හොරෙන් කඩා ගත් බව කියන කොස් ගෙඩි දෙක බාර ගැනීම සඳහා පොලිස් අධිකාරිවරයකු වන සුනිල් විජේසේකර මහතා අද උදේ 10.20ට හොරණ උසාවියට ආවේය. ඔහු පැමිණියේ ත‍්‍රිරෝද රියකිනි. කහ පාටට හුරු ඇඳුමකින් සැරසී උපැස් පැළඳ සිටි ඔහු උසාවි ලේඛකාධිකාරිගෙන් කොස් ගෙඩි දෙක බාර ගැනීමට නියමිතව සිටියේය. දින කිහිපයක් ගතවී ඇති නිසා ඔහුට බාර ගැනීමට සිදුවනුයේ එක්කෝ වැළ ගෙඩි දෙකකි. නැතිනම් වරකා ගෙඩි දෙකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති ගරුක බවට අපහාස කරන්න එපා (ස)
පොලිස් අධිකාරීව සමච්චලයට ලක් කරන්න එපා වරද කරුවකු උසාවියට ඉදිරිපත් කිරිම ඔහුගේ රාඡකාරිය..... ලබ්බට තියපු අතම තමා පුහුලටත් තියන්නේ .කොස් ගෙඩියෙන් පටන්ගෙන කටුගෙයින් නවතින්නේ (ස)
මොකටද එහෙම දෙයක් කලේ (දී)
මෙහෙමත් මිනිස්සු (දී)
කොස් ගෙඩි දෙක කඩාගන්න ඇත්තෙ බඩගින්නට නැතිව රජවෙන්නයැ නීතියට කොයින්ද මනුස්සකම් (ස)
දෙකම නැහැ (දී)
කොස් තියෙන නුවර වගේ පළාතක වුණානම් ඒ අයට ඔය දේ නොවෙන්න තිබුණා (ස)
මනුස්ස කම නොදන්න මෙහෙමත් මිනිස්සු (ස)
අනේ සර් මට දුකයි ඔයා ගැන (ස)
ලොවෙත් නැති වැඩනේ මෙහේ වෙන්නේ (ස)
මොනවද මේ විහිලු වැඩ (දී)
හෙට අනිද්දට වම්බොටු ගෙඩි වලටත් නඩු එයි. (නි)
වැල...... (දී)
වරකා මදුලක් කන්න ආසයි (දී)
අන්තිමට දෙකම නැහැ (දී)
කොස් ඇට (දී)
ඔය දහඅට මාසේ රෝස වරකා ගෙඩි දෙකක් නිසයි ඔය ජන්ජාලේ .රෝස වරකා හරී රසයිලු. (ස)
සමාජයේ ජනතාවට අයිති දේත් හොරකම් කරන මේ අය ඔය කොස් ගෙඩි දෙක නිකන් දෙයි කියලා හිතනවද? (නි)
දුප්පත් රජයේ සේවකයෙක් (ස)
කරලා තියෙන වැඩේ නම් නියමයි ලැජ්ජයි (දී)
රට හිනස්සන වැඩ (ස)
මට මතක් වෙන්නෙ මනුතාපය නවකතාවේ එන ජන්තු ඉන්ස්පැක්ටර්ගේ චරිතය. (ස)
ඇදුමක් ඇදගෙන එන්න පුළුවන් ගමනක්ද මේ ඇවිත් තියෙන්නේ ? (ස)
අනේ මෙහෙම තන්හාවක් . අනේ මෙහෙම ආශාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)
වැල හොඳයි වගේ (ස)
අවුලක් නෑ තමන්ට අයිති දෙයක්නේ ඉල්ලුවේ.. කොස්ගෙඩි දෙකකට උනත් තමාගේ බලතල අයුතු ලෙස පාවිච්චි කරලා නෑනේ... හොද ආදර්ශයක්.(ස)
අනේ මෙහෙමත් මිනිස්සු (ස)
නීතිය සැමටම සමානයි .කොස් ගෙඩි දෙක ඔහුට වටිනවා ඇති (ස)
සොයල බලන්න ඕනේ මෙයා ගැන (ස)
මාරු වැඩේ (දී)
මෙතන තණ්හාව නොවෙයි තියෙන්නේ මාන්නය. උසස් පොලිස් නිලධාරියෙක් වෙලත් කිරිකපන මිනිස්සු ගාණක් නැතිව හොරකම කරපු එක ගැන. කොස් ඉල්ලුවානම් නොදෙන කෙනෙක් වෙන්න බෑ. (ස)
නියම හෙඩිම. (ස)
මම හිතනවා ඕක කුණු වෙලා ගියාම කොස් ඇට විතරයි (දී)
පොලිස් අධිකාරීව සමච්චලයට ලක් කරන්න එපා කවුරුවත්. ඔය කතා කරන අයගෙ ගස්වලින් එහෙම කැඩුවොත් වෙස්සන්තරල වගේ නිකං ඉදීවි හැමෝම. තමන් වවන්නෙ තමන්ට කන්න තමයි. තමන්ව උපමාවට අරගෙන අනුන් ගැන කථා කරන්න. (ස)
අන්තිමට දෙකම නැතුව ගියා (දී)
පන්සලේ පින් කැටේ හොරකම් කලා හා සමානයි (ස)
කොස් ගෙඩියටත් නඩු කියාගන්න කාලයක් එලබුණා. මේ මිනිස්සු යන්න ඉන්න ඉදිරිය ගැන පෙර නිමිති. (ස)
මෙතැනදී කොස් ගෙඩි ගැන හිතන්න එපා. මොවුන් අන් අයෙකුගේ ඉඩමකට අනවසරයෙන් ඇතුල් වෙලා දේපොල හොරකම් කරලා. ඉතින් පොලිසි යන්නෙ නැතුව මොනව කරන්නද? (ස)
පොලිස් බලතල පාවිච්චි කරලා සැකකරුගේ හතර හන්දි කඩන්නේ නැතිව නීතියෙන් මේක බේරගන්න හිතපු එක කොතරම් හොඳද? තමන්ගේ දෙයක් හොරෙන් ගන්න එක ඔය 'අනේ පවු' කියන කවුරුවත් ඉවසන්නේ නැහැ. අනෙක අද කාලේ කොස් ගෙඩියක් කියන්නේ නොයෙක් විදියට උයලා දවස් දෙකකට විතර වේල පිරිමහගන්න පුළුවන් දෙයක්. එළවලු මිල දන්නේ නැද්ද? (ස)
කරුණා කරලා කොස් කටුවවත් ඉතුරු නොකර මැල්ලුම් හදල හරි කන්න ගන්න (ස)
pc මහත්තෙයෙක් වුණානම් හිතන්න තිබුණා ඒත් sp මහත්තයෙක් වැල වරකා ගෙනියන්න ආවා කිව්වම හිතන්නත් අමාරුයි (ස)
පොඩි පොඩි දේ කරන හොරුන්ට තැන දුන්න නිසා තමයි අද මහ විනාසයක් රටට වෙලා තියෙන්නේ. මෙතුමා නීති ගැරුකයි (ස)
සමහරු කියන කතාවත් ඇත්ත. නීත්‍යානුකූලව විසඳගෙන තියෙන එකනම් හොඳයි තමයි. ඉන්ද්‍රජිත්ගෙයි රාජුගෙයි කතාවටත් එකඟ විය හැකියි. මේ හැමදේ ගැනම හිතලා සමතමණ්ඩල මට්ටමින් විසඳගන්න තිබුණා නේද ? (ස)