අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් අධිකරණයේ ප්‍රශ්න අවසන් නොවන බවත්, අගවිනිසුරුවරිය ඉවත් කිරීමෙන් ඇයට රැකියාව පමණක් අහිමි වන බවත්, එහෙත් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළු මූලික අයිතිවාසිකම් අහිමි වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍ර ධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
‘ආණ්ඩුවේ සපත්තුවට අධිකරණය යට කරගෙන තිබෙනවා. ජනපතිගේ ක්‍රියාකලාපය ධනවාදී සමාජයකටත් සතුරුයි. අද තත්ත්වය නම් පාර්ලිමේන්තුව අධිකරණය නොපිළිගැනීමයි. නීතිය වල් වැදී තිබෙනවා. පොලීසිය ඉදිරිපිටදීම මැරයන් පොළු රැගෙන අලුත්කඩේ උසාවිය ළඟට ආවා. ආණ්ඩුව අද කර ඇත්තේ ආචාරියාට වූ දේයි. එකක් කඩතොළු මකා ගන්නට ගිහින් කඩතොළු දහයක් පහළොවක් හදාගත් ආචාරියා සේ ආණ්ඩුව වැඩ කරනවා. අධිකරණයේ බලය රජය අතට ගැනීම ප්‍රශ්නයේ නිමාව නෙමේ. ප්‍රශ්නයේ ආරම්භයයි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවෙ මූලික ස්ථම්භ 3 ටම හානි වෙලා. එයින් සිදුවන්නෙ ජනතාවත් ජනතාවම ගොඩ නගපු ප්‍රජතන්ත්‍රවාදයත් අතර දුර වැඩි වෙන එකයි. (නි)
ප්‍රශ්න කවදාද ඉවර උනේ (දී)
ලංකාව ළගදීම සිම්බාබ්වේ රටක් වෙනවා. (නි)
ඉවර කරන්න උත්සාහ කරන්න ඕනේ (දී)
ඒ කියන්නේ තුවාලය සුද්ද නොකර බෙහෙත් දැම්ම වගේ කියලාද (දී)
ජනතාවගේ මූලික අයිතිවාසිකම් විතරක් නෙමෙයි, ජනතාවගේ ජීවත්වීමේ අයිතියත් අහිමි කිරීමට මූලික වුණේ කවුද කියලා අපි දන්නවා. (නි)
ඉවරකරන්න ඕනේ සාධාරණ විදහට (දී)
එහෙනම් කව්ද මේවට විසදුම් හොයන්නේ? (දී)
එහෙනම් මේකට අනිවාර්යෙන්ම විසදුමක් සොයන්න ඕනේ (දී)
තාම පටන්ගත්තෙත් නැහැ වගේ (දී)
බුදු දහම අනුව වැරදි කරන අයට දඩුවම් ලැබෙනවාමයි. (නි)
ඇයි? ප්‍රශ්න අවසන් වෙනවට එයාලා කැමති නැද්ද? (නි)
මොන පිස්සුද (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට මින්පස්සේ පාර්ලිමේන්තුවෙත් නඩු අහනවද? (නි)
කවදාවත් නැහැ . යටපත් වෙනවා විතරයි (දී)
කවදාවත් ඔය ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ (දී)
කොච්චර පිදුරු දැම්මත් ඇවිළෙන්නේ නැහැනේ... (නි)
ඔබ වැරදියි. මෙය පටන් ගැනීමක් නොවෙයි. මෙය පටන් ගෙන ගොඩක් කල්. හැබැයි මේක ඉවර වෙයි කියලා හිතන තැන හුගාක් භයානක වෙන්න පුළුවන්. (නි)
විසදුම් නැහැ (දී)
කොහොම හරි විසදුමක් ඕනේ (දී)
ඇත්ත (දී)
ඒක ඇත්තද (දී)
ඉවරවෙන ප්‍රශ්න කොහෙවත් නැහැ (දී)
අවසන් නොවෙන තරමටනේ කොහොමත් හොද. නේද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අපි මොනවා කරන්නද මහත්තයෝ? (නි)
දැන්වත් අපි සියල්ල එකතුවෙමු. (නි)
දේශපාලන ප්‍රශ්න වලට විසදුම් නැහැ (දී)
අනේ මන්දා (දී)
අනේ මන්දා (දී)
ඉවරයක් වෙන්නේ නැහැ (දී)
අපිට අතීතයත් හොදට මතකයි. (නි)