රුපියල් 320ක් වටිනා පොල්ගෙඩි අටක් සොරකම් කළැයි පාසල් දැරියකට එරෙහිව පොලීසියෙන් පවරා තිබූ නඩුව හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා ඉදිරියේදී මින් මද වේලාවකට පෙර ඉල්ලා අස් කර ගත්තේය.
මේ අනුව දැරිය නිදොස් කොට සිදහස් කෙරෙයි.
සහකාර පොලිස් අධිකාරී අබේරත්න දිසානායක මහතා නඩුව ඉල්ලා අස්කරගන්නා බව උසාවියට දැන්වීමෙන් පසු ඒ බව දැරියට නොතීසියක් මගින් දන්වන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.
මෙම සුළු සිද්ධියට ජනමාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් දීමෙන් දැරියගේ අධ්‍යාපනයට ද බලපෑමක් කර ඇතැයි ද, මාධ්‍යය වගකීමෙන් ක්‍රියා කළ යුතු යැයි ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු වැරදි නිවරදි කරගත හැක්කේ මාධ්‍යට පමණයි. එහි වටිනාකම දැනගත්ත් අද තමයි.(නදී)
මාධ්‍යය ගැන කිවුව කතාව ගැන තව වරක් හිතුවොත් නේද හොද? (නි)
හොරකම්, මැරකම්, ජඩකම්,බලුකම් ඔක්කොම කරන්න හොදයි. ජනමාධයට කිව්වම ලැජ්ජයි. එහෙනම් මොකටද මේවා කරන්නේ. මාධ්‍ය කරුවනි. මේවා හොය හොයා ඔක්කොම දාන්න.(නදී)
අපි දකිනවනේ දැන් වෙන දේවල්.. මාධ්‍යට පින් (ස)
ඇත්තටම ජනමාධ්‍ය නොසිටින්නට මේ දැරිවි එල්ලිලා මැරිලා. මෙයට ප්‍රචාරණයක් දුන්නු නිසාම කොච්චරනම් අක්‍රමිකතා පාසල් තුල සිදුවන බවට කතිකා ඇති වුනාද..? මාධ්‍යට බැනලා වැඩක් නෑ. නිදහස් ජනමාධ්‍යට ජයවේවා..! (ස)
ඔය ටිකට කලින් මොළේ කල්පනා කළා නම් ඉවරයි නේ.....(ස)
නිදහස් සහ සදාචාරශීලී මාධ්‍යයට මගේ ආචාරය. මෙය එක්තරා සිද්ධියක් පමණයි. මාධ්‍ය නිසා මේ අහිංසක දරුවගේ ජීවිතය සහ ආත්ම ගෞරවය රැකුනා. අප තව දුරටත් සොයා බැලිය යුතුයි ඇයගේ පාසලින් ඇයට යමිතිසි අපහසුතාවයක් ඇති කරනවද කියා. ගරු අධිකරණය විසින් මේ වගේ නඩු පොලිසියට ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන්න. (නදී)
ළමයා උසාවියට දැම්මේ මාධ්‍යයද ?(ස)
අපිට නඩු තීන්දුවකට එරෙහිව යන්න බැහැ. එහෙම කතා කරන්නත් බැහැ. ඒක නීති විරෝධියි. ඒත් උසාවියෙන් වුනත් දීලා තියෙන්නේ හිතක් පපුවක් නැති තීන්දුවක්. ඇත්තෙන්ම අර ගෑනු දූෂණය කරපු එවුන්ටවත් එච්චර ලොකු ඇපයක් ඉල්ලුවේ නැහැ. නඩු තීන්දුවත් සුබ දායක නැහැ පාසල් දරුවෙකුට. (නි)
සමාව දීම වටිනවා (දී)
සහකාර පොලිස් අධිකාරීතුමා මේ සිද්දිය උසාවියට දාන්න පෙර ටිකක් හිතලා බැලුවනන් හොදයි.(නදී)
සල්ලි කියන දේ හැමෝටම නැහැ, අපි හැමවිටම හිතන්න ඕනේ අපි හැමෝම මිනිස්සු කියලා (දී)
බොහොම පින් (දී)
මනුෂ්ශත්වයේ නාමයෙන් කල වැඩක් (දී)
පොල් ගෙඩි ටික අනාත මඩමකට යවනවද?(නදී)
මාධ්‍යයට ජය වේවා !!! මාධ්‍යට දොස් කියන්න එපා. මාධ්‍ය නිසා තමයි ඒ දරුවව බේරුනේ... (ස)
දැන් කොහොමද අලුත් උසාවිය?? ස්වාධීනයි නේද? (නි)
ප්‍රචාරය කිරීමද වරද? (ස)
මේක සුලු සිද්දියක් වෙන්නෙ කෝහොම ද???? පොල් ගෙඩි 8ට 50000 යි..... මේක සුලු සිද්ධියක්නම් ලමයව මුලින්ම නිදහස් කරන්න තිබ්බනේ (ස)
ජනමාධ්‍ය එක්ක කොයි කවුරුත් තරහ ඇති. ඒත් මීට පස්සේ කවුරු කවුරුත් පිස්සු නටන්න පෙර සිතා බලාවි. ලංකාදීපයට මල් මිටක්. (ස)
මෙය හෙළි කර දරුවා රැක ගැනීම පිළිබ්‍ඳව මාධ්‍යට මාගේ ආචාර්ය (ස)
ලැජ්ජා හිතෙන්න ඇති යුක්තිය වෙනුවට නීතිය තෝරා ගැනීම ගැන.. (ස)
අපි නම් ලංකාදීපය ඇතුළු සියලුම මාධ්‍යයන්ට ගරු කරනවා. (නි)
මීටපස්සේ හෙරකමක් කරලා අහුවුණාම අහන්න ඕනෑ, පාසලට දෙන්නද කෙරුවේ කියලා. (නි)
ළමයට වන්දියක් ගෙවන්නේ නැතිද(සමත මණ්ඩලයට නොදා කෙලින් ම අධිකරණයට ගෙනයාමෙන් ඔවුන් වරදක් කර ඇත ) ? ඒ ලමයට දැන් ඒ ඉස්කෝලෙට යන්න බැරුව ඇති , මාධ්‍ය මගින් මේක එලි නොකලානම් ඒ ලමයත් මෙලහට එල්ලිලා මැරිලා .ලංකාදීප ඇතුළු මෙමෙ සිද්දියට ප්‍රචරයදුන් සියලු මාධ්‍යට ජයවේවා !!!! (ස)
මාධ්‍යයට මගේ හිස නමා ආචාරය! (නි)
ගරු අධිකරණයට මගේ ආචාරය! ගරු අධිකරණයට බැරිද මාධ්‍යවේදීයා වචනය නිර්වචනය කරන්න? (නි)
ඇත්ත තමයි මහේස්ත්‍රාත්තුමා කියන්නේ. දැන් ළමයට පාසල් යන්නවත් විදියක් නැතුව ඇති. (නි)
ජනමාධ්‍ය නිසා තමයි ඒ දැරියගේ නිදොස් බව වගෙම, පාසල්වල සිදුවෙන අක්‍රමිකතා, දූෂන ගොඩක්ම හෙළිවුනේ, අසරන දෙමාපියන්ගෙන් හොරාට මුදල් එකතු කරන විදුහල්පතිවරැන් ගැන ජනාධිපතිතුමාටත් දැන ගන්න ලැබුනේ ජනමාධ්‍යයන්ට පින්සිදුවෙන්න තමයි. (ස)
ඔය ප්‍රශ්නයට ජනමාධ්‍යට බැනල වැඩක් නෑ. පොලීසියට කියන්න ඕන වගකීමෙන් වැඩ කැරන්න කියලා. ප්‍රශ්න පොලීසියෙන් විසඳන්නේ නැතිව උසාවි දාපු නිසා තමයි ජනමාධ්‍ය ඒක වැරදියි කියලා ජනතාව දැනුවත් කළේ. (ස)
අපේ සමහර මාධ්‍යවේදීනුත් වැඩ කරන්නේ හොයන්නේ බලන්නේ නැතුවනේ. (නි)
ඇත්ත තමයි. මාධ්‍යය මීට වැඩි යහිතලා බලලා වැඩ කළ යුතුයි. (නි)
එතකොට රු. 320 කට නඩු අහන එක හොඳයි. මාධ්‍ය වලින් ඒ ගැන කියූ නිසයි නඩුව ඉල්ලා අස් කර ගත්තේ.. (ස)
ලංකාවේ ජරාව කෑම අතින් පොලිසිය සහ අධ්‍යාපන අංශ තමයි පෙරමුණේ ඉන්නේ. ඒකේ ප්‍රථිපල හැටියට තමයි අර දරුවා ඔය වැඩේ කරන්න ඇත්තේ.(නදී)
ජනමාධ්‍ය නිසයි දැරිය නිදහස් උනේ. ඔතන වරද කාගෙද? කියලා වැඩක් නෑ අපේ අය ගැන..........(ස)
පාසැල්වල මොහම දූෂනයක් වෙනවා කියලා ලෝකෙට හෙලි කලේ මාධ්‍ය හරහා මේ දැරිවිගේ කේස් එකෙන්නේ. එහෙවි එකේ මාධ්‍යට දොස් කියන්න එපා.(නදී)
ජනමාධ්‍යය මේ ගැන වාර්තා කළ නිසයි කාගේත් අවධානය මේකට යොමුවුණේ. (නි)
ජනමාධයට බනින්න එපා. එසේ කල නිසයි මේවගේ දෙයක් වුනේ. (නදී)
ළමයින් ගෙන් මුදල් එකතු කල ඒ විදුහල වගේම අනිත් ඒවා ගැනත් ගවේශනය කරල ලිපියක් දාන්න මාධ්‍යයට හිතේවා.(නදී)
ලොකු ලොකු මෝරු ඇස් මායිමේ කරනා හොරකම් කාටවත්ම පෙනෙන්නේ නැහැ. දැන් මේ අහිංසක දරුවාට වූ කැළල වහන්නේ කෙසේද? (නි)
මෙම දරුවා ගැන රටට හෙළිකළාට මාධ්‍යයට ස්තූති කළ යුතුයි. (නි)
මේක මාධ්‍ය හෙලිනොකලා නමි නඩු තීන්දුව ලැබෙයි ළමයා වැරදිකාරියක් කරලා.(නදී)
ජනමාධ්‍ය නැත්නම් මේ රටේ ප්‍රශ්න කවදාද විසදුනේ? (නි)
මාධ්‍යය නැත්නම් කෙල්ල අද හිරේ. (නි)
ඇයි ඉල්ලා අස්කරගත්තේ? දිගටම ගෙනියන්නනේ තිබුණේ. (නි)
මෙම පුවතට මාධ්‍ය මගින් හොඳ ප්‍රචාරයක් දීම පිලිබඳ මාධ්‍යට මගේ ස්තුතිය.. මම මාධ්‍ය මගින් දැක්කා, පොල්ගෙඩි කීපයක් අහුලා ගත්තු දැරිය රු. 50.000ක ඇප මත නිදහස්වෙනකොට.. කාන්තාවක් දුෂණය කරපු ප්‍රාදේශීය සභිකයෙක් රු.10.000ක ඇපමත නිදහස්වෙලා තියනවා.. (ස)
මේක මාර වැඩක්නේ. සිද්ධිය සුලු නම් ඇයි අවවාද කරලා නිදහස් නොකළේ? (නි)
ජනමාධ්‍ය මේ ගැන ප්‍රචාරය නොකරන්න මේ නඩුව මෙහෙම ඉල්ලා අස්කර නොගන්න තිබුණා. (නි)
මේක කරන්න තිබුණේ මුලින්නේ. (නි)
මාධ්‍ය නිසානේ නඩුව උනත් අස් කරගත්තේ .එහෙම උනේ නැත්නම් අධිකරණය ළමයට දඬුවම නොකර ඉඳියි කියල කියන්න පුලුවන්ද ?(නදී)
ඒකනේ. සිසුවියට නිකන් අපරාදෙනේ උසාවි යන්න වුණේ. (නි)
ඔබට ස්තුති (දී)
මිනිස්සුන්ගේ අසරණ කම තේරුම් ගන්න (දී)
මේ සුළු සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය අනවශ්‍ය ප්‍රචාරයක් දීලා තිබුනේ නැත්නම් මෙලහකට දැරිය අවුරුදු 10-15ක් හිරේ යවලා. මේ සිද්ධිය පුළුල් ලෙස ප්‍රචාරය කරලා අදාළ අංශවල අවධානය ලබාගෙන දැරියට යහපතක් කළ මාධ්‍යයට අපගේ ගෞරවනීය ප්‍රණාමය! (නි)
අන්තිමේ අර පොඩි එකා තමයි අසරණ උනේ (දී)
මේක සුළු සිද්ධියක් වෙන්නෙ රටේ වෙන දේවල් අනුව. ඒ දැරිවිගෙ ජීවිතේට මේක ලොකු ප්‍රශ්නයක්. වරදකාරිය වුණා නම් මොන විභාග පාස් වුණත් රජයේ රස්සාවකට යනවා බොරු. ජනමාධ්‍ය නිසා පොඩි හරි සාධාරණයක් වුණා. (නි)
මේක අපි දැක්කේ ලංකාදීපයෙන්, අපේ ප්‍රණාමය, කරුණාකර චක්‍රලේඛ වලට පටහැනිව තීන්ත ගාන්න සල්ලි එකතු කරන්න කිව්ව විදුහල්පතිතුමාට මොකද කලේ කියලත් පුවතක් පල කරන්න අනෙක් ගරානා විදුහල්පතිවරුනටත් පේන්න එක්ක.(නදී)
ජනමාධ්‍ය මේ ගැන කීවේ නැත්නම්, මේ ළමයව හිරේ දානවා. මාධ්‍ය මේක කීවා නිසා තමයි ජනාධිපතිතුමා පවා දැන ගත්තේ, ඒ නිසයි කවුරුත් කලබල උනේ. (ස)
අපිට පුළුවන් සෑම විටම මිනිස්සු දිහා මානුෂිකව බලමු (දී)
දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කල පින් කමක් කියල හිතා ගන්න (දී)
මේ ළමයා මෙහෙම හරි බේරුනේ මාධය නිසයි. (නදී)
මාධ්‍යට දොස් කියන එක වැරදියි. අනෙක දැන් නිදොස් කරන්න බැරි හුගක් දේවල් වෙලා අවසානයි. (නි)
දැන් එහෙමනම් මාධ්‍යයටත් නඩු දාන්න වෙයි නේද? (නි)
ජන මාධ්‍යට අපේ ස්තුතිය.(නදී)
මේකට මේචචර ප්‍රසිද්ධියක් ලැබුණේ මොකක් නිසාද? නඩු තීන්දුව කලින්ම දෙද්දී මෙහෙම දුන්නා නම් මෙහෙම ප්‍රසිද්ධියක් ලැබේවිද? (නි)
ලංකාදීපයේ පුචාරය නිසා තමයි පොඩි දරුවා බේරුනේ. ස්තුතියි ඔයාලට.(නදී)
වතු හිමියා කළේ නුසුදුසු ක්‍රියාවක්. නීතිඥයින් දෙදෙනාට මගේ ස්තූතිය! (නි)
ජනමාධ්‍ය නිසා තමයි වගකිවයුතු අයත් ඇස් ඇරලා බලන්නේ. (නි)
ඕක වැරදි නම් මහ වැරදි කාරයින්ට මොකක්ද දෙන දඩුවම? (නදී)
ඒවා හොද වැඩ (දී )
පොල් කේස් එන නිසා හුගක් දෙනාට එළොව පොල් පෙනුනා. (නි)
මාධ්‍ය වලින් ඒ ගැන කියූ නිසයි නඩුව ඉල්ලා අස් කර ගත්තේ.(නදී)
ලංකාදීපයට අපේ ආචාරය.(නදී)
ජනමාධ්‍ය නිසා තමයි මේ ළමයාට ජනාධිපතිතුමාගේ වුණත් අවධානය යොමු වුණේ. (නි)
පවු අහිංසක ළමයා. සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද දැන්? (නි)
මාධය වගකීමකින් ජවතාව දැනුවත් කළා. (නදී)
සියලු පාසල් පද්දතියම මේවාට වගකියන්න ඕනේ (දී)
දැරියගේ අධ්‍යාපනයට බලපෑමක් සිදු වුණේ මාධ්‍ය නිසාද? නැත්නම් පාසලේ මුදල් එකතු කිරීමෙන්ද? (නි)
ඉස්සර මිනිස්සු ඔහොම දේකට බනිනවා. නැත්නම් ගෙදරට ඇවිත් කියනවා. අපේ රටේ මිනිස්සු දැන් වෙනස් වෙලා.(නදී)
සුළු සිද්ධියට ජනමාධ්‍ය මගින් අනවශ්‍ය ප්‍රචාරයක් දීමෙන් දැරියගේ අධ්‍යාපනයට ද බලපෑමක් කර ඇත්නම්, මේ සුළු සිද්ධිය උසාවියට ගෙනැල්ලා 50000 ක් ඇප තියලා අර නංගිගේ ආත්ම ගෞරවයට කළ හානිය හිතකරද? (නි)
අපිට නම් මේක සුළු සිද්ධියක් නෙමෙයි.(නදී)
මාධ්‍යට අනවශ්‍ය ප්‍රචාරයක් කීම පිළිගන්න අමාරුයි. මන්දයත් ඒ ප්‍රචාරය තුළ වෙනත් පාසල් වල සිදුවි තිබෙන දේවල් රටට හෙළිවී තිබෙනවා. පාසල් ගණනාවක මුදල් එකතු කිරීම් හෙළිවෙලා තිබෙනවා. පාසල්වල සිදුකරන අනවශ්‍ය මුදල් එකතු කිරීම් රජයත් දැනගත්තේ ඔය සිදුවීම හරහායි. මම නොදන්නා නිසයි අහන්නේ. අර කොස් ගෙඩිදෙකේ කේස් එකත් අස්කර ගත්තාද දන්නේ නැහැ නේද? (නි)
එය ඉතාමත්ම හොද වැඩක් (දී)
මේ වදෙන් මිනිසුන්ගේ ඇස් ඇරුනා (දී)
දරුවෙකු මේ හොරකම කලේ ඉගෙන ගන්න බව අමතක කරන්න එපා (දී)
රජය නිදහස් අධ්‍යාපනය දෙනවා.. නැත්තේ නෑ. නමුත් විදුහල්පතිවරුන් ළමුන්ගෙන් සල්ලි එකතු කරනවා. මේවා ජනාධිපතිතුමා දන්නේ නෑ. කවුරුත් එතුමට මේවා ගැන කියන්නේ නෑ. ඔපදූප කේලම් වගේ දේවල් නම් දුවලා ගිහින් කියාවි. (ස)
මහේස්ත්‍රාත් තුමාටත් තිබුණා මේ ළමයාගේ වයස බලලා දඩුවම් කරන්න. අහින්සකයින්ව උඩ පැන පැන තලනවා. මේකද ආශ්චර්යේ? (ස)
මම හිතන්නෙ දැනටමත් දැරිය නිග්‍රහයට පත් වෙලා අවසානයි. මාධ්‍යයන්ට ස්තුතිවන්ත විය යුතුයි මෙම සිදධියට ප්‍රචාරයක් දී දැරිය අනුකම්පාවට භාජනය විය යුතු බව මහජනයාට ඒත්තු ගැන්වීම ගැන.(ස)
පාසල් වල මුදල් එකතු නොකර ක්‍රීඩා උත්සව, ත්‍යාග ප්‍රධානෝත්සව තියන්නේ කොහොමද? වෙසක් වැඩ සටහන්, පොසොන් වැඩසටහන් තියන්නේ කොහොමද? පාසල කියන්නේ මොකක්ද කියලා නොතේරෙන අය ටිකක් හොයලා බලන්න. (නි)
යහපත් චේතනා ! ගෙනදෙයි වාසනා ! අහිංසක දැරියට සුභ අනාගතයක්....! (ස)
උසාවි යන්න කලින් ගොඩින් බේරන්න තිබුන ප්‍රශ්න ඕවා...(ස)
මේ නඩුවේදී ජනමාධ්‍ය කළ කාර්යය විශිෂ්ටයි. (නි)
ඕක සුළු සිදියක් කියල කියන අයම ලොකු දඩයක් නියම කළා ඒ දුප්පත් දරුවට! (ස)
මේ සිද්ධියේදී ජනමාධ්‍ය ක්‍රියා කළ ආකාරය අගය කළ යුතුයි. අපි මේක දැනගත්තෙත් ලංකාදීප එසැණ පුවත් වලින්. (නි)
මාධ්‍ය මගින් මේක එලි නොකලානම් ඒ ලමයත් මෙලහට එල්ලිලා මැරිලා .ලංකාදීප ඇතුළු මෙමෙ සිද්දියට ප්‍රචරයදුන් සියලු මාධ්‍යට ජයවේවා !!!! (ස)
දියනියට වුනු අපකීර්තියට වන්දියක් ලබා දිය යුතුයි. (ස)
වැරැද්දක් කළා නම් ඊට ගැලපෙන දඬුවම ලැබිය යුතුයි. එය විසඳිය යුත්තේ උසාවියකින්ද, පොලිසියකින්ද, ගුරුවරයකු විසින්ද, මවුපියන් විසින්ද කියන එක තීරණය කිරීමට සාමාන්‍ය දැනීම හොඳටම ප්‍රමාණවත්. මාධ්‍යයට මීට වඩා සංවේදිව කළ යුතු දෑ බොහෝය. (නි)
ඔබලාට පින් (දී)
ලංකාදීපෙට අපේ උපහාර! ලංකාදීපේ නැත්නම් මේ ළමයට ලොකු කරදරයක් වෙන්නේ. (නි)
ජනමාධ්‍යට දොස් කියන්නෙ ඇයි?හොරකම් කිරීම,හොරකම් කිරීමට සිදු කිරීම,මෙවැනි "සුළු"සිද්ධියකට නඩු දැමීම වගේ දෙවල් තමා වැරදි.මේ සිද්ධියෙ එකම වරදක්වත් නොකල ජනමාධ්‍යයට දොස් කීම වැරදියි. (ස)
කුඩු ගහන්න නෙවෙයිනේ හොරකම් කලේ, ඉස්කෝලෙට සල්ලි දෙන්නනේ, පව් අසරණ ළමයි (දී)
ලංකාවේ මාධ්‍යය ඕනෑවට වැඩියෙන් වැඩ කරන වෙලාවලුත් තියෙනවා තමයි. (නි)
ඒවා යුතුකම් (දී)
රටේම ඇස් ඇරුණ සිද්දියක් (දී)
පොලිසියේ මහත්වරුන්ට මනුතාපය පොත කියවන එක අනිවර්යය කරන්න. (නි)
දරුවාට නිදහස ලැබීම නිමිත්තෙන් ජනමාධ්‍යට මගේ ප්‍රණාමය! අපි මේවා දැනගන්නේ කොහොමද ජනමාධ්‍ය නැත්නම්? (නි)
ඉතා හොද ආදර්ශයක් (දී)
දුව බේරුන එකට හරිම සතුටුයි. එක මතයක රැඳී සිටිමිනි ප්‍රතිචාර දැක්වු සැමට ස්තුතියි. ජය! (ස)
දුව නිදහස් වුණ එකනම් සතුටුයි. මම නම් හිතන්නේ සොරකම කවුරු කළත් වැරදියි. ඒ දරුවාටත් පහදා දි අසරණකමට පිහිට වුණා නම් තමයි හොද. වතු හිමියා යහපත් කෙනෙකු වුණා නම් මෙය දුරදිග නොයනු ඇත. තවද දෙමාපියන්ද දරුවන් ගැන සැළකිලිමත් විය යුතුය. (නි)
ඒ ළමයාට කල උදවුවක් (දී)
ස්තුති ඔබට (දී)
ජනමාධ්‍යයට නොසැළී ඉදිරියටම යන්න මගේ සුභ පැතුම්! (නි)
උතුම් වැඩක් උතුම් තීරණයක් (දී)
මාධ්‍යවේදීන් විදින දුක දන්නේ ඒ රාජකාරිය කරන අපි වගේම මිනිස්සු තමයි. මාධ්‍යවේදින් බත් බැලයින් කියලා මිනිස්සු බනිනවා, ඒත් හිතට එකගව වැඩ කරනවා. ඒත් අනෙක් අය?? (නි)
ආයෙත් නම් පොල් ගෙඩි නැති වෙන එකක් නෑ. (ස)
අධිකරණයට තිබුණා බුද්ධිමත්ව පළවෙනි දවසෙම මේකට වනිවැරදි තීන්දුවක් දෙන්න. !!! (ස)
මොනවා කිව්වත් ලංකාදීප ඇතුලු සියලුම මාධ්‍යන්ට ආචාර කරනවා. ගොඩක් උතුම් වටින වැඩක් කළේ. ඔය දොස් ගණන් ගන්න එපා. (ස)
ජනමාධ්‍යට ස්තුතියි. මුලින් ම ඇයි හරි දේ තේරුනේ නැත්තේ?, මාධ්‍ය කියනකම්ම හිටියද ඒක මතක් වෙන්න (ස)
ළමයෙකුගේ ඉගෙනීම වෙනුවෙන් (දී)
මේ සිද්ධිය පුළුල් ලෙස ප්‍රචාරය කරලා අදාළ අංශවල අවධානය ලබාගෙන දැරියට යහපතක් කළ මාධ්‍යයට අපගේ ගෞරවනීය ප්‍රණාමය! අපි මෙය කිසිවිටෙකත් වරදක් ලෙස දකින්නවත් දැරියට අවමන් කරන්නෙවත් නැත. විදුහල සම්පූර්ණයෙන් තීන්ත ආලේප කරන්න අපි සූදානම් (ස)
ඒ වැඩේ වටිනවා (දී)
එතකොට ළමයාව වැරදිකාරිය කරලා හිරේ ඇරියා නම් පාසල් ගමන හරියනවද? කවුරු මොනවා කිවුවත් මම නම් ආඩම්බර වෙනවා අපේ මාධ්‍ය කරපු උත්තරීතර මෙහෙය ගැන. මේක රටට හෙලි නොකළා නම් අර අහිංසක කෙල්ල හිරේ යනවා. ජනපතිතුමා වුණත් දැනගත්තෙ මාධ්‍ය නිසානේ. කොහොම වුණත් මට නම් වෙලාවකට ලැජ්ජා හිතෙනවා අපේ රටේ නීතිය ගැන. පොල් හොරකමට 50000, ස්ත්‍රී දූෂණයට 10000. අවංකව හිතන්න. (නි)
වැරදි කරන්න හොඳයි. කියන්න,පෙන්වන්න තමයි හොඳ නැත්තෙ. (නි)
අපි සමාජයට ආදර්ශයක් වෙන්න ඉන්න ඕනේ (දී)
පින් සිද්ද වෙනවා (දී)
සිද්දිය සුළු නම් ඇප නියම කළේ විහිළුවටද ? (ස)
මහේස්ත්‍රාත්තුමා අහලා නැතුව ඇති පෑන කඩුවට වඩා බලවත් කියන කියමන. මාධ්‍ය වලින් වාර්ථා කරන සිදධි සුළුද නැද්ද කියන එක තීරණය කරන්නෙ මහජනයායි. (නි)
පුශ්නයක් මතුවෙන්න ඕනේ ප්‍රශ්නයක් විසදන්න. මේ දැරිය නිසා පාසැල්වල තියෙන යම් නාඩගම්වලට තීරණයක් ලැබෙයි වගේ.(නදී)
අසරණ කම තවත් අසරණ කරන්න එපා. එය ඉවත් කර ගත්තාට ඔබට පින් (දී)
ලංකාදීපෙන් කරපු හොඳ වැඩක් ! (ස)
මේක තමයි ලංකාවේ ප්‍රෝෆයිල් එක ,එක සිද්දියක් ඉවරයි .තව දහසක් වෙන්න තියනවා ,අපි ඉන්නේ ගිනිකන්දක් උඩ .(මේ ළමයාට ඇතිවූ මානසික වේදනාවට හා කම්පනයනට ලැබෙන වන්දිය මොකද්ද ?) (ස)
සියලු දෙනාටම ස්තුති (දී)
මේ සිද්ධියේදී ජනමාධ්‍ය ක්‍රියා කල ආකාරය අගය කල යුතුයි. අපි මේක දැනගත්තෙත් එසැණ පුවත් වලින්. (ස)
ඒ ළමයා කොහොමද නැවත සමාජයට මුහුණ දෙන්නේ (දී)
නිදොස් කොට නිදහස් කිරීම තමයි වැදගත්ම දේ (දී)
ඒ වැඩේ අගය කල යුතුයි (දී)
ලොකු දෙයක්, පින් සිද්ද වේවා (දී)
එතකොට වරද මාධ්‍යවලද? පුදුම කථානේ මේවා (ස)
නඩු දාන එක නොවෙයි කරන්න තිබ්බේ. ඒ ළමයට ඉස්කෝලේ ගෙනියන්න සල්ලි දෙන්න. එතකොට ඒ ළමයා නැවත සොරකම් කරන්නේ නැහැ (දී)
ඒ ළමයා ඒ හොරකම කලේ ඉස්කෝලෙට සල්ලි දෙන්න. පාසල් වල බල කිරීම තමයි මේකට හේතුව (දී)
සංඛ, මම හිතන්නේ ඔබත් ජනමාධ්‍ය හැදෑරුවා නම් මේ ගැන මීට වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන්. මාධ්‍යය නිවැරදිව වැඩ කළා. අපේ ප්‍රණාමය ලංකාදීපයට! දැන් මොකද ඔය නඩුව එයාල ඉල්ලා අස් කරගන්නේ? (නි)
ඒ ළමයාගේ අධ්‍යාපනය වෙනුවෙන් උදවු කරන්න (දී)
රුපියල් 320/= ට රුපියල් 50000/= දඩ? (නදී)
නඩුත් හාමුදුරැවන්ගේ පොලුත් හාමුදුරුවන්ගේ (ස)
මම නම් මේ සිද්දිය දකින්නේ වෙන විදියකට. මාධ්‍ය මොනවා හරි එකක් එල්ලගන්නවා. තමන්ගේ මාර්කටි එක හදාගන්න. ඉස්සැල්ලා අර අත කපපු දරුවා, ඊට කලින් රිසානාව අල්ලගත්තා. උසාවි යන එක අවශ්‍ය නැති වුනත් අනුන්ගේ යමක් කුමන හේතුවකට හරි අහන්නේ නැතිව ගන්නවා නම් ඒක වැරදියි. පොඩි කාලේ ඉදන් ළමයින්ට හරි වරද තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ වගේම අපේ නායකයොත් මේ වගේ සිද්ධීන්ට අවදානය යොමුකරලා ළමයි හොරකමිකරන්න පෙලඹෙන සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සහ ගන්න ඕනේ.(නදී)
සියලු දෙනාටම පින් (දී)
මාධ්‍ය මගින් කළ ප්‍රචාරය නිසා අනෙක් ළමයින්ට හරි සෙතක් වෙනවා. (නි)
මාධ්‍ය ම්‍ගින් ප්‍රචාරයක් දුන්න නිසා තමයි මේක මෙහෙම අවසන් වුණේ. (නි)
පොල් ගෙඩි 8කට 50000ක්? බලමුකෝ මහ හොරකම් වටල දෙන ඇපත්... (නි)
ලංකාදීපයට අපගේ ප්‍රනාමය. (නදී)
කන්ද කෙන්ද කළේ නඩුකාර මහත්තයාලම නේද ? ලංකාදිපෙට අපේ උපහාර! ලංකාදීපේ නැත්නම් මේ ළමයට ලොකු කරදරයක් වෙන්නේ. (නි)
මාධ්‍ය යනු මහජන අධිකරණයයි. (නි)
වන්දි ගෙවිය යුත්තේ අන් කවරෙක් වත් නොව තීන්තවලට සල්ලි එකතු කළ අයයි....(ස)