පොලිස් සේවයට බදවා ගනිද්දී හමුදාවට බදවා ගන්නවාට වඩා අධ්‍යාපන තත්ත්වය ගැන බලන බවත්, හමුදාව බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් වශයෙන් කටයුතු කළත් පොලිස් නිලධාරියා හැමවිටම තනිව සමාජය හා කටයුතු කළ බවත්, එහෙයින් බොහෝ දෑ ගැන අවබෝධයක් තිබිය යුතු බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහරගම තරුණ සේවා ශාලාවේදී පැවති සියපත්විල උත්සවයේදී ලේකම් එලෙස කීය.
එන් කේ ඉලංගකෝගකෝන් පොලිස්පතිතුමා පැවසුවේ වසරේ වරෙන්තු කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් හා රිය අනතුරු අඩු කිරීමේ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කළ බවයි. මේ වසරේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධි මත්පැන් මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
සියපත්විල පළමු වැඩසටහන් විසිපහේ ගීත ගායනා කළ හොදම පොලිස් නිලධාරීන් දස දෙනා ද අද ගීත ගායනා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විරෝධී මත්පැන් මේ රටින් තුරන් කිරීමට පුළුවං උනොත් ඔබතුමාගේ නම ඉතිහාසයේ ලිය වෙයි..!(නු)
උගත්කමට වඩා වැදගත් බුද්ධිමත් කම.(නු)
කෝ එතකොට අර වරෙන්තු පිට නිදැල්ලේ ඉන්න අය? (නි)
ගාමිණි, ඔබ හරියටම හරි (නි)
පොලීසිය හා මහජනයා අතර තිබෙන සම්බන්ධය දුරස්වීමට එකම හේතුවක් තියෙනවා. 1. තමන්ගේ නිල ඇදුමේ ගාම්භීරත්වය පෙන්නන්න පුලුවන් අයට පෙන්වීම. මෙතනදී ආත්ම ගරුත්වයක් තියෙන නිලධාරින් හැටියට ඔවුන් කරන්නේ තමන්ට සමාන හෝ පහත් ජීවන තත්වයක් තිබෙන පුද්ගලයන්ට නිලබලය පෙන්වා ස්වයං අභිමානයක් ලැබීමයි. (නි)
නීති විරෝධී මත්පැන් වෙනුවට සියලුම මත්පැන් මේ රටින් තුරන් කිරීමට පුළුවන් වුණොත්... (නි)
උගත්කම, බුදධිමත්කම ආදී හැම දේකටම වඩා වටින්නේ මනුස්සකමයි. හොඳ නරක සසඳා නිවැරදි අපක්ෂපාතී තීරණයක් ගැනීමටත්, එම තීරණය නිර්භයව ක්‍රියාත්මක කිරීමටත් උගත්කම, බුදධිමත්කම, දැණුමැතිකම වගේම මනුස්සකමත් ඉතාම අවශ්‍යයි. මනුස්සකම නැතිවුන දවසට අපි ඔක්කොම යන්ත්‍ර බවට පත්වෙනවා. ඊට පස්සෙ උගත්කමෙනුත්, බුදධිමත්කමෙනුත් වැඩක් වෙන්නේ නැහැ.මෙය පොලිසියට පමණක් නෙවෙයි, හැම වෘත්තියකටම, සෑම දෙනෙකුටම අදාලයි. (නි)
පොලිසියට විතරක් නෙමෙයි, හමුදාවටත් ඒ විදියෙම කට්ටිය බදවාගන්න. (නි)
අර එක්කෙනෙකුටත් තියෙනවා නේද වරෙන්තුවක්? (නි)
හමුදාවෙ නිලධාරීන් අධ්‍යාපන සුදුසුකම් වලින් උසස්. නිලධාරියෙක් වෙන්න නම් උපාධියක් අවශ්‍යයි. කරුණාකර සාමාන්‍ය දැනීමක්වත් නැති අය අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න. (නි)
ඇත්ත ඇත්ත ඒකනම් ඇත්ත (දී)
ගාමිණී හැම මිනිහෙක්ම බදින්න කලින් සිංහ. බැන්දට පස්සේ වෘෂභ. (නි)
ඔය මොනවා කිවුවත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දෙවිදියකට. (නි)
පොලිසියක් නැතුව බහ රටකට (දී)
එයාලා හුගක්ම කියන්නේ මවුගුණ ගීත නේද? (නි)
මම අහලා තියෙනවා ඉගෙන ගත් අය බොහෝ විට ඉගෙනුව අඩු අයට වඩා හිතලා බලලා යහපත් දේ කරනවා කියලා.. පොලිසිය හා හමුදාව ගත්තාම ඇමතිතුමාගේ කතාවත් අනුව ඒක සම්පූර්ණයෙන්ම වෙනස්නෙ...!(නු)
ලාරා හරි. පොලිසි වලට ගියහම බොහෝවිට මවුගුණ මතක් කරලා තමයි පිළිගැනීම් ලැබෙන්නේ. (නි)
පොලිසියට කවුරු බදවා ගත්ත්ත් වැඩක් නැහැ... ඇගිලිගැහීම් නවත්තන්නේ නැතිව..! (දී)
අර ලොකු මහත්තයෙක් වරෙන්තු පිට එළියේ ඉන්නවා නේද? (නි)
උගත්කමයි බුද්ධිමත් කමයි දෙකක්..!(නු)
පොලිසියට බදවා ගැනීමේදී උගත්කම වගේ ම ලග්නයට බැලිය යුතුයි.. රෑට වෙන අපරාධ මැඩ පැවැත්වීමට කන්‍යා ලග්නකරුවන්ට වඩා සිංහ ලග්න කරුවන් බදවාගැනීම කාලෝචිතයි..!(නු)
අනේ මන්දා මේ අය හරියට නින්දෙන් අවදිවෙලා වගේ කතා කරන්නේ..!(නු)
උගත් නූගත් කම නෙමෙයි ඔතන වැදගත් වෙන්නේ ...!(නු)
මම නම් ඒ කතාව අනුමත කරන්නේ නැහැ.. එතකොට හමුදාවට බදවාගන්නේ අඩු සුදුසුකම් තියෙන අයවද?(නු)
එතකොට ඔය මොකද්ද පොලිසියයි හමුදාවයි අතර තියෙන අධ්‍යාපන සුදුසුකම් වෙනස..!(නු)
අනේ මන්දා එතකොට මීට කලින් බදවාගත්ත අයගේ අධ්‍යාපන සුදුසුකම් බලලා නෙමෙයිද පත්වීම් දීලා තියෙන්නේ..!(නු)
හිනත් යනවා මේ කතාවලට..!(නු)
අපි බැන්නාට ඇතිවත් බැරි නැතිවත් බැරි කෙනෙක් (දී)
මගේ වාහනේ වීදුරුවල කළු ස්ටිකර් ගලවලා නැහැ කියලා මට වරෙන්තුවක් තිබිලා රෑ අපේ ගෙදරට 6දෙනෙක් විතර ඇවිත් මාව අල්ලගෙන ගියා.. සාධාරණයි මම වරදක් කරලා තියෙන නිසා.. ඒවෙලාවෙ මම තව වරෙන්තුකරවෙක් ගැන අහන්න ගිහිල්ලා කම්මුලට පාරකුත් කෑවා.. ඔන්න ලංකාවෙ තත්ත්වය... (නු)
උගත්කමත් එක්කම මනුස්සකමත් තියෙන අය බඳව ගන්න පිළිවෙලක් යෙදුවොත් නේද හොඳ? (නු)
ඒක ගොඩක් හොද අදහසක් මොකද ගොඩක් නිලධාරීන් හරියට මිනිසුන්ට කතා කරන්නවත් දන්නේ නැති අය..!(නු)
පොලිස් නිලධාරියෙකුට ඔනේ විනය හා ඉහල වෘත්තිමය නිපුනතාවයක්(නු)