ඉතාලියේ පලෙර්මෝ නගරයේ ශ‍්‍රි ලාංකිකයෝ අටදහසකට ආසන්න පිරිසක් ජිවත්වෙති. ඵයින් හත්දහස් පන්සියයකට අධික පිරිස දමිල ජාතිකයෝය. පලේර්මෝ නගරයට අඩුක්ව පැවති බෞද්ධ වීහාරස්ථානයක් ලබන වසරේදී ආරඹන බවත් ඵහි මුල්පියවර වශයෙන් බුද්ධ ප‍්‍රතිමාවක් පසුගියදා ශ‍්‍රි ලංකාවේ සිට වැඩමකළ බවත් දිල්කි ප‍්‍රනාන්දු මහත්මිය කීවාය. බුද්ධ ප‍්‍රතිමාව ප‍්‍රථමයෙන් වඩමිමවන ලද්දේ ශාන්ත ක‍්‍රිස්ටීනා දෙවිමැදුරේ ශාලාවට බවත් ඵ් සදහා දෙවිමැදුරේ පාලක ජොර්ජෝ නාතොලි පියතූමන්ගේ අවසරය ලැබුණු බවත් ඇය කිවාය. මේ අවස්ථාවට ශ‍්‍රි ලංකාවේ සිට පිළිම වහන්සේ වැඩම කරැවූ මහාචාර්ය වරාගොඩ පේමරතන ජනාධිපති උපදේශක බෙන්ගමුවෙි නාලක මිරිස්ස සුදර්ශනාරාමාධිපති මාමඩලේ අනෝමාසාර දබදේනියේ ධමිමාරාම ඇතුළු හිමිවරු ද සමග දමිල ජාතික වීක්ටර් ජයසිංහමි හා වීමල් පියතුමෝ ද ඵක්වූහ. තිලක් රත්නායක හාපලේර්මෝ තරණ කැල මේ පිංකම සංවිධානය කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය ,අපේ හාමුදුරුවන් වහන්සේලා කවදා කොතනකදීවත් බෞද්ධාගමට කිසිවෙක් බලෙන් බදවාගෙන නැහැ (නි)
චතුලගේ අදහසට අපෙත් උත්තමාචාරය ! සම්පත් කියන කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා. ආදී කාලයේ යාපනේ ඇතුළු උතුරු පළාතේ දමිළ බෞද්ධයින් ඉඳලා තියෙන බව මහාචාර්ය සුනිල් ආරියරත්න පෙන්වා දී තියෙනවා. අද සීතල රටවල්වල සුදු ජාතිකයින් අරභයා බුදු දහම පතුරන්න තියෙන තරම් උනන්දුවක් අපේ හිමිවරුන් අපේම සහෝදර ජනවර්ගය නිවනට යොමු කිරීමට දක්වන්නේ නැති එක අඩුවක්. (ස)
කන්න ඕනි වුනාම කබරයත් තලගොයා කර ගැනීමේ න්‍යායෙන් දැන්වත් මිදෙන්න ඕනි. ස්වාමින්වහන්සේ නමක් පිටරටකට ගිහිල්ල බෞද්ධ ආගම පතුරවන එක බෞද්ධයන්ට පෙනෙන්නේ බොහොම යහපත් දෙයක් විදියට. නමුත් බැරි වෙලා හරි බෞද්ධයෙක් වෙන ආගමකට මාරු වුනොත් ඒක සහ ගහන අපරාධයක් විදියටයි ඔවුන් දකින්නේ. එතකොට තමයි දාහක් ප්‍රශ්න මතුවෙන්නේ. නමුත් බලහත්කාරයෙන් තොරව සිදුවෙනවා නම් මෙවැනි දේවල් ලංකාවේ වුනත් ඉතාලියේ වුනත් එක සමාන ලෙස සලකන්න පුරුදුවෙන්න. මොකද සුද්දෙක් බෞද්ධයෙක් වෙන්නෙත් බෞද්ධයෙක් අන්‍ය ආගමිකයෙක් වෙන්නෙත් මානසික වශයෙන් හෝ කායිකව ලැබෙන අල්ලසක් නිසයි. තමන්ගේ ප්‍රශ්නෙට විසදුම තියෙන්නේ බුදුදහම තුළ බව සුද්දෙක්ට ඒත්තු ගැන්වීමත් මානසික අල්ලසක් මිසක් වෙන මොකක්වත් නෙවෙයි. (ස)
සත්‍යා හරි .ලංකවේ පල්ලි වල වගේ අපේ හමුදුරුවරු එහෙ අයට පගාව ගන්නේ ,බුදු පිලිම පොළොවේ ගහන්න කියන්නෙ නෑනෙ.මානසික සහනය විතරයි. (ස)
සත්‍යා ඔබ හරි. රුවන් ඔබ අන්තවාදියෙක්. ඇමරිකානු හමුදාවේ බොහෝ සෙබළු බුදුදහම වැළදගත් කතාව අමතක වුණාද? එතකොට උදම් අන අනා සතුටු වෙනවා. පන්සල් ඇමරිකාවෙ තියෙන නිසානේ එහෙම වුණේ. අන්‍යාගමිකරණය කරනවා කියලා එහෙ පන්සල් කැඩුවේ නැහැනේ. මේ නිසා තමන්ට කැමති ආගමකට යන්න ,අදහන්න අයිතිය තිබිය යුතුයි. (නි)
ලංකාවේ පන්සලක වෙන ආගමක පිළිමයක් තිබ්බොත් ඉදලා ඉවරයි. අර සේනාව නිකන් ඉදියි නේද? චමින්ද දැන් මේ කරන්න යන්නෙත් ආගම හිගාකන්න තමයි. (නි)
හොද වැඩක්
කතාව ඇත්ත
සත්‍ය ඔබහරි (නු)
සත්‍යා වගේ අයට ඇස් හැර ලෝකය දෙස බැලීමට හැකිවේවා! (නි)
ඔරුව පෙරලුනාම පෙරලුන පිට හොඳයි කියනවා (ස)
ඉතා හොදයි
බෞද්ද සහ මුස්ලිම් රටවල කතෝලිකයො එයාලට යටත් වෙලා ඉන්න ඕනෑ. කතෝලික රටවල අනිත් ආගමිකයන්ට සමතැන ඕනෑ. (නි)
අනේ සාධු... සාධු... සාධු...! තවත් පින්කම් කරන්න පින් ලැබේවා! (නි)
සත්‍යා, ඔබ කියන්නේ සත්‍ය වටහාදීම මානසික අල්ලසක් කියලද? (නි)
සත්‍යා, ඔබ කියන විදියට බුදුහාමුදුරුවෝ සියලු ලෝක සත්වයන්ටම දීලා තියෙන්නේ මානසික අල්ලසක්. (නි)
හේමන්ත, ඕක කුලියට දෙන ශාලාවක් බව ඇත්ත. ඒත් කුලියට දෙන ශාලාවක් කියලා ඕකේ ඕනෑ නැටුමක් නටාගන්න දෙන්නේ නැහැ. ඒ ශාලාව අයිති පල්ලියේ පියතුමාගේ සම්පුර්ණ අවසරය උවමනා වෙනවා. සම්පුර්ණ කතෝලික රටක බුදු දහම ව්‍යාප්ත කරන්න ඔහොම හරි පහසුකම් සපයපු එක ගැන සතුටු වෙන්න. ශාලාවේ ජාතිය ජන්මය ගැන හොයන එකට වඩා, මුස්ලිම් රට වල බුදු පිළිම කුඩු පට්ටම් කරන කාලේ, කතෝලික රට වලින් බුදු දහමට සළකන විදිය ගැන සතුටු වෙන එක නේද කරන්න ඕනෑ? (නි)
හේමන්ත මහත්තයෝ, කුලියට දෙන ගොඩනැගිලි පල්ලියේ විතරක් නෙමෙයි පෞද්ගලික ඒවායෙත් තියෙනවා.මේක කුලියට දුන්නද නොමිලයේ දුන්නද කියො වාර්තා වෙලා නැහැ නේ. ඒත් බෞද්ධ ආගමික වැඩකටයුත්තක් වෙනුවෙන් කතෝලික පල්ලියකින් ඉඩක් ලැබීම අගය කළ යුතුයි. යුරෝපා රට වල ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. ලංකාවේ නැති වේගන යන ආගමික සමගිය පිටරට වලින් ඇති වෙන්න පටන් අරන්.අපේ රටේ අයට හොඳ ආදර්ශයක්. (නි)
බලන්න. කොපමණ සුන්දරද? (නි)
පලෙර්මෝ ජනතාවට බුදු සරණයි! (නි)
ආගම් සමගිය, සාමයට මග පාදයි (ස)
ඉතා උතුම් ක්‍රියාවකි. කරුණාකර දමිල බසින් දම් දෙසීමට හැකි හිමිනමක් වඩම්මන්න. ජාතික සමගිය ඇතිවන්නේ එවිටයි. (නි)
ඉතාලියේ කතෝලිකයෝ බෞද්ධ ව්‍යාප්තිය ගැන කියලා උද්ඝෝෂණ කරන්නේ නෑ නේද හාමුදුරුවනේ (ස)
අන්න නියම ශ්‍රී ලාංකිකයෝ.... (නි)
කතාව ඇත්ත
ලංකාදීප කතුතුමාට බුදු බව ලෑබෙනවා ලංකාවෙ ආගමික අසමගිය ඇති කරන්න දගලන මෝඩ සේනාවල් වලට අන්‍ය ආගමික රටක බුදුදහමට තියන ගෞරවයත් හැම ආගමකටම දක්වන එකම සැළකීමත් පෙන්නා දුන්නාට. (නි)
සමාජයට ආදර්ශයක්. විශිෂ්ට හමුවක් .අහන්නත් සතුටූයි. මෙහෙම දෙයක් දැක්කමත් පුදුම සතුටක් දැනෙන්නේ. ආගම් කුළ ජාතී බේද වලින් තොරව එකාමෙන් එකමූතුව වාසය කරනවා නම් මොනතරම් අගේද? බෞද්ධ විහාරස්ථානය ඉදිකිරීමට දායක වූ ගරු හිමිවරුන්ටත්, ශාන්ත ක‍්‍රිස්ටීනා දෙවිමැදුරේ පාලක ගරු ජොර්ජෝ නාතොලි පියතූමා, ගරු විමල් පියතුමා, ඒ වගේම දමිල ජාතික වික්ටර් ජයසිංහ මහතාටත් පලේර්මෝ තරණ කැල ඇතුථ සියථම දෙනාටත් රටෙත් ජාතියෙත් ගෞරවය, හිමි විය යූතුමයි. (නි)
ලංකාවේ අපේ පන්සලක අන්‍ය ආගමික ප්‍රතිමාවක් තැබුවොත් කුමකින් කුමක් වේවිද? (නි)
හරිම හොද වැඩක්. ඉක්මණින් පන්සල ගොඩනැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
තරිදු අහපු දේම තමයි මටත් අහන්න තියෙන්නේ. (නි)
තරිදු එතකොට බොදු බල සේනාව මොනවා කරයිද ?? (ස)
තරිඳු, නිහාල්, ඔබ දෙපලට මේටික කියන්න ඕනා. සිංහල බෞද්ධයෝ වන අපි, අපගේ පිළිම වහන්සේ නමක් කොහේ හෝ රැගෙන යාම මගින් අන්‍ය ආගමිකයින් අපගේ ආගමට හරවා ගැනීමේ පටු අදහසින් බැහැරව කටයුතු කරන්නෙමු. නමුත් අන්‍ය ආගමිකයෝ සැමවිටම කුමක් හෝ ප්‍රයෝගයක් මගින් බෞද්ධ ජනතාව තම ආගමට හරවා ගැනීමට වෙහෙසෙති. මේ හේතුව මත සෑම අවස්ථාවකම අවදියෙන් සිටීමට සිදුවී ඇත. ඒ අප දහම මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් ආරක්ෂා කර ගැනීමටයි. (ස)
තරිඳු ඔබ හරි සිංහල උනොත් බෞද්ධ වෙන්නම ඕන කියලා නෑ. (ස)
වහාම දැනුම් දෙන්න වෙන ආගම් වලට කවුරුවත් බලෙන් හරව ගන්නේ නැහැ. එතන පන්සලක් හදන්නත් ක්‍රිස්තියානි රටවලින් ආධාර ගන්න එපා එහෙනම්
ලංකාවේ කිසිම ආගමකට මීට ටික කාලයක් යනතුරුම බෞද්ධයින්ගෙන් කිසිම බලපෑමක් තිබුනේ නැහැ . ඒ නිදහස නැතිකර ගත්තේ ඔය ගොල්ලන් විසින්මයි . එකට හේතු දකින්න ඇති . බෞද්ධයෝ පල්ලි කඩලා නැ. ගෙවල් ගෙවල් ගානේ ආගම් හිගා කකා අන්‍යාගමික කරන්න ගියේ නැ . ඒ වගේ දේවල් හැමදාම ඉවසන්න නිවටයෝ වෙන්න ඕන . (ස)
මේක කුලියට දෙන ශාලාවක් .ඕන තරම් එහෙම ඒවා පල්ලි වල තියෙනවා (ස)
විශිෂ්ටයි (ස)