සෙරප්පු දෙකක ඉව ඔස්සේ කිලො මීටර් 2ක් දුර ගිය ග්‍රේරු නම් පොලිස් බල්ලා පානදුර අළුබෝමුල්ලේ ග්‍රාමීය බැංකුව කඩන්නට ආ බව කියන තිදෙනකු අත්අඩංගුවට ගැනීමට උදව් විය. මෙම පිරිස පෑස්සුම් යන්ත්‍රයක් ගෙනවුත් සේප්පුව කඩමින් සිටියදී මුරකරු දැක එක සැකකරුවකු සෙරප්පු දමා දිවූ බව පෙනේ යැයි පොලිසිය කියයි. එම සේප්පුවේ රුපියල් කෝටි හතහමාරක රන් බඩු ද රුපියල් කෝටි දෙකක මුදල් ද තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ. ග්‍රේරු සෙරප්පු දෙකේ ඉව ඔස්සේ පමුණුගම වාහන සෝදන ස්ථානයක මුර කුටියකට ගොස් නැවතුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල පොලිස් සුනඛයා කියලා කිව්වනම් නේද වඩා හොඳ (ස)
කොහොමද බල්ලට ගිය කල (දී)
ලංකාවේ හරියට වැඩ කරන්නේ මෙහෙමත් කෙනෙන් තමයි (ස)
බල්ලා හොරු හොයාගෙන ගියාට සමහර හොරකම් වලදී මහත්තුරු හොරුන්ව අතට අහුවෙලත් අතහරිනවා. (නි)
බලාගෙන ගියහම මිනිස්සුන්ට වැඩිය බල්ලෝ හොදයි වගේ. (නි)
මේ බල්ලට හොද නම්බුකාර වෙන හොද නමක් දාන්න ඕනේ. (නි)
බල්ලා විනාඩි 45ක් විතර පහුවෙලයි යන්න තිබුණේ. එතකොටයි නියම පොලිස් බල්ලෙක් වෙන්නෙ. (නි)
කොහොමද හපන් කම (දී)
නියම පොලිස් බල්ලෙක් . මහත්වරුත් නීතියට වැඩ නම් රටට හොඳයි (ස)
යුක්තිය විසදීම සදහා මින්පසු බල්ලන්ට භාරදෙමු. (නි)
බොහොම සතුටුයි (දී)
නියමයි ග්‍රේරු. ඔබේ දස්කම් අගයන්නෙමු (ස)
පුරුදු කලාම මොනවාද නොකරන්නේ (දී)
බල්ලෝ කියන වචනෙත් මොවුන්ට අපහාසයක්. (නි)
ඒ කියන්නේ "බල්ලොත් එක්ක පුලුවන්" (නි)