තමා හමුදාපති වශයෙන් සිටියදී ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවසන් වූ බවත් බාලචන්ද්‍රන් මියගිය බව හෝ ඔහුගේ සිරුර හෝ හමුදාවට වාර්තා නොවූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද රාත්‍රී බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ සංදේශයට පැවසීය.
චැනල් ෆෝ රූපවාහිනියෙන් ද බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ පුවත්පත් වල ද අද පළවූ ඡායාරූප තුනක් ගැන සංදේශය ඔහුගෙන් ප්‍රශ්න කළේය. බාලචන්ද්‍රන් සිටින බංකරය හමුදා බංකරයකට සමානයැයි ද එම ඇදුමින්ම ඔහු මැරී සිටින බව තවත් පින්තූරයක් ඇතැයි ද සංදේශය ඔහුගෙන් විමසූ විට ෆොන්සේකා කීවේ එවැන්නක් සිදුනොවූ බව හා ඒ ගැන හමුදාවේ කිසිම වාර්තාවක් නැති බවයි. මේ ගැන පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්දැයි විමසූ විට ෆොන්සේකා කීවේ හමුදාවේ නොසිටියත් තමා සිටි කාලයේ සිදුවූ ඕනෑම දෙයක් ගැන නීත්‍යානුකූලව හා අපක්ෂපාතව පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා අයෙමත් ඉල්ලගෙන කන්න යන්නේ. රට ජාතිය පවා දෙන්න එපෝ. රජකම ඕනේනම් ඡන්දෙකින් දිනන්න ඔබට පුළුවන්. (ස)
අන්න හරි. මේ වගේ දේකදී එදිරිවාදකම් සහමුලින්ම අමතක කරල රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි. (ස)
මමත් දැක්කා ඡායාරූපය. තහනම් කළ වෙබ් අඩවියකින්. එක ෆොටෝ එකක ප්‍රභාකරන්ගේ පුතා බිස්කට් එකක් කමින් සිටිනවා. අනික ඒ බංකර් එක තුළම ඒ අවස්ථාවේදීනම් පපුවට වෙඩි තියලා මරළ දාල තියෙනවා (ස)
යුද්ධය අවසන් කාලෙදී ජෙනරාල් සරත් ෆොන්සේකා හිටියේ චීනයේ. අපි තමයි යුද්ධය මෙහෙයුවේ කියලා ගෙඩිය පිටින්න්ම වලදාපු අය නේද මේකට වගකියන්න ඕනේ (ස)
අනේ ආයෙත් කට වරද්දගන්න එපා. (ස)
රට වෙනුවෙන් කළ හොද ප්‍රකාශයක්. ඔබ තුමාට ස්තූතියි.
ඔන්න නියම ජාතික වීරයා, ඔබතුමාට ජයවේවා
ඔබතුමාට අපේ ප්‍රණාමය! මේ තමයි නියම සරත් ෆොන්සේකා! (නි)
මෙහිදී සරත් ෆොන්සේකා නියම සිංහල සෙන්පතියකුගේ එඩිතරබවත්, තම රටට, ජාතියට සහ තමන් සේවය කළ යුද හමුදාවට ඔහු තුළ පවතින ආදරයත් පෙන්වයි. මොහුට අසීමිතව වදදුන් අය අද ඉතා විශාල අවුලක පැටලී සිටින මොහොතක, පටු දේශපාලන පළිගැනීම් නොකර රටේ කීර්ති නාමය රැකදීමට එඩිතරව කළ ප්‍රකාශයට එතුමාට අපේ උපහාරයයි මේ. (නි)
නියම ජාති ද්‍රෝහියෝ දැන් හෙළිවෙන්න වගෙයි යන්නේ. (නි)
ආයෙමත් මොනවාහරි කරගන්නවද්ද හදන්නේ? (නි)
සදරුවන්, මේ මෝඩයෙක් වගේ අදහස් ප්‍රකාස කරන්න එපා. ඉස්සෙල්ලාම එතුමන් ප්‍රකාශ කරලා තියෙන උතුම් ප්‍රකාශය තේරුම් ගන්න. (නදී)
ආපහු මොකද වෙන්නේ.(නදී)
ජෙනරාල් කියලා දාන්න බැරිනම් අඩුම ගනනේ ෆොන්සේකා මහතා කියලා දාන්න.මේ මනුස්සයා මේ රටේ ජාතික වීරයෙක් කවුරු මොනවා කිවුවත්.(නදී)
ආයේ වෙට්ටුවක් දාලා ආණ්ඩුවට ප්‍රශ්ණ දාන්නද හදන්නේ.(නදී)
සදරුවන්, කොහේද මෙතන ලියැවිලා තියෙන්නේ ෆොන්සේකා රට විකුණලා කියලා. ඒ මනුස්සයා කියලා තියෙන්නේ දැන් හමුදාවේ නැතත්, තමා සිටිය කාලයේදි සිදුවුනු ඕනෑම දෙයක් ගැන කරුණු කියන්න සුදානමි කියලා. මේ ගැන නොදන්නා අය ජිනිවා නොයවා ෆොන්සේකා ඇතුලු කණ්ඩායමක් ජිනීවා යැවිවොත් නරකද? මොකද යුද්දේ කරපු උදවිය දන්නවා අරුන් අහන දේට දෙන්න ඕනා කරන උත්තර මොනවද කියලා අහන එවුන්ට උන්හිටි තැන් අමතක වෙන්නත් එක්ක.(නදී)
එදා වෙච්ච දේවල් දන්නේ එයා විතරයි. ගරහන්න එපා. පොන්සේකා ජාතිය වෙනුවෙන් කැපවුනු නිර්භීත නායකයෙක්.(නදී)
ඔබතුමා කවදත් වැදගත් උතුමාණෙනි. ජය වේවා! මමනම් හැමදාමත් ඔබ සමඟයි.(නදී)
මම සරත් ෆොන්සේකා මහත්තයාව අගය කරන්නේ ඔහු යුධ හමුදාවට දුන් විශිෂ්ට නායකත්වය නිසයි. (නි)
රට තුල ප්‍රශ්ණ ඇති කරන්න එපා.(නදී)
සරත් ෆොන්සේකා මහත්තයාණෙනි, රට බේරා දුන්නා මෙන් මේ රට යහමගට යවන්න. ඔබට පින්! (නි)
අනේ මහත්තයෝ ! ගෙදරට වෙලා හිටියා නමි හොදයි නේද?(නදී)
ආයේමත් පරණ කුනු අවුස්සන්නේ ඇයි.?(නදී)
බුදු පුතුන් කී දෙනෙක් නම් ප්‍රභා මැරුවද? ඒ ගැන කිසි කෙනෙක් කතා නැහැ. (නි)
එතකොට ඒ ළමයා හොදින් සිටිද්දී විතරද දැකලා තියෙන්නේ? (නි)
මිනිස්සු මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. සමහරු කියනවා යුද්ධය දිනුවේ ෆොන්සේකා මහත්තයා කියලා. සමහරු කියනවා එයා ඒ වෙලාවේ හිටියේ රට කියලා. සමහරු ජය වේවා කියනවා. තව සමහරු තව එක එක දේවල් කියනවා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ළමයෙක් නෙමේ සතෙක්වත් මේවගේ මරලාදානවට අපි විරුද්දයි ! ඒත් අද වෙනකන් ප්‍රභාකරන් ජීවත් උනානම් කීදෙනෙකුට මේවගේ මරනයක් අත්වෙයිද ?(නදී)
මෙය වගකිවයුත්තන් දැනසිටිය යුතුයි නේද? (නි)
ආයෙත් කූරු ගනිනන්න ආසා හිතිලා.(නදී)
මමත් දැක්කා ඡායාරූපය නව තාක්ෂනය අනුව පින්තුර සකස්කිරීම හරිම පහසුයි. කොටියට කඩේ යන ඕනෑතරම් අය ඉන්නවා. අපි කිසිදින ලක්මව පාවා නොදෙන්නෙමු.(නදී)
ප්‍රභාකරන්ගේ පුතා වෙනුවෙන් කිඹුල් කඳුළු සලන විදේශීය ජනමාධ්‍ය, දහස් ගණන් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බලෙන් පැහැරගෙන ගොස් කරේ සයනයිඩ් මාල දමනවිට ඇයි නිශ්ශබ්දව සිටියේ? අහිංසක සිංහල ගම්මානවලට පැන අතදරුවන් පොළොවේ ගසා මරණ කොට කොහෙද හිටියේ? ප්‍රභාකරන් අණදී තිබුනේ අතදරුවන් වෙනුවෙන් වෙඩි උණ්ඩ නාස්ති නොකරනු කියායි.(නදී)
ඔබතුමා ගැන ලොකු පැහැදීමක් තිබුනා. ඒත් බල තන්හාව ඔලුවට ගහපු එකෙන් ඒ පැහැදීම ඔබතුමාම නැති කර ගත්තා. දැන් ආයෙත් මොකක්ද කරන්න යන්නේ. පුතා නෙමේ ප්‍රභාකරන් නැගිටලා ආවත් ආයෙනම් ඉස්සර සෙල්ලම් බෑ.(නදී)
ත්‍රස්තවාදීන්ට කිසිදා දිනුම දිය නොහැකියි. (නි)
සදරුවන්ට වලිගේ පෑගිලා. යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
ඒ අහංසක ළමයව මරලා දාලා තිබුන විදිහ දකිනකොට ඕනෑම ළමයි ඉන්න මනුස්සයෙකුගේ හදවත් කඩාවැටෙනවා. බිස්කට් එකක් කමින් ඉන්න කොට අරන් තියෙන පින්තූරය එක්ක වෙඩි වැදිලා මැරිලා ඉන්න එන දැක්කම මාර දුකයි. කවුරු උනත් මොකුත් නොදන්න පොඩි ළමයෙක්නේ.(නදී)
යුද්ධය පරදින බව දැනගෙන පොඩ් එකා වෙඩි තියාගන්න ඇති.(නදී)
නියම මිනිහෙක්.(නදී)
එතුමා යුධ ජයග්‍රහණයට ඉහළින්ම දායක වූ බව අපිට පැහැදිලියි. (නි)
සදරුවන්, එස්.එප් හදන්නේ අපිව බේරගන්න. ඔයා වැරදියට හිතාගෙන ඉන්නේ.(නදී)
රටට ආදරේ කරන ජාතික වීරයෙක් කවදාවත් රට පාවලා දෙන්නෙ නැහැ. (නි)
ඔන්න දැන් දයස්පෝරාවට සරත් පොන්සේකා මහත්තයා ලොකු පට්ටපල් බොරුවක් හදන්න චාන්ස් එකක් දුන්නා. දැන් ඔව්න් කියාවි එල්.ටී.ටී එකට ප්‍රබාකරන් ගේ පුතා ඉන්නවා කියලා. ඔහු කලේ ලොකු වරදක් බව අපේ අයට තේරුම් යන්න ටික කලක් යාවි. ද්‍රවිඩ ජනතාවට හරි නායකත්වයක් පෙන්වන්න DIASPORA එකට අවස්තාවක් නැතුවයි හිටියේ සරත් පොන්සේකා මහත්තයා ඒකට අවස්තාවක් ප්‍රසිද්ධියෙ ලබා දීල තියෙන හැඩයි. (නදී)
මොකද මේ ප්‍රභාකරන්ගේ බාල පුතා ගැන විතරක් හොයන්නේ? (නි)
සදරුවන්, නියම යුධ වීරයන්ට අපහාස කරන්න එපා.(නදී)
ජෙනරල් කිව්වා තව කෙනෙකුට යුද්ධ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ප්‍රභාට තව උපන් දිනයක් සමරන්න දෙන්නේ නැහැ කියලා. එහෙමනම් දැන් කියන දෙයත් ඇත්ත වෙන්න ඇති.(නදී)
කාගේ වුණත් පොඩි දරුවෙක්නේ. (නි)
සරත් ෆොන්සේකා කියලා තියෙන දේ කිසි වරදක් නැහැ. නිවැරදි බව ඔප්පු කරන්න තියෙන හොඳම ක්‍රමය පරීක්ෂණ වලට මුහුණ දීම.. (නි)
මේවා සහගහන අපරාධ. අපි සිංහලද, දෙමළද කියන දේ අදාල නැහැ. කරපු අයට කවදා හෝ විදින්න වෙනවා නියතයි. මේ දරුවාට නිවන් සැප ලැබේවා ! (නි)
සදරුවන්, ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නැතුව, ඉස්සැල්ලාම ජෙනරාල් කියලා තියෙන්නේ මොකක්ද කියලා බලලා ඉන්න.(නදී)
ජෙනරාල් ෆොන්සේකා කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන චරිතයක්. අපේ රටේ අයට ඕවා තේරෙන්නේ නැහැ. (නි)
ජෙනරාල් බී.බී.සී එකට කතා කරන්න එපා. එයාලා එල්.ටී.ටී එකට පක්ෂවයි කටයුතු කරන්නේ හමුදාවට පක්ෂව කතාකරන්නේ නැහැ. අනිත් කාරණය තමයි ෂවේන්ද්‍ර සිල්වා තමයි යුද්ධය තිබුන දවස්වල මුලතිව් වල හිටියේ. ඔහු තමයි සත්‍ය දන්නේ.(නදී)
සදරුවන්ලා වගේ අය ඉන්නකල් අපිට ගොඩයන්න බැහැ. (නි)
රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු ඔබතුමන්ට බුදුන්ගේ සරණයි! (නි)
ශ්රී ලංකා ආමි අය කවදාවත් රබර් සෙරෙප්පු දාන්නෙ නැහැ. (නි)
සදරුවන්, ඔබ පුත්තලමේද? (නි)
සදරුවන්, ෆොන්සේකා මහත්තයා කවදාවත් රට පාවාදුන් කෙනෙක් නෙමෙයි. (නි)
කවුරු මොන දේ කිවුවත් ඔබතුමා අපට සම්පතක්. ඒක තමයි ඇත්ත. මුලදී ඔබතුමාට වැරදුණාට මේ පාර නම් වරදින එකක් නැහැ කියලා අපට හිතෙනවා. දැන් ඔබ ඉදිරියට තියපු කකුල ආයෙත් ආපස්සට නම් ගන්න හදන්න එපා. අපි වෙනදා වගේම අදත් හෙටත් ඔබතුමා සමගයි. ජය වේවා! (නි)
මෙතුමා කවදත් කෙළින් කතාකළා. ඇත්ත තිත්ත වුණත් ඇත්තනේ. (නි)
මහත්මයා, දැන්වත් අපේ රටට ආදරය කරමු. (නි)
වරදාන,පළිගැනීම් ඉදිරියේ අභිමානය රැකගත් රණවිරුවාණෙනි, ඔබට සදා ජය වේවා! (නි)
සදරුවන්, කට පරිස්සමින් කතා කළොත් හොදයි. (නි)
මෙතන ගොඩක් අය අදහස් පළකරලා තියෙන්නේ ප්‍රවෘත්තියෙන් කියන දේ හරියවට තේරුම්ගන්නේ නැතුවයි. (නි)
රූපසිංහ, ප්‍රභාකරන්ගේ පුතා මැරිලා බව මුළු ලෝකෙම දන්නවා. ජෙනරාල් කියන්නේ තමන් අනදුන් අවස්ථාවේ සිට යුද්ධය නිමකරනතුරු ඔහු මැරී නැති බවයි. මේක තේරුම් ගන්න බැරිද? ජෙනරල් ඔබගේ නිර්භීත ප්‍රකාශයට අපගේ ප්‍රනාමය.(නදී)
අපේ කස්ටිය ජෙනරාල් ෆොන්සේකා ට මඩ ගහන්නේ නැතුව හිතා බලා ප්‍රයෝජනවත් දෙයක් ලියන්න. මම ඊයේ වෙබ් සයිට් එකක තිබුණු පින්තුර තුනක් දැක්කා . දෙකක් පිරිමි ළමයෙක් බංකරයක වාඩිවී මොනවදෝ කන එකක් . අනික බිම වැටී තිබෙන පිරිමි ළමයෙකුගේ දේහයක්. වෙබ් සයිට් එක කියල තිබුන ෆොටෝ බාලචන්ද්‍රන් ගේ කියල. නමුත් කවුරුවත් කියල නැති දෙයක් මන් දැක්කා . බිම වැටී සිටින දේහය වෙඩි තියා මර දමපු එකක් නම් ඒ අසල ලේ විලක් වෙන්න ඕනේ. නමුත් අඩු ගානේ ලේ පැල්ලමක් වත් පෙන්න නෑ . අනික වාඩි වෙලා ඉන්න ලමයගේත් , වැටිලා ඉන්න ලමයගේත් මුහුණුවර ටිකක් වෙනස් වගේ. ඒ නිසා මට හිතෙන්නේ ෆොටෝ ටිකේ මොනවා හරි හොරයක් තියෙනවා කියල. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල පුටු වලට මේ ගැන අවදානය යොමු වේවා!(නදී)
බල තන්හාව උපරිමව ඔළුවට ගහලා වගේ.(නදී)
බුදු සරණයි! (නි)
ඒක කොහොමද හමුදාවෙ බංකර් එකක් වෙන්නේ? දෙවෙනි ඡායාරූපයේ පැත්තෙන් ඉන්න කෙනා ඇඳගෙන ඉන්නෙ කොටි නිල ඇදුමක්නේ. (නි)
මොන දේ වුණත් ලාංකිකයින් ලාංකිකයින්ට ආදරෙයි. (නි)
අපේ රට යන්නේ කවදාවත් ගොඩගන්න බැරි ආගාධයකට. (නි)
ඔය හදන්නේ යමෙක් මත වැරැද්ද පැටවීමට නොවේ නම් ඔබට ජය! (නි)
සදරුවන්, හැම දේම දේශපාලන ඇසින් බලන්න එපා . ජෙනරාල් තුමාකොහොද තියන්නේ රට පාවාදෙන රැස්වීමත්.(නදී)
ලබන 2014දී තව මොන මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
මිනිහෙක් ඇත්ත කියනකොට ඇයි රට පාවලා දෙනවා කියන්නේ.(නදී)
මෙතුමගේ කෙලින් කතාව බලන්න පුළුවන් හමුදාපති කාලේ කරපු වීඩියෝ බැළුවොතින්.(නදී)
ප්‍රභාකරන් කියපු එක කතාවක්නම් හරියට හරි. "සිංහලුන්ට තියෙන්නේ බොහොම කෙටි මතකයක්".(නදී)
නියම වීරයෙකුගේ ගතිය තමයි අවශ්‍ය තැනට අවශ්‍ය දේ කිරීම.(නදී)
මේ ගැන එප්.බී එකෙන් ප්‍රචාරයක් යනවා හිටු කියලා. ඒ ප්‍රවෘත්තියට පක්ෂව ප්‍රතිචාර බොහොමයි. නමුත් මේ අවස්ථාවෙදි පක්ෂ, පාට නොතකා එකාමෙන් රටවෙනුවෙන් නැගී සිටිය යුතුයි.(නදී)
මේක එල්.ටී.ටී.ඊ. බංකරයක්. ඒක 100%ක් විශ්වාසයි. (නි)
එස් එෆ්ට ගොඩ එන්න හොඳ අවස්ථාවක්. (ත)
මේ පින්තූර තුන දකින මිනිසුන්ට පේනවා ළමයා මැරෙන්න කලින් ඇදපු කොට කලිසමයි මැරුනට පස්සේ තියෙන කලිසමයි පාට දෙකක්?(නදී)
මේ වගේ වෙලාවක, මේ වගේ ප්‍රශ්ණයකදි රට වෙනුවෙන් ඔබ තුමා ඉන්න බව අපිට විශ්වාසයි.(නදී)
අන්න නියම වචනයක් කිව්වා. රට පෙරට.(නදී)
ඒ පාර මොකක්ද වෙන්න යන්නේ.(නදී)
සදරුවන්, ඔයාලා වගේ අය රටට බරක්. එතුමා කියලා තියෙන්නේ අවංකවම. ලෝකය ඉදිරියේ අපේ ප්‍රතිරූපය පෙන්වන්න ඕනේ එහෙම තමයි. දැනට මේ රටේ නාස්තිය, දූෂනය බෙරගන්න පුලුවන් එතුමට විතරයි.(නදී)
මේක ඉන්දියාවේ හෝ කොහේ හෝ නිර්මාණය කල ඡායාරූපයක්. චැනෙල් 4 වීඩියෝ එකෙත් මේ වගේම කපටි විදිහට සිංහල වචන ඇතුලුකරලා තිබුනා. මෙතන යන්තම් යුධ හමුදා නිල ඇදුමක් පේන්න දාල තියනවා. එතකොට මිනිස්සු සැකකරන නිසා. මේක හොද රගපෑමක් .(නදී)
මමත් ඔය පින්තූරය විදේශ රටකදී දැක්කා. පින්තූරය යුද්ධය ගැන දන්න කෙනෙකුට පිලිගත නොහැකි එකක්. ජෙනරල් හරියට හරි. තවමත් පරන හමුදාපතිමයි. යුද්ධය කාලේ සිදුවූ හැමදෙයකටම එතුමා මුහුණ දෙන්න සූදානම් බව කියනවනේ. එතුමට ජයෙන් ජය ලැබේවා!(නදී)
ඇත්ත කියන එකට ඔබතුමාට ගොඩක් පින්. මොකද ඔබත් රණවිරුවෙක්. අද නිදහස් කියන එකට ඔබත් ඉන්නවා. ඒ නිසා හැමදේම අමතක කරලා රට ගැන හිතන්න.(නදී)
ලංකාවට ආදරය කරන සැබෑ වීරවරයාණෙනි, ලාංකික හැමෝම ඔබතුමාට ණයගැතියි. (ත)
සදරුවන් ඔබලා වගේ අය අද දේශපාලන කරලියෙත් ඉන්නේ. එකම දේ කියාගෙන අවුරුදු ගානක් බලයේ ඉන්නවා. මෙතුමගේ උදව් ඇතුවයි ත්‍රස්තවාදය ඉවර කලේ. ඒක අද අපේ ජනතාවට අමතක වෙලා.(නදී)
මෙතන සමහර අය අදහස් දාලා තියෙන්නේ වෙන්නේ මොකක්ද නොදැන. පොන්සේකා කියන නම දැක්කම ඔහේ හරක් වගේ බනිනවා. මෙතුමා හදන්නේ ජාත්‍යන්තර ප්‍රශ්ණයකින් රට බේරාගන්න. අදහස් දාන්න පෙර ලිපිය කියවන්න.(නදී)
සතුරු බංකරයකට පහර දෙනකොට ඕවා බලන්න කාටද පුළුවන්.(නදී)
පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න වෙයි. (ත)
සදා අපි ණයගැතියි අපේ රට බේරාගත් රනවිරුවානන්ට. (ත)
මෙතන හොඳම නම කිව නොහැකි අයෙක් තේරුවොත් ඒ තැන සඳරුවන් ඔබට හිමිවෙනවා නියතයි. මගේ සුබපැතුම්.
කවුරු මොනවා කිව්වත් ප්‍රභාකරන්ගේ පවුලේ සියළු අය යුධයේදී මොන ක්‍රමයකින් හරි නැසී ගොස් කියන එක අපට පිළිගන්න වෙනවා .යුද්ධය ඕන කලේ අපට නොවෙයි නේ .අවි ගත්තෝ අවියෙන්ම නසිති. අවිහිංසාවාදී යුද්ධයක් ලෝකයේ කොහෙවත් සිදුවී නැත .අපට බන කියන රටවල් යැපෙන්නේ යුද්ධයෙන් .යුද්ධ නැවත ඇති නොවන තැනට අප වැඩකළ යුතුය.(නදී)
දරුවානම් පව් තමයි. ඒත මෙයාගේ තාත්තා අපේ දරුවෝ කොච්චර නම් මැරුවද?(නදී)
පොන්සේකා විශ්‍රාම යන්න හිටියේ 2005. ජනාධිපතිතුමයි දූර කාලය දික්කරලා දක්ෂයාගෙන් වැඩ ගත්තේ. අන්තිමට ජ.වි.පෙ ලනුව කෑවා. කරන්න දෙයක් නැහැ.(නදී)
අභීත රණවිරුවෙක් වන ඔබතුමා රටට ශක්තියක්. (නි)
නිමල්, මම ණයත් නැහැ. බයත් නැහැ. මමත් මේ සියලු ජයග්‍රහණ වල අභිමානවත් කොටස්කරුවෙක්. (නි)
යම් දිනයක ඇත්ත හෙළි වේවි. දැන් ඊට අඩිතාලම වැටීගෙනයි යන්නේ. (නි)
සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධ කරන්න නම් දක්ෂයි තමයි. (නි)
උපතින්ම අන්ධවූ නීතියේ අත් පා බිඳදැමූ කල, හොරාගේ අම්මගෙන් නඩු අසා පාළු ගෙයි වළං බිඳින්නට කාගේ තහනමක්ද? (නි)
අබුද්දස්ස කාලේ.... (නි)
මොකටද ඕවා කියන්න ගියේ (දී)
කිසිදා අප ඔබ හැර නොයනෙමු (දී)
ඔබතුමා ඇත්ත කියන්න (දී)
ඔබ තුමා සිංහයෙක් වගේ (දී)
නැවතත් ෆොන්සේකා මහත්තයගෙන් දරුණු ප්‍රකාශයක් (දී)
බුද්ධියක් තිබෙන මිනිහෙක්ට ජෙනරාල් ෆොන්සේකාගේ වචන වලින් තේරුම් ගන්න පුලුවන් අවංක බව.රට හදන්න පුලුවන් එකම කෙනා එයා තමයි. (නි)
මොනවාද මේ කරන වැඩ මහත්තයෝ (දී)
සදරුවන් ගැන එච්චර හිතන්න එපා. (නි)
පොන්සේකා මහත්තයගේ සුදුකොඩි කතාව නිසා අපි මේ වගේ වලකට වැටුනේ. බල තන්හාවයි, ජේ.වී.පී එකේ ලණු කාලයි හමුදාවේ කොල්ලෝ පන දීලා ගත්ත ජයග්‍රහණය නැති කළේ මෙයා. දැන් මෙතුමව කව්රුත් ගනන් ගන්නේ නැති නිසා කොහොම හරි පරික්ෂන කටයුත්තක් කියලා මොන මොන දේවල් කියලා තව වැඩ අවුල් කරයිද දන්නේ නැහැ.(නදී)
අයියෝ මහත්තයෝ (දී)
එතකොට කෝ ඒ ළමයා (දී)
සත්‍ය කියන්න මොකටද බය වෙන්නේ (දී)
මට නම් තේරෙන්නේ නැහැ කොහෙන් කෙලවර වෙයිද කියල (දී)
ඉතා ප්‍රබල කියමනක් (දී)
පොන්සේකා මහත්තයා කවදාවත් රට පාවලා දුන්නෙ නැහැ. නමුත්...?? (නි)
කොහේද යන්නෙ අනේ? මල්ලෙ පොල් මෙයා. (නි)
ප්‍රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නැහැ කියන්නේ මැරිලා නෑ කියන එකද? මාතර සුදා අල්ලන්න පොලිසිය ගියා වගේ මේකත් පොලිසියට බාර දෙමු.(නදී)
ප්‍රවීන්, නිකන් නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. (නි)
ඔබ කිසිදා සත්‍ය කියන්න පසු බැස්සේ නැහැ (දී)
හිටපු හමුදාපතිතුමාට ජය ශ්‍රී! (නි)
සදරුවන් කියන ඒවාට කලබලවිය යුතු නැත.(නදී)
ඔච්චරම නිවැරදි කියලා හිතනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට බය මොකද?මුහුණ දෙන්න වුණත් පුලුවන්නේ. නේද? (නි)
මහා ආන්දෝලනයකය තුඩු දුන් කතාවක් (දී)
මම කියන්නෙත් අවලා කියන එක හරියි කියලා තමයි. (නි)
ඉසුරන්දි-දෝහා වලින් අප සමඟ කතාබහට එකතුවන ඉසුරන්දි ගේ අදහසම මමත් දරමි. මොකද මේ අවස්ථාවේදී අපි පිල් බෙදී ඇණ කොටා ගන්න නරකයි. එකෙන් වෙන්නේ ප්‍රතිවාදී බටහිරයන්ට අප විසින්ම හොඳ අවස්ථාවක් ලබා දීම. මේ අවස්ථාවේදී අප සිදු කළ යුත්තේ වාද විවාද පිල් බෙදී කා කොටා ගැනීම නොවේ. අපි අතර මොන ප්‍රශ්න තිබුණත් අපි ඒවා ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කරන්න මේක හොඳ වෙලාවක් නෙවෙයි. මේ රටේ ත්‍රිවිධ හමුදාවට සේනාධිනායකත්වය සපයන අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම ගරු ආරක්ෂක ලේකම් තුමාට පක්ෂපාතීව රට ගැන අවංකව හිතලා තීරණ තීන්දු ගත යුතු ඉතා තීරණාත්මක හා බැරෑරුම් අවස්ථාවක අපි ඉන්නේ. ඒ නිසා අපට පළමුව රට ගැන හිතා සියළු වාද භේද ඉවතලා අප සමඟ අවංක අදහසින් එකතු වන මෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා අතිගරු ජනාධිපති තුමා සමඟ එක්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ දෙපල එක්ව සිටීම මේ රටේ සාමය සමඟිය අගයන අහිංසක පුරවැසියන් වශයෙන් අපගේ පැතුමයි. ඔබ දෙදෙනා දෙපසට කලේ මේ රට විනාශ කරන්න කැස කවාගෙන ඉන්න මේ රටට වින කරන ජාත්‍යන්තර බලවේග. ඒවා පරාජය කරන්න නැවත වරක් ඔබ දෙපළට එක්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.(නදී)
දොහා වලින් ඉසුරන්දි කියන විදිහට මේ ගැන එප්.බී එකෙන් ප්‍රචාරයක් යනවා හිටු කියලා. ඒ ප්‍රවෘත්තියට පක්ෂව ප්‍රතිචාර බොහොමයි. නමුත් මේ අවස්ථාවෙදි පක්ෂ, පාට නොතකා එකාමෙන් රටවෙනුවෙන් නැගී සිටිය යුතුයි.යන අදහසට මමත් ගරු කරමි. මොකද මමත් ඇහුවා ඒ බොරු ප්‍රචාර. ඒ හැම විදේශ බලවේගයක්ම දැන් උදව් කරන්නේ බෙදුම්වාදයට බව මේ රටේ සාමාන්‍ය මහජනතාව තේරුම්ගත යුතුයි. මොකද අප අපේ රටට විරුද්ධව විශාල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේ මොහොතේදීත් ක්‍රියාත්මක වෙනවා. අපේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හට බොරු අසත්‍ය චෝදනා එල්ල කරලා අධෛර්යමක් කරලා මේ රට විනාශය කරා ගෙන යන්න ජාත්‍යන්තරයට ඕන වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර බලවේග ඕනම දෙයක් කරාවි. අපි මේ මොහොතේ කොන්දේසි විරහිතව වහාම එකතුවෙලා අපේ පොදු සතුරාව පැරදවිය යුතු මොහොතක් අප ඉන්නේ කියලා ඔබ සැම සිහි තබාගත මැනවි. තෙරුවන් සරණයි !(නදී)
අපි හැමෝම අපේ රට වෙනුවෙන් කතා කළ යුතුයි. (නි)
බලමුකෝ ඔක්කොම එකතුවෙලා සටන අවසන් කරපු අයට මොකද කරන්නේ කියලා. හැම රටකම ඉන්න සිංහල හඬ ඔයිටවඩා බලගතුයි කියලා ඒ අයට දකින්න පුළුවන්වෙයි එතකොට (ස)
ප්‍රභාකරන් එතකොට ලංකාවේ පුත්තු කී දෙනෙක් නම් මැරුවද? (නි)
ඔබතුමා මෙහෙම කතා කිරීම අපිට ලොකු සතුටක්. (නි)
රට විනාශ කළ අය ගැන දුක් වෙනවා. එහෙත් රට වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පුජා කළ අය ගැන ජිවිත කාලේම කැප කළ අය ගැන කතාකරන්න කවුරුත් නැහැ. ප්‍රබාකරන් ගැන කතාකරන කාලේ පහු වුණා.දැන් අලුත් විදියට හිතන්න ඕනෑ කාලේ ඇවිල්ලා. ආයෙත් මේ රට විනාශ කරන්න ඉඩ දෙනකල් ලාංකිකයෝ බලා ඉන්නේ නැහැ කියලා විශ්වාසයි. (නි)
හරිම සංවේදී දසුනක්. (නි)
එතකොට කලින් මියගිය අපේ ළමයි? (නි)
ප්‍රවෘත්තියත් සමග ඔය ඡායාරූප තියෙන තැනට ලින්ක් එකකුත් දාන්න බැරිද? (නි)
ජෙනරාල්ට ස්තුතියි! (නි)
අරන්තලාවේ පුංචි සාමනේර හිමිවරුන් ඝාතනය කරපු පින්තූර ට්ක බලන්න. එතකොට වෙනස තේරෙයි.(නදී)
මොකද්ද මේ එක පාරටම ඇදිලා ආපු කතාව (දී)
මමත් මගේ හිත පිරෙන්නම අපේ රටට හරියට ගරු කරනවා. ඒ වගේම මේ මොහොතේදී සියළු දෙනාටම රට ගැන හිතලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. (නි)
මම නම් ලංකාවේ සිංහල පත්තර බලනේනේම නැහැ. සිංහල පත්තර වලින් කියවන්නේම ලංකාදීප විතරමයි. මොකද ඒකේ සමබර ප්‍රවෘත්ති පළවෙන නිසා. අද බොරුවට සිංහල බෞද්ධයෝ පිළිබඳව කතාබහ කරන සිංහල බෞද්ධ පුවත් පත් යැයි ඔවුන් විසින්ම ලේබල් ගහගෙන ඉන්න සමහර පුවත්පත්වලින් සිදු කරන්නේම ජාතික සමඟියට බාධාකාරී වන වැඩ. නමුත් මම හිතන විදිහට මේ වගේ ප්‍රශ්නයකදී පටු අදහස් හා ආත්මාර්ථකාමී පුද්ගලික න්‍යාය පත්‍ර ඉවතට දාලා කවුරු කවුරුත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඉතාම හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ඔය ඇත්තමද (දී)
ඔබ හරි කුමාර, බොදු බල සේනාවට කියන්න තවත් හිස්බුල්ලා එකක් හදන්න එපා කියලා.(නදී)
හිටපු හමුදාපති තුමයි, ජනාධිපතිතුමයි දෙපැත්තකට නැතුව එක් පැත්තකට වෙලා රටගිනියනවා නම් අපි කැමතියි. ජීවත් වෙන ට්ක කාලේ හොදක් කරමු.(නදී)