පොලිස්පති උපකාරක මැදිරිය 2012.11.01 වැනි දින ආරම්භ කර ඇත. මෙම සේවාව තුළින් මහජනතාවගේ ගැටළු සඳහා මාර්ගෝපදේශන ලබාදීම සිදු කරනු ලබන සේවා පහත පරිදි වේ.
(01) අතෘප්තිමත් පාර්ශවයකට පොලිස්පති උපකාරක මැදිරියට දැනුම් දිය හැක. (02) යම් පොලිස් සේවාවක් ගලා ගන්නා ආකාරය විමසා සිටිය හැකිය. (03) මීට අමතරව පොලීසියෙන් සපයන සේවාවන් හෝ පොලීසියට සම්බන්ධිත සේවාවන් පිළිබඳ ඕනෑම කරුණක් විමසිය හැකියි.
උපකාරක මැදිය උදෑසන 6 සිට රාත්‍රී 10 දක්වා ක්‍රියාත්මක වෙයි.
දුරකතන අංක - 011 2 4444 80/ 011 2 4444 81/ 011 2 4444 82/ 011 2 4444 83
ෆැක්ස් - 011 24 72 757
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන ආකාරයටම සාධාරණව සේවය සුදුවෙයිද (අ)
අනේ අපිට අන්තර්ජාල ලිපිනය දෙන්නකෝ. (නි)
මේක හොඳ වැඩක්. සමහර විට පොලිසියෙන් කෙරෙන අසාධාරණකම් වලට අපි අසරණ වෙනවා. දැන් අපට ඒ වෙලාවට මේ සේවාවට කියන්න පුළුවන්. (නි)
119 ත් කාර්‍යබහුලයි කියලා කියනවා නිතරම (ස)
මං හිතන්නේ මේක වෙන්න ඕනෑ අන්තර්ජාල ලිපිනය. http://www.police.lk/index.php/complaint-form (නි)
පොලිස්පතිතුමනි, රටේ සිදුවන අපරාධ පිළිබදව නිර්නාමික ලිපි මාර්ගයෙන් පැමිණිලි කරන්න ක්‍රමයක් හදන්න බැරිද? (නි)
මම වරක් මේ ආයතනයට දැන්වූවා මට සිදුවූ අසාධාරණයක් ගැන. දවසක් මහ රෑ ට්‍රැෆික් පොලීසියෙන් මාව අල්ලගත්තා මැද ඉර කැපුවා කියලා. මගේ ලයිෂන් එකත් ගත්තා. එතන මැද ඉරක් නැහැ මැකිලා ගිහින්. වංගුව කියලා බෝඩ් එකක්වත් නැහැ. රෑට පෙනෙන ට්‍රැෆික් ජැක්ට්වත් ඒ අය ඇදලා හිටියෙ නැහැ. මම දඩ කොලයක් ගන්න ආයෙ දවසක ගියා. දඩ කොළයක් දෙන්න බැහැ - උසාවි යන්න කියලා පොලිසියෙන් කීවා. නඩු දිනය සිතාසි ආ දිනක කීවා. මට සිදුවූ අසාධාරනයක් ගැන මේ ආයතනයට දැන්වූවා. වැඩක් වුණේ නැහැ. (නි)
කරුණාකරලා අන්තර්ජාල ලිපිනය දෙන්න. පිටරට ඉන්න අයට මේක හුගක් ප්‍රයෝජනවත් වේවි. (නි)
මම මාස 8කට කලින් ඉදලා ස්ථානාධිපති කෙනෙකුට විරුද්ධව පැමිණිලි කරනවා. ඒත් තවම වැඩක් වුණේ නැහැ. (නි)
මෙය අපිට වටින දෙයක් (ස)
මේ මොන දේ කළත් පොලිස් නිළධාරීන්ව නම් හදන්න ටිකක් අමාරුයි. (නි)
කොස වල ගණන් දැනගන්නත් එක්ක හොදයි. (නි)
අන්න හරි ඕව පිහිටුවට වැඩක් නැහැ, ක්‍රියාත්මක කරන හැටි දන්නේ නැත්නම් (දී)
බොහොම හොඳයි (ස)
පොලිස්පති තුමා ඇත්තටම මාර උත්සහයක් ගන්නවා පොලිසිය හදන්න. එයට එතුමාට බොහොම පින්.ජනතා ආශීර්වාදය නිතැතින්ම ඔබට් සදා හිමිවේවි! (ස)