කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයේදී බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමට එරෙහිව කඩුලූ 3 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් වූ බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම අවු. 15 න් පහළ ‘පී‍්‍රමා’ කුසලාන දිනා ගැනීමට සමත් විය.
ලකුණු 267 ක ජයග‍්‍රාහී ඉලක්කය හඹායාමේදී, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 44 කදී ලකුණු 69 ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වූ බස්නාහිර (පළාත්) දකුණ කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක ලක්ෂිණ රුද්‍රිගු තරගයේ වීරයාට හිමි කුසලානය දිනා ගත්තේය. එම ලකුණු 69 ට අමතරව ලක්ෂිණ විසින් උඩ පන්දු 3 ක් රැකගන්නා ලද අතර දුවද්දී දවා ගැනීමකටද දායකත්වය සැපයීය.
අවිෂ්ක ප‍්‍රනාන්දු පන්දු 109 කදී ලකුණු 89 ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහු සමගින් එක්වූ රවිඳු සංජීව ලකුණු 26 ක් රැස් කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 79 ක සබඳතාවයක් පිහිටුවමින් ඉලක්කය සපුරාලීම සදහා මනා අඩිතාලමක් දැමීමට සමත් විය. අවසන් මහා තරගයේ දක්ෂතම පිතිකරු ලෙස අවිෂ්ක ප‍්‍රනාන්දුද දක්ෂතම පන්දු යවන්නා ලෙස අවිෂ්ක ජයලත්ද කුසලාන හිමි කර ගත්හ.
මාලිංග අමරසිංහ පන්දු 85 කදී ලකුණු 74 ක් ලබාගත්තේ 6 පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමේ පන්දු යවන්නන් 6 දෙනෙකු අතරේ කඩුලූ 1 බැගින් බෙදී ගියේය.
දකුණු පළාත් කණ්ඩායමේ අශේන් දිමන්ත තරගාවලියේ වීරයා බවට පත් වුණ අතර දකුණු පළාත් කණ්ඩායමේ කී‍්‍රඩකයන් වන වනිදු හසරංග සහ තිළිණ නිමේෂ් දක්ෂතම පිතිකරු සහ දක්ෂතම පන්දු යවන්නා බවට පත්වූහ.
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම - ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 266
(මාලිංග අමරසිංහ 74, නවෝද් කලනසූරිය 34, පූර්ණ චාරුක 33, නිසල් ප‍්‍රැන්සිස්කෝ 31, රහල් අල්විස් 21)
බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායම - ඕවර 46 කදී කඩුලූ 7 ක් දැවී 269
(අවිෂ්ක ප‍්‍රනාන්දු 89, ලක්ෂිණ රුද්‍රිගු 69, එම්. එන්. අක‍්‍රම් 28, රවිඳු සංජීව 26, දිලීප ජයලත් 43/3, රහල් අල්විස් 64/2)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd