

අමිල Sunday, 27 January 2013 10:37 AM

හමුදාවෙ නිලධාරීන් අධ්‍යාපන සුදුසුකම් වලින් උසස්. නිලධාරියෙක් වෙන්න නම් උපාධියක් අවශ්‍යයි. කරුණාකර සාමාන්‍ය දැනීමක්වත් නැති අය අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සි‍ටින්න. (නි)

:       0       0

පහන් Sunday, 27 January 2013 10:50 AM

ඇත්ත ඇත්ත ඒකනම් ඇත්ත (දී)

:       0       0

පහන් Sunday, 27 January 2013 10:54 AM

ගාමිණී හැම මිනිහෙක්ම බදින්න කලින් සිංහ. බැන්දට පස්සේ වෘෂභ. (නි)

:       0       0

සරත් Sunday, 27 January 2013 11:07 AM

ඔය මොනවා කිවුවත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දෙවිදියකට. (නි)

:       0       0

බන්දුල Sunday, 27 January 2013 11:36 AM

පොලිසියක් නැතුව බහ රටකට (දී)

:       0       0

ලාරා Saturday, 26 January 2013 07:08 PM

එයාලා හුගක්ම කියන්නේ මවුගුණ ගීත නේද? (නි)

:       0       0

ලලිත් කටාර් Saturday, 26 January 2013 07:30 PM

මම අහලා තියෙනවා ඉගෙන ගත් අය බොහෝ විට ඉගෙනුව අඩු අයට වඩා හිතලා බලලා යහපත් දේ කරනවා කියලා.. පොලිසිය හා හමුදාව ගත්තාම ඇමතිතුමාගේ කතාවත් අනුව ඒක සම්පූර්ණයෙන්ම වෙනස්නෙ...!(නු)

:       0       0

සිල්වා Saturday, 26 January 2013 07:50 PM

ලාරා හරි. පොලිසි වලට ගියහම බොහෝවිට මවුගුණ මතක් කරලා තමයි පිළිගැනීම් ලැබෙන්නේ. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 27 January 2013 12:30 PM

පොලිසියට කවුරු බදවා ගත්ත්ත් වැඩක් නැහැ... ඇගිලිගැහීම් නවත්තන්නේ නැතිව..! (දී)

:       0       0

නන්දලාල් Sunday, 27 January 2013 12:39 PM

අර ලොකු මහත්තයෙක් වරෙන්තු පිට එළියේ ඉන්නවා නේද? (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 26 January 2013 08:40 PM

උගත්කමයි බුද්ධිමත් කමයි දෙකක්..!(නු)

:       0       0

ගාමිණී Saturday, 26 January 2013 09:02 PM

පොලිසියට බදවා ගැනීමේදී උගත්කම වගේ ම ලග්නයට බැලිය යුතුයි.. රෑට වෙන අපරාධ මැඩ පැවැත්වීමට කන්‍යා ලග්නකරුවන්ට වඩා සිංහ ලග්න කරුවන් බදවාගැනීම කාලෝචිතයි..!(නු)

:       0       0

ඩෑම් දෝහා Saturday, 26 January 2013 10:04 PM

අනේ මන්දා මේ අය හරියට නින්දෙන් අවදිවෙලා වගේ කතා කරන්නේ..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:07 PM

උගත් නූගත් කම නෙමෙයි ඔතන වැදගත් වෙන්නේ ...!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:10 PM

මම නම් ඒ කතාව අනුමත කරන්නේ නැහැ.. එතකොට හමුදාවට බදවාගන්නේ අඩු සුදුසුකම් තියෙන අයවද?(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:12 PM

එතකොට ඔය මොකද්ද පොලිසියයි හමුදාවයි අතර තියෙන අධ්‍යාපන සුදුසුකම් වෙනස..!(නු)

:       0       0

දෝහා Saturday, 26 January 2013 10:17 PM

අනේ මන්දා එතකොට මීට කලින් බදවාගත්ත අයගේ අධ්‍යාපන සුදුසුකම් බලලා නෙමෙයිද පත්වීම් දීලා තියෙන්නේ..!(නු)

:       0       0

ඩෑම් දෝහා Saturday, 26 January 2013 10:18 PM

හිනත් යනවා මේ කතාවලට..!(නු)

:       0       0

සරා Sunday, 27 January 2013 02:08 PM

අපි බැන්නාට ඇතිවත් බැරි නැතිවත් බැරි කෙනෙක් (දී)

:       0       0

අශෝක Sunday, 27 January 2013 02:26 PM

මගේ වාහනේ වීදුරුවල කළු ස්ටිකර් ගලවලා නැහැ කියලා මට වරෙන්තුවක් තිබිලා රෑ අපේ ගෙදරට 6දෙනෙක් විතර ඇවිත් මාව අල්ලගෙන ගියා.. සාධාරණයි මම වරදක් කරලා තියෙන නිසා.. ඒවෙලාවෙ මම තව වරෙන්තුකරවෙක් ගැන අහන්න ගිහිල්ලා කම්මුලට පාරකුත් කෑවා.. ඔන්න ලංකාවෙ තත්ත්වය... (නු)

:       0       0

නිලංග Saturday, 26 January 2013 11:03 PM

උගත්කමත් එක්කම මනුස්සකමත් තියෙන අය බඳව ගන්න පිළිවෙලක් යෙදුවොත් නේද හොඳ? (නු)

:       0       0

මල්ශාන් Sunday, 27 January 2013 02:55 PM

ඒක ගොඩක් හොද අදහසක් මොකද ගොඩක් නිලධාරීන් හරියට මිනිසුන්ට කතා කරන්නවත් දන්නේ නැති අය..!(නු)

:       0       0

ජනිත් Sunday, 27 January 2013 12:39 AM

පොලිස් නිලධාරියෙකුට ඔනේ විනය හා ඉහල වෘත්තිමය නිපුනතාවයක්(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site